leader s

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන තරගයෙන් පසුව ලොකු සණ්ඩුවක් ඇතිවුණා.



තරගයේ අවසන් විසිල් හඬ නිකුත් වනවාත් සමගම පරාජිත ආජන්ටිනා කණ්ඩායමේ කෝපය පුපුරා යමින් ඔවුන්ගේ ක්‍රීඩකයින් වන ලීඇන්ඩ්‍රෝ පැරඩිස් හා තියාගෝ අල්මාදා ස්පාඤ්ඤ සුපිරි ක්‍රීඩක ගාබී වෙත කඩාපැන්නා.    

ජයග්‍රහණය සමරමින් සිටි සිය කණ්ඩායමේ සගයින් සමග එක්වීම සඳහා පිටියට දිව එමින් සිටි එක් ස්පාඤ්ඤ ආදේශ ක්‍රීඩකයෙකුට ආජන්ටිනා ක්‍රීඩක නවෙල් මොලීනා පහරක් එල්ල කිරීමත් සමග තත්ත්වය තවත් උණුසුම් වුණා.

පැරඩිස් ද කෝලාහලයට එක්වෙමින් ගාබී ට අතින් පහර කිහිපයක් එල්ල කිරීමේදී ඔහු බිම ඇද වැටුනා. මීට දඬුවමක් වශයෙන් තරග විනිසුරු පැරඩිස් ට රතු කාඩ්පතක් නිකුත් කළා. පැරඩිස් හා ගාබී ගහ ගත්තේ හරියටම සහාය විනිසුරු ඉදිරියේ.

ආජන්ටිනා ප්‍රධාන පුහුණුකරු ලයනල් ස්කලෝනි ද තරගයෙන් පසුව හටගත් මේ කලහයට එක්වුණා. ඔහුගේ කණ්ඩායමෙන් තරගයේ මිනිත්තු 120 පුරාම දිස්වුනේ දුර්වල ක්‍රීඩාවක්.

අවසානයේදී දෙපිලේ ම ක්‍රීඩකයින් හා කාර්ය මණ්ඩලය ද මේ ගුටි හුවමාරුවට එක්වුණා.

අමෙරිකාවේ මෙසේ සිදුවෙද්දී ආජන්ටිනාවේ බුවනොස් අයිරස් නගරයේ හටගත් ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී දුසිමකට වැඩි පුද්ගලයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනා.

තමන්ගේ ආදරණීය ක්‍රීඩකයා වන මෙසීගේ අවසාන ලෝක කුසලාන තරගය නැරඹීම පිණිස ජනතාව දහස් ගණනින් අගනුවරට රොක්ව සිටියා. සාමකාමීව සිටි සෙනඟ ආජන්ටිනාව පරාජය වීමත් සමග ප්‍රචණ්ඩ වුණා.

ගුටි බැට හුවමාරුව හට ගත්තේ වැදගත් ඉසව් පවත්වනු ලබන Obelisk නමැති ජාතික ස්මාරකය ආරක්ෂා කිරීම සඳහා දමා තිබෙන වැට පැනීමට පුද්ගලයින් උත්සාහ කළ අවස්ථාවේ. එතැන් පටන් මිනිත්තු 20ක් පමණ ගැටුම් පැවති අතර එහිදී ක්‍රීඩා ලෝලීන්ගේ විශාල කණ්ඩායමක් පොලිසිය වෙත වීදුරු බෝතල් හා වෙනත් දේවල් විසි කළා.

