සියම් රට අද හඳුන්වන්නේ තායිලන්තය නමිනි. මේ සියමත් සිංහළයත් අතර බුදු දහම නිසා ඇති බැඳීම සහබැඳීමකි.


තායි බුදු සසුන සිංහළයෙන් විකසිත වු අතර, එලෙසම සිංහළ බුදු සසුනට අඳුරු යුගයේ ආලෝකය වන්නේ සියම් බුදු සසුනය.

මේ විදියට සිරිලක්දිව අවසන් සසුන් පුනරුදය සිදුවන්නේ සිංහළය අසිංහළ රජකුට අත්පත්ව තිබු කාලයකදීය. ඒ ක්‍රී:ව1753 මෙරට සියම් නිකාය ස්ථාපිත කරන සමයේදීය.

එ නිසා සසුන යලිත් උදාකරගත් ලෙසම සියම් රජ පවුල හා බැඳිව සිංහළ කිරුළ යලි දිනා ගැනීමේ අදහසක් මතු වේ. එවැනි හීන පොකුරක් සිංහළ සමාජය යටින් ඇතිරී යමින් තිබුණි.

එත් හීනියට පිපුනු එ බල හීනය ලොකු හීනයක් වන්නේ ක්‍රි:ව1757 දී තායිලන්ත දේශයේ සිදුවන අහඹු සිදු වීමත් සමඟය. සියම් රජු “සපවෝ පිපිටි” මිය ගියේ තායි කිරුළ බල අරගලයකට මැදි කරමිනි. එ අනුව “සපාවෝ රජුගේ” පුත් කුමරුන් කිරුළ සඳහා බල පොරයට මැදි වන්නෝය.

මේ අතර සිංහළයන්ගේ බල හීනය ගැන දූත කථා ගණනාවක් මෙ කාලයේ සියම් රජ පවුල සහ සියම් භික්‍ෂුන් වහන්සේලා සමඟ ඇදී ගොස් තිබුණෝය.


කොහොම නමුත් සියම් කිරුලේ ගැටීම නිමා වන්නේ මිය ගිය රජුගේ දෙටු පුත් කුමරු කිරුළ ලබා ජය ගැනීමෙනි. එ සමඟ ඔහු තමාට අභියෝග කළ සහෝදරයන්ගෙන් පළිගන්නා අතර, වැඩිම අභියෝගය කළ “ක්‍රම්ප්ට් කුමරු” සියමෙන් පලවා හරින්නේය. තම දෙටු සොයුරු පලවා අනාථ වු “ක්‍රම්ප්ට් කුමරු ” ඇවිත් නතර වන්නේ සිංහළයන්ගේ අගනුවර මහනුවරය.


සිංහලේ සීතල බෙදීමට ගිනි අව්ලන්නේ ක්‍රම්ප්ට්...




භික්‍ෂුවක් ලෙස ප්‍රභු සමාජය අතර ලාබ සත්කාර ලබමින් “ක්‍රම්ප්ට්” වැඩ වසන්නේ ව්‍යාජ පැවිද්දක් ලබමින්ය. ඔහුට තම මව් රටේ අහිමි කිරුළට සිහිනය සිංහළ රටින් පෙනුනේය. සිංහලයන් හා නායක්කාර ද්‍රවිඩ බලවේග අතර තිබු සීතල බෙදීමට ගිනි අව්ලන්නේ ක්‍රම්ප්ට්ය.

පසු කළක ලංකාව නොනිමෙන ජාතිවාදි ගිනි ජාලාවකට ඇද දමන සිංහළ දෙමල වෛරයට මහනුවර යුගයේ ගින්දර ඇවිළුවේ ඔහුය. දෙමලුන්ට යටත් ව දිවි ගෙවීමේ නින්දාව පැහැදීලි කරමින් මහනුවර ප්‍රභු මන්දීරවල අනුරාගීක දේශණ පවත්වන්නා බවට පත් වන්නේ මේ හොර භික්‍ෂුව ක්‍රම්ප්ට් කුමරුය.

ඔහු සිංහළයන්ද දෙමලුන්ද පමණක් නොව මුස්ලිම්වරුද එකිනෙකා බෙදා දැමුවෝය.

මෝඩ සිංහළයන් සිතුවේ සියම් හාමුදුරුවන් වහන්සේ සිංහළයන්ට කිරුළ බේරා දෙන සැටියය. එත් ක්‍රම්ප්ට්ගේ උපාය වුයේ සිංහල දෙමල මුස්ලිම් බේද බින්නය මැදින් ලංදේසීන්ගේ සහයද ලැබිමෙන් රජ වන කුරුමානමය.

