leader s

* ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් තහනම ඉවත් වූ බැලගන්ගේ සිදුවීමෙන් පාපන්දුවේ 'අපක්ෂපාතීත්වය' බිඳවැටෙයි

*අධික ටිකට් ගාස්තු, විනිසුරුවන්ට වීසා අහිමිවීම් සහ සුපර් බෝල් ආකෘතිය නිසා ක්‍රීඩාවේ ආත්මයට එල්ල වූ තර්ජනය

 

 

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ - FIFA – 2026 ලෝක කුසලාන තරගාවලිය නව මං විවර කරමින් හා වඩාත් පුළුල් ක්‍රීඩා ලෝලීන් පිරිසකට සමීප වෙමින් පළමු වතාවට කණ්ඩායම් 48ක් සහභාගි වන නව පරිච්ඡේදයක ආරම්භයක් සලකුණු කරන බවට පොරොන්දු වුණා.

 එහෙත් ගෝල් ලබා ගැනීම්, ගෝල් ලබා ගැනීමට සහාය වීම්, ජයග්‍රහණ හා පරාජයන් අප්‍රධාන තැනකට තල්ලු වෙමින් භූ දේශපාලනය හා වාණිජමය බැඳියාව මේ ලෝක කුසලානයේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබෙනවා. 

මෙවර තරගාවලිය කණ්ඩායම් වැඩි ගණනකට සහභාගි වීමට හැකිවන පරිදි ප්‍රසාරණය වී තිබීමෙන් පෘථිවියේ ශ්‍රේෂ්ඨතම පාපන්දු ප්‍රදර්ශනයට සහභාගි වීමේ සිහින දැකීම නතර කර තිබූ රටවල් කිහිපයකට බලාපොරොත්තුවක් ලැබුනු බව ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණක්ව තිබියදී, දේශපාලනයට ක්‍රීඩාවට රිංගා ගැනීම සඳහා ඉඩ දීම කොතරම් විපත්තිදායක ද යන ඉඟියක් ද මේ තරගාවලියෙන් ලබා දී තිබෙනවා.

 

ශූරතාව රැක ගැනීමට ක්‍රීඩා කරමින් සිටි ආජන්ටිනාව ට එරෙහිව ස්පාඤ්ඤයේ විජයග්‍රාහී ක්‍රීඩාවකින් පසුව තරගාවලිය අවසන් වෙද්දී ක්‍රීඩා ලෝකය කතා කරමින් සිටින්නේ උතුරු අමෙරිකාවේ දිගහැරුණු පාපන්දු නාට්‍යය ගැන පමණක් ම නෙවෙයි. වාණිජමය වර්ධනය හා භූ දේශපාලනික යථාර්ථයන් විසින් ලෝකයේ වඩාත්ම ආදරය කරන ක්‍රීඩාව දියාරු කිරීමේදී ප්‍රදර්ශනය වූ පූර්වාදර්ශය පිළිබඳව ද ඔවුන් කතා කරනවා.

 

දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලීන්ට තරගවලට සමීප වීම සඳහා තිබෙන හැකියාවට එරෙහිව සිදුවන පාපන්දුවේ ගෝලීය ප්‍රසාරණය ජාත්‍යන්තර පාපන්දු සංගම් විසින් දශක ගණනාවක් තිස්සේ සමබර කරගෙන තිබෙනවා. මේ 2026 වසරේදී ඉහළ දමන ලද තරග ප්‍රවේශ පත් මිලේ සිට තරගාවලියේ සත්කාරක නගරවල නවාතැන් මිල ගණන් හි සිදුවූ වේගී ඉහළ යාම දක්වා තිබූ තරගවලට පැමිණීමේ අධික වියදම් හේතුවෙන් සම්ප්‍රදායික ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාවෙන් බලෙන් ඉවත් කරනු ලැබුවා ද යන ප්‍රශ්නය මතුවුණා. 