කෝපයෙන් සිටි සෙනඟ විසිරුවා හැරීම පිණිස පොලිස් භටයින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරවලින් ප්‍රතිචාර දැක්වූවා. අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇතැයි වාර්තා වනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් බාධා

මේ අතර, නිව් ජර්සි නගරයේ මෙට්ලයි‌ෆ් ක්‍රීඩාංගණයේ පැවති අවසාන තරගයෙන් පසුව පැවති සමාප්ති උත්සවයේදී කැමරා රාමුවේ රැඳී සිටිමින් තමන් වෙත අවධානය යොමු කර ගැනීමට සිය උපරිම උත්සාහය දැරූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඒ අරමුණේ යම් සාර්ථකත්වයක් ද ලබමින් ස්පාඤ්ඤ ක්‍රීඩකයින් ජයග්‍රහණය සමරන විට ඔවුන් සමීපයේ සිටියා.

ස්පාඤ්ඤ නායක රොද්රි වෙත ලෝක කුසලානය බාර දීමෙන් පසුව, කැමරා රාමුවෙන් ඉවත් වීම පිණිස ට්‍රම්ප් බොහෝ කාලයක් ගත්තා. මෙහිදී පළමුව, රොද්රි ඔහුගේ වැළමිටෙන් අනිමින් ට්‍රම්ප්ව පසෙකට තල්ලු කළත් ඔහු ඉවත් නොවී සිටි බැවින් ට්‍රම්ප්ව පසෙකට කැඳවා ගෙන යාම සඳහා මැදිහත්වීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ට සිදුවුණා.

මෙය තැනට නොගැළපෙන සිදුවීමක් බවට පත්වුනේ ස්පාඤ්ඤ කණ්ඩායම සමග ළඟින් සිටිමින් වේදිකාව මත සිදුවන ලෝක කුසලාන අවසාන සැමරීම්වල කොටස්කරුවෙකු වීමට ට්‍රම්ප් ට අවශ්‍යව තිබූ බවක් පෙනී ගිය බැවින්. ට්‍රම්ප් එතැන සිටීම තමන්ට මහත් අපහසුතාවක් ගෙන දෙන බවක් රොද්රිගෙන් දිස්වූ අතර ඔහු වැළමිටෙන් ට්‍රම්ප්ව පසෙකට තල්ලු කළා.

කෙසේ වෙතත්, එතැනින් පසෙකට යාමට ට්‍රම්ප් බොහෝ වේලාවක් නාස්ති කළේ ස්පාඤ්ඤ කණ්ඩායමට ඔවුන් දිනා ගත් 2026 පාපන්දු ලෝක කුසලානය වේදිකාව මත ඔසවා ප්‍රීති වීම ප්‍රමාද කරමින්. අවසානයේදී, ට්‍රම්ප්ව අතින් ගෙන වේදිකාවේ කොණට කැඳවාගෙන යාමට ඉන්ෆන්ටීනෝ තීරණය කළා. එසේ සිදුවෙද්දීත්, ස්පාඤ්ඤ කණ්ඩායමෙන් සම්පූර්ණයෙන් ඈත්ව සිටීම ප්‍රතික්ෂේප කළ ට්‍රම්ප් අවසාන ක්‍රීඩකයා ළඟින් ම සිටගෙන සිටින අයුරු වීඩියෝවේ දිස්වනවා.

ආජන්ටිනා ක්‍රීඩකයා ට්‍රම්ප් ට අතට අත නොදෙයි

fgfgnfhg

‌මේ අතර, ආජන්ටිනා ආරක්ෂක පෙල ක්‍රීඩක ක්‍රිස්ටියන් රුමේරෝ (Christian Romero) සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර අතට අත දීමක් සිදු නොවන අයුරු තවත් වීඩියෝවක දැක්වෙනවා. මේ සිදුවීම ද සමාජ මාධ්‍යයේ ලොකු කතාබහක් බවට පත්ව තිබෙනවා.

ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව පදක්කම් පිරිනැමීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා සහ FIFA සභාපතිවරයා පිටියට පිවිසෙද්දී නරඹන්නන්ගෙන් ලැබුණේ දෝංකාර දෙන හූවක්. ක්‍රීඩාංගණයේ 80,000ක පමණ සෙනඟක් සිටියා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

  

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්