leader s

ආජන්ටිනාව හා ස්පාඤ්ඤය හෙට තරග කරන්නේ පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට පමණක් නෙවෙයි.

ඔවුන් වටිනා මුදු ලබා ගැනීම සඳහාත් සටන් කරනවා.

පළමු වතාවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ඔවුන්ගේ ශූරතාවලියක් සැමරීම පිණිස මුදු පිරිනැමීමට සූදානම් වනවා.

ශූරතාවක් දිනා ගන්නා කණ්ඩායම්වලට මුදු ප්‍රදානය කිරීමේ උතුරු අමෙරිකානු ක්‍රීඩාවේ සම්ප්‍රදාය 19 වැනි ශතවර්ෂයේ පසු කාලය දක්වා ඈතට දිව යනවා. එහෙත් මෙය ලෝකයේ අනෙකුත් රටවලට පොදු දෙයක් නෙවෙයි. අමෙරිකාවේ පැවැත්වෙන මේ ලෝක කුසලාන අවසාන තරගයත් සමග ගෝලීය පාපන්දු පාලකයින් ගන්නා මේ පියවර ඒ සම්ප්‍රදායට කැමැත්ත පළ කිරීමක් බව පෙනෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සුපුරුදු පරිදි රන් පදක්කම් හිමි වන අතර දැන් මේ අලුත් පියවරත් සමග එම කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරුට තරගය අවසන් වූ සැනින් තාවකාලික මුදු ද ලැබෙනවා. අවසානයේදී, ජයග්‍රාහී කණ්ඩායමට ඔවුන් වෙනුවෙන් සෑදූ මුදු 30ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එම මුද්දේ එක් පැත්තක ලෝක කුසලානය දිස්වනු ඇති අතර අනෙක් පැත්ත ජයග්‍රාහී කණ්ඩායමේ හැඳිනුම පිළිබිඹු කිරීම පිණිස නිර්මාණය කරනු ඇතැයි FIFA ප්‍රකාශ කරනවා.

වර්ෂය සංකේතවත් කිරීම පිණිස සාදනු ලබන්නේ මුදු 2,026ක් පමණක් වන අතර සෑම මුද්දක් ම තනි තනි වශයෙන් අංක සටහන් කර, ඒ ඒ ක්‍රීඩකයාගේ ඇඟිල්ලට සරිලන පරිදි නිමවා ඒවායේ සත්‍ය බව තහවුරු කරන සහතික පත්‍රයක් ද සමග බාර දීමට සැලසුම් කර තිබෙනවා. ඉතිරි මුදු 1,996 මහජනතාවට අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

මේ මුදු සඳහා යන වියදම පිළිබඳව FIFA ප්‍රකාශ කර නැහැ

ශූරතාවේ මුදුවල සම්ප්‍රදාය අවම වශයෙන් 1893 වර්ෂයේදී මොන්ට්‍රියල් හොකී සමාජයට ඩොමිනියන් හොකී අභියෝග කුසලානය පිරිනැමුනු අවස්ථාව දක්වා විහිදී තිබෙන බවට විශ්වාස කෙරෙනවා. එය දැන් හඳුන්වන්නේ ස්ටැන්ලි කුසලානය නමින්. මුදුනේ කුඩා හොකී පිත්තක් අලවා තිබූ සාමාන්‍ය අත්පටි ද ඒ කණ්ඩායමට ප්‍රදානය කර තිබෙන බව පැවසෙනවා.

ලොව ප්‍රධාන සහ වෘත්තීය බේස්බෝල් හා බාස්කට්බෝල් කණ්ඩායම් ද 1920 ගණන්වල සිට ශූරතා මුදු ලබා ගෙන තිබෙනවා.

සමහර කීර්තිමත් ක්‍රීඩක සමූහයන් (Halls of Fame) ද ඔවුන්ගේ සාමාජිකයන්ට මුදු පිරිනමා තිබෙන අතර අමෙරිකානු ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ලෝක වේදිකාවේ ඔවුන්ගේ රට නියෝජනය කිරීමේදී ලැබෙන පැකේජයේ කොටසක් වශයෙන් මුදු ලබා ගෙන තිබෙනවා.

අමෙරිකාවේ වෘත්තීය ක්‍රීඩාවන් මෙන්ම කොලේජ්, උසස් පාසල් හා යොවුන් ක්‍රීඩාවලදී පවා එම ශූරතාවලියන් සිහිවීම පිණිස මුදු ප්‍රදානය කිරීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්