leader s

ලෝක කුසලාන පාපන්දුවේ ‘රන් සපත්තුව’ (Golden Boot) සම්මානය දෙවතාවක් දිනා ගත් පළමු ක්‍රීඩකයා බවට ප්‍රංශයේ කිලියන් ම්බාපේ පත්ව සිටිනවා.

මේ ප්‍රංශ ඉදිරි පෙල ක්‍රීඩකයා මෙවර ලෝක කුසලාන තරගාවලියේ පැවති ඉතාමත් තියුණු ‘රන් සපත්තුව’ සටන ජය ගත්තේ තරග අටකින් ගෝල් 10ක් ලබා ගෙන ආජන්ටිනාවේ ලියොනල් මෙසී අභිභවා යමින්.

 

 

කටාර් 2022 ලෝක කුසලාන තරගාවලියේදී ගෝල් අටක් ලබා ගෙන වැඩිම ගෝල්ලාභියා බවට පත්වූ ම්බාපේ දැන් පිට පිට ලෝක කුසලාන තරගාවලියන් දෙකකදී ‘රන් සපත්තුව’ දිනාගෙන තිබෙනවා. 

1970 වසරේ බටහිර ජර්මනියේ ගර්ඩ් මුලර් (Gerd Muller) ට පසුව ලෝක කුසලාන ගෝල් නවයකට වැඩියෙන් ලබා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ 27 හැවිරිදි ම්බාපේ.


මීට වඩා වැඩි ගෝල් ප්‍රමාණයක් තනි තරගාවලියකදී වාර්තා කර තිබෙන්නේ 1958 වසරේ ප්‍රංශය වෙනුවෙන් ගෝල් 13ක් ලබා ගත් ජස්ට් ෆොන්ටේන් සහ 1954දී හංගේරියාව වෙනුවෙන් ගෝල් 11ක් ලබා ගත් ෂන්ඩෝර් කොචිස් පමණයි. 

 

කිලියන් ම්බාපේ දැන් මෙසී ට වඩා එක් ගෝලයක් ඉදිරියෙන් සිටිමින් ගෝල් 22ක් සමග ලෝක කුසලානයේ එදා මෙදා තුර වැඩිම ගෝල් ලබා ගත් ක්‍රීඩකයා බවට ද පත්ව සිටිනවා.

 

ලෝක කුසලාන ශූරයින් වූ ස්පාඤ්ඤය 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අනෙක් සම්මාන සියල්ල හිමි කර ගත්තා

 

රත්තරං බෝලය - රොද්රි 

WhatsApp Image 2026 07 21 at 11.03.07 AM‘මැනචෙස්ට සිටි’ මැද පෙල ක්‍රීඩකයෙකු මෙන්ම ස්පාඤ්ඤය දෙවැනි ලෝක කුසලානයක් කරා ගිය ගමනේ ප්‍රධාන ක්‍රීඩකයෙකු වූ නායක රොද්රි (Rodri) තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස නම් කෙරුණා. ඒ අනුව මේ 30 හැවිරිදි ක්‍රීඩකයාට ‘රත්තරං බෝලය’ (Golden Ball) සම්මානය හිමිවුණා.

 

මෙය ඔහුගේ ක්‍රීඩා දිවියේ ඔහු ලැබූ තෙවැනි ප්‍රධාන තනි සම්මානය වනවා. මීට පෙර රොද්රි ‘බැලන් ඩෝ’ සම්මානය 2023දී හිමිකර ගත් අතර ‘යුරෝ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා’ වශයෙන් ද 2024දී අභිෂේක ලැබුවා. 


රන් අත්වැස්ම - ඌනායි සිමෝන්

 

ඌනායි සිමෝන් (Unai simon) හොඳම ගෝල් රකින්නාට හිමි ‘රන් අත්වැස්ම’ (Golden Glove) සම්මානය දිනා ගත්තේ තරග අටකදී එක් ගෝලයක් පමණක් ලබා දෙමින්.

 

තරග හතකදී ම ගෝල් ලබා නොදීමට සමත් වූ මේ 29 හැවිරිදි ‘ඇත්ලටික් ක්ලබ්’ සමාජයීය කණ්ඩායමේ ගෝල් රකින්නා පැරදුනේ අර්ධ අවසන් පූර්ව තරගයේදී බෙල්ජියමේ ෂාර්ලර් ඩිකේට්ලාරා ‌ට පමණයි.


හොඳම යොවුන් ක්‍රීඩකයා - පවු කුබර්සි

 spain v argentina final fifa world cup 2026 3 scaled

මෙවර ලෝක කුසලාන තරගාවලියේ හොඳම තරුණ ක්‍රීඩකයා ලෙස නම් කෙරුණේ ‘බාසිලෝනා’ කණ්ඩායමේ මැද-පසු පෙල ක්‍රීඩක 19 හැවිරිදි පවු කුබර්සි (Pau Cubarsi).

 

මේ තරගාවලියේ ස්පාඤ්ඤය වෙනුවෙන් සෑම මිනිත්තුවක ම කුබර්සි ක්‍රීඩා කළා.

 

(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

  

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්