පාලි සංස්කෘත, ලන්දේසි, දෙමළ, සිංහල හා ඉංග්‍රීසී චීන ආදී භාෂා දැනුමකින්ද සපිරි මේ සියම් කුමරු ලක්දිව රජකමට දීගු දුර සැලැස්මක් ගෙන ක්‍රියාකාරීව සිටියෙකි. ලක් ඉතිහාසයේ එක් යුග කාලයක් සපුරා වටහා ගැනීමේ තීරක නිමිත්ත මේ ක්‍රම්ප්ට් කුමරුය.



ඔහුගේ ලක් කිරුළ අත් පත් කර ගැනීමේ සූර උපාය වඩාත් අපුරුවට ලිය වී ඇත්තේ එකල ලක්දිව ලන්දේසී ආණ්ඩුකාර “ෆන් එක්”ගේ පෞද්ගලික දින පොතේය. ක්‍රම්ප්ට් මහනුවර රජ බවට පත්කොට එකවිට සිංහළයත් සියමත් බිමට දමා ගැනීමට ලන්දේසීන්ද මේ සමඟම ඉත්තා අදීන්නට වුයේ හොර රහසේය.



 “ඔබ සියළු දෙනා පාලනය වන්නේ ජාතියෙන් ද්‍රවිඩ, ආගමෙන් අබෞද්ධ.... ලක් පොලවේ නුපන් දකුනු ඉන්දීය පරයකු යටතේය.....ඒ නිසා ඌ වෙනුවට බෞද්ධ රාජවංශිකයකු මේ බෞද්ධ රටේ රජ ලෙස පත්කරගත යුතුමයි.”.....යනුවෙන් යන යන තැන සිංහළයන් අමතා සියම් කුමරු කීවේය.

ඒ වන විට සිංහළයන් අතර එකම රාජ වංශීක කුමරෙකු හෝ කුමරියක ඉතුරුව නොතිබුණි. එ හන්දා ක්‍රම්ප්ට්ගේ “බෞද්ධ රාජ වංශික” අදහස ඔහුටම ගැලපුනු එකකි.

මෙසේ ඔහු ඇවිලු ගිනියම ලංකාව තුළ දීගටම ගලාගෙන යන්නේය.

කොහොම නමුත් එවකට ගැටවර වියේ පසු වු “ඇහෙලේපොල අදීකාරම් තුමාගේ පිහිටෙන් කිර්ති ශ්‍රී රාජසිංහ රජුට ක්‍රම්ප්ට්ව පරාජය කිරිමට හැකි වීය.



ක්‍රි:ව 1760 දෙසැම්බර් 7 වෙනිදා ලන්දෙසින් ලව්වා සියම් රජ කුමරා යලි තායිලන්තයට පිටුවහල් කරගත්තේය. එ වෙනුවෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට ලන්දේසින්ට මුතු නැවක්ද දළ ඇතුන් විස්සක්ද නිල් මැණික් දෝතක්ද මහනුවර රාජධානිය තුළ ලන්දේසි පල්ලි දොලහක් සදහා ඉඩකඩම් පරිත්‍යාග කිරීමටද සිදු වීය.


එත් ක්‍රම්ප්ට් කුමරු නතර නොවීය. ඔහු උත්සහය දිගටම ගෙන ගියේය. දෙමල මුස්ලිම් විරෝධය සිංහලයන් අතර මතු වීමේ හොඳම මඟ බව ඇදහු සිංහළ ප්‍රධානින් හැකිතාක් ක්‍රම්ප්ට් කුමරු හා බැඳී කටයුතු කළ හැටි අතීත ඉතිහාසය සොයා යන වීට හමු වේ.

ක්‍රම්ප්ට් අවුලා ගිය ඇවිලිල්ල නිසා එතැන් පටන් ජනප්‍රියකම සඳහා හොඳම ඇවිලිල්ල ශුද්ධ බෞද්ධත්වයය.

මෙ අතර ක්‍රි:ව 1948 දක්වා සිංහළ ජාතිකවාදීන් අතර හීනයක් විය. ඒ බෞද්ධ රාජවංශීක කුමරෙකු සියමින් ගෙන්වා රජ පත් කරවා සිංහළ කීරුළ නැගීමය. මේ ඉංග්‍රීසි කාලයේ ජයටම අත්හදා බැලු උපාය මර්ගයකි. එත් මේ උපාය සිංහළ, දෙමළ, මුස්ලිම්වරු ඇති තරම් ඈත්කර දැමුවෝය. අදත් මේ හැඟීම්බර උපායේ වැටී ලක්වැසි තුන් ජාතිය තුන්පොලේ නන්නත්තාරව ඇත්තෝය.

(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Sujith Akkarawathe



 


වායාම පසුගිය ලිපි 28 මෙතනින්
 

The Leader TV අද වීඩියෝ 

රට බේරගන්න පුළුවන් එකම විසඳුම මේකයි. රාජිත | Direct politics 

විහිලුවක් නොවෙයි ඒ කතාව ඇත්තයි ! | මොණරවිලගේ ලියමන

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්