මුදල්මය බාධක පසු කළ ද, ක්‍රීඩාශීලී නොවන දේශපාලනික ඝට්ටනය බොහෝ දෙනා ඇදවැටුනු දෙවැනි කඩුල්ල බවට පත්වුණා.

 

 

අප්‍රිකානු පාපන්දු සම්මේලනය විසින් වසරේ තරග විනිසුරුවරයා ලෙස නම් කෙරුණු ඔ්මාර් ආර්තාන් නමැති සෝමාලියාවේ තරග විනිසුරුවරයාගේ සිද්ධියට ජාත්‍යන්තර අවධානය යොමු වුණා. වලංගු සංචාරක ලේඛන සතුව තිබියදීත් ආර්තාන් ට අමෙරිකාවට ඇතුළු වීමට ඉඩ දුන්නේ නැහැ. FIFA ට පවා මීට මැදිහත් වීමට නොහැකි වූ අතර පෙරළා සියරට පැමිණීම හැරුනුවිට වෙනත් විකල්පයක් ආර්තාන් ට තිබුණේ නැහැ.

 

මීට සමාන භූ දේශපාලනික නොඉවසුම් ගතියක් විසින් ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම ද සසල කරනු ලැබුවා. දැඩි වීසා හා සැලසුම් සංවිධාන සීමාවන්ට මුහුණ දීමට සිදුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම කණ්ඩායමට මෙක්සිකෝවේ සිට ලෝක කුසලාන මෙහෙයුම් සිදු කිරීමටත්, හිරවූ කාල රාමුවන් යටතේ අමෙරිකාවේ පැවැත්වුනු තරග සඳහා යාමට සහ ඒමටත් සිදුවුණා. තරගය අවසන් වූ සැණින් යළි මෙක්සිකෝවේ ඔවුන්ගේ කඳවුරට යන ලෙසට පවා ඔවුන්ට නියෝග කෙරුනා. මේ නිසා ඉරාන ක්‍රීඩකයින්ට තරග අතරතුර කාලයෙන් නැවත ප්‍රකෘති තත්ත්වයට පැමිණීම අසීරු වුණා.

 

දේශපාලනික මධ්‍යස්ථභාවයට මොකද වුනේ?

 

දේශපාලනික අපක්ෂපාතිත්වය සිය නීති පොතෙන් පවත්වා ගෙන යන FIFA, පාපන්දුවේ පාලන කටයුතු රාජ්‍ය බාධා කිරීම්වලින් ස්වාධීනව රැඳී තිබිය යුතු බව ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත්, අමෙරිකානු කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩක ෆොලරින් බැලගන්ගේ එක්-තරග තහනම ඉවත් කිරීම මේ තරගාවලියේදී දේශපාලනය හා ක්‍රීඩාව අතර රේඛාව අපැහැදිලි කර තිබෙන ආකාරය පෙන්නුම් කරන ප්‍රධාන උදාහරණයක් වී තිබෙනවා. 

බොස්නියා/හර්සගොවිනා කණ්ඩායමට එරෙහිව පැවති කණ්ඩායම් 32 වටයේ තරගයේදී රතු කාඩ්පත පෙන්වීමෙන් පසුව බැලගන් ඉබේ සිදුවන එක්-තරග තහනමකට මුහුණ දී සිටියා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට මැදිහත් වෙමින් FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ට තෙවතාවක් දුරකථනයෙන් කතා කර මේ සිද්ධියට මැදිහත් වන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටියා. අවසානයේදී, FIFA විනය කමිටුව එම තහනම අහෝසි කරමින් බැලගන් ට බෙල්ජියම ට එරෙහිව කණ්ඩායම් 16 වටයේ තරගයට ක්‍රීඩා කිරීමට අවසර ලබා දුන්නා.

uefa

 

මේ තීරණය නිසා අමෙරිකානු කණ්ඩායම හා බැලගන් මත වැඩි පීඩනයක් එල්ල වුණා. යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය (UEFA) ඇතුළු යුරෝපීය පාපන්දුවේ බලධාරීන් හා ප්‍රතිවාදී සංගම් මේ පූර්වාදර්ශය සම්බන්ධයෙන් ඔවුන්ගේ සැලකිල්ල යොමු කරමින්, මේ ක්‍රියාව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ම දේශපාලන-විරෝධී ක්‍රියාපටිපාටියට ඉතාමත් පටහැනි බව කියා සිටියා.

