leader s

මීට දෙවසරකට පෙර බර්ලින් නගරයේදී යුරෝපීය පාපන්දු ශූරයින් ලෙස කිරුළු පැළඳූ ස්පාඤ්ඤය දැන් ආජන්ටිනාව ගෝල් 1-0කින් පරදවා ලෝක කුසලාන පාපන්දු ශූරයින් බවට පත්ව සිටිනවා.


2010 වසරේදී ද ස්පාඤ්ඤය මේ වික්‍රමය මේ ආකාරයෙන් ම සටහන් කළේ 2008 යුරෝපීය කුසලානය දිනා ගෙන වසර දෙකකට පසුව ලෝක කුසලානය ජයග්‍රහණය කරමින්.

ස්පාඤ්ඤයේ මේ අලුත්ම සාර්ථකත්වයෙන් පිරිමි හා කාන්තා ලෝක පාපන්දුවේ ඔවුන්ගේ ආධිපත්‍යය තවදුරටත් සිදුවෙමින් තිබෙන බව පෙන්නුම් කරනවා.


2023 වසරේ සිඩ්නි නුවරදී කාන්තා ලෝක කුසලාන පාපන්දු අවසාන තරගයේ එංගලන්තය අභිභවා ගිය ස්පාඤ්ඤය දැන් එකම කාලයේදී පිරිමි හා කාන්තා ලෝක කුසලාන පාපන්දු ශූර ශූරියන් බවට පත්වූ පළමු රට ලෙසින් වාර්තා පොතට ඇතුළු වී සිටිනවා.

එපමණක් නෙවෙයි. ස්පාඤ්ඤ පිරිමි කණ්ඩායම 2023 වසරේදී නේෂන්ස් ලීගය හා 2024 වසරේදී ඔලිම්පික් රන් පදක්කම දිනා ගත් අතර ස්පාඤ්ඤ කාන්තා කණ්ඩායම 2024 හා 2025 යන වසර දෙකේ ම නේෂන්ස් ලීග් ජයග්‍රාහිකාවන් වුණා.

ඇත්තෙන්ම, පසුගිය වසර පහේදී ස්පාඤ්ඤය දැන් විස්මිත අයුරින් වයස අවුරුදු 17න් පහළ සිට ජ්‍යෙෂ්ඨ මට්ටම දක්වා ලෝක හා යුරෝපීය පාපන්දු ශූරතා 16ක් දිනා ගෙන තිබෙනවා.

ස්පාඤ්ඤ ජයග්‍රහණ


* කාන්තා පාපන්දු (ශූරතා 11ක් 2022-2026)
* ජ්‍යෙෂ්ඨ - ලෝක කුසලානය (2023), නේෂන්ස් ලීගය (2024, 2025)
* අවුරුදු 20න් පහළ - ලෝක කුසලානය (2022)
* අවුරුදු 19න් පහළ - යුරෝපීය ශූරියන් (2022, 2023, 2024, 2025, 2026)
* අවුරුදු 17න් පහළ - ලෝක කුසලානය (2022), යුරෝපීය ශූරතාවලිය (2024)
* පිරිමි පාපන්දු (ශූරතා 5ක් 2022-2026)
* ජ්‍යෙෂ්ඨ - ලෝක කුසලානය (2026), යුරෝපීය ශූරයින් (2024), නේෂන්ස් ලීග් (2023)
* අවුරුදු 23න් පහළ - ඔලිම්පික් රන් පදක්කම (2024)
* අවුරුදු  19න් පහළ - යුරෝපීය ශූරයින් (2026)

ලුවිස් ඩෙලා ෆොන්ටේ

ස්පාඤ්ඤය 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ලුවිස් ඩෙලා ෆොන්ටේ (Luis de la Fuente) ඔවුන්ගේ ප්‍රධාන පාපන්දු පුහුණුකරු වශයෙන් පත් කරන විට ඔහු නේෂන්ස් ලීගය (2023), යුරෝපීය ශූරතාවලිය (2024) හා ලෝක කුසලානය (2026) මෙතරම් ටික කලක් ඇතුළත දිනා දෙනු ඇතැයි අපේක්ෂා කළේ ඉතාමත් කිහිප දෙනෙකු පමණයි.

ඒ වන විට ස්පාඤ්ඤය කටාර් ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 වටයෙන් මොරොක්කෝව විසින් ඉවතට විසිකර තිබූ අතර ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයට නව පුහුණුකරුවකු අවශ්‍යව තිබුණා.

එය ලොකු අවදානමක් ගැනීමක් බවට පත්ව තිබුණේ පසුගිය පිරිමි යුරෝපීය ශූරතාවලියන් පහෙන් තුනක් (2008, 2012, 2024) දිනා ගෙන සිටි ස්පාඤ්ඤය ඩෙලා ෆොන්ටේ විසින් බාර ගන්නා විට ඔහු ප්‍රධාන පාපන්දු සමාජයක පුහුණුකරු ලෙස කටයුතු කර නොතිබූ බැවින්.

ස්පාඤ්ඤය දැන් සියලුම තරගාවලියන් හි ඔවුන්ගේ අවසාන තරග 38දී ම ජයග්‍රාහකයන්ව සිටින අතර මෙය පාපන්දු ඉතිහාසයේ යුරෝපීය හෝ දකුණු අමෙරිකානු කණ්ඩායමක එදා මෙදා තුර දීර්ඝතම අපරාජිත ගමන වනවා.

දීප්තිමත් අනාගතයක් පෙන්නුම් කරන ස්පාඤ්ඤයේ පාපන්දු ආධිපත්‍යය තව බොහෝ කලක් පවතිනු ඇතැයි පාපන්දු විශාරදයින් විශ්වාස කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්