 

අමෙරිකාවට ගැළපෙන ලෙස වෙනස් කළ ලෝක කුසලාන තරගාවලියක්

 

මෙහෙයුම් ඇසකින් බලන විට, ලෝක කුසලාන පාපන්දුවේ 2026 අදියර යනු අමෙරිකානු විකාශය හා ඉසව් කළමනාකරණ තත්ත්වයන්ට සරිලන ආකෘතියකට යළි හැඩගැස්සීම පිණිස වෙනස් කරන ලද තරගාවලියක් වනවා.

 

අයහපත් දේශගුණික තත්ත්වයන් යටතේ තරග පැවැත්වීමෙන් සහ වැඩිදෙනා නරඹන වේලාවන් හිදී දැන්වීම් ප්‍රචාරය කිරීම සැලසුම් කිරීම මගින් තරගය පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයින් ශීත කරන විරාමයන් ලබා දීම සම්මත දෙයක් බවට පත්වුණේ කාර්තුවෙන් කාර්තුවට විවේකයන් නියම කරමින්. මේ හේතුවෙන්, තරගයේ රිද්මය වෙනස් වුණේ වසර ගණනාවක් තිස්සේ පාපන්දුව ක්‍රීඩා කෙරුනු නොනැවතී ගලායාමේ විලාසයට එම කෙටි විරාමයන් බාධාවක් වූ බැවින්.

 dance

 

FIFA ලෝක කුසලාන අවසාන මහා තරගයේ මැද විරාමය මහා පරිමාණයේ සංගීත ප්‍රසංගයක් වෙනුවෙන් මිනිත්තු 30ක් දක්වා දීර්ඝ කර තිබීම මනස අවුල් කළ කාරණයක් වුණා. මෙය උතුරු අමෙරිකානු ක්‍රීඩා ලීගයන් නිතර භාවිතා කරන මෝස්තරයක්. 

පෙර නොවූ විරූ විශාල ඉසව්වක් සංවිධානය කිරීම පිණිස FIFA ට තිබෙන හැකියාව ‌මේ ලෝක කුසලාන තරගාවලිය මගින් පැහැදිලිවම ප්‍රදර්ශනය වී තිබියදී, තමන්ගේ වාණිජ හා දේශපාලන අභිරුචියන් ඉටුකර ගැනීම සඳහා ගෝලීය පාපන්දු පාලක මණ්ඩලය කොතෙක් දුරක් යාමට කැමැත්තෙන් සිටිනවා ද යන්න පිළිබඳවත් දැන් අනාවරණය වී තිබෙනවා. 

ලෝක කුසලානය වටා තිබෙන කතිකාව වසාගෙන මූල්‍යමය ව්‍යාප්තිය සහ භූ දේශපාලනයේ බලපෑම ඉස්මතු වන විට පාපන්දුව වැනි ජාත්‍යන්තර ක්‍රීඩාවක කීර්තිය සේදී යනවා. තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කිරීමට පෙර විශ්වාසය ගොඩනගා ගැනීමට නම් FIFA මීට වඩා ශක්තිමත් ආරක්ෂාවක් ස්ථාපනය කර ක්‍රීඩාවේ ආත්මය බාහිර බලවේගයන්ගෙන් දිගටම රැකබලා ගන්නා බවට සහතික කළ යුතු වනවා.

 

 warnan Gunasekara

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්