ශ්‍රී ලංකාවේ බෞද්ධ පදනමට මූලික වන අවස්ථා දෙකක් ලෙස උස්ව මතුවන විශේෂ සිදුවීම් දෙකක්වේ. ප්‍රථම සිදුවීමසේ ජය ශ්‍රී මහා බෝධිය සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින්  වැඩම වීම හැඳින්විය

හැකිය. දෙවන අවස්ථාව වන්නේ රුවන්වැලි මහා සෑය සඳහා  බුඳුන් වහන්සේ ගේ ධාතු වැඩම වීම සඳහා වූ ඉන්ද්‍ර ගුප්ත මහ රහතුන් වහන්සේ ගේ ව්‍යායාමයය.  ශ්‍රී මහා බෝධිය වැඩම වීම සමඟ බෝධිය මතවූ බුදු දහමේ අභ්‍යන්තර හරියෙහි මතුපිට නිර්මාණය සිදුවේ.

එමෙන්ම රුවන්වැලි මහා සෑය මඟින් එලෙසම බුදු දහමේ පිට පොත්ත හෙවත් මතුපිට පැවතීමට උචිත දාගැප් කලාව ස්ථාවර වේ. මේ සිදුවීම් දෙක තරම් කථාබහට හා ගෞරවයට ලක්වන ලිඛිත, ජන ප්‍රවාද, සහ සිත්තම් කාව්‍ය වල සිට ගාථා දක්වා බැඳී ඇති වෙනත් සිදුවීමක් නැති තරම්ය. ඒ තරමටම ශ්‍රී මහා බෝධිය වැඩම වීමත් රුවන්වැලි මහා සෑය ස්ථාපනය වීමත් ලාංකික බෞද්ධ කථාවන්ගේ කේන්ද්‍රයට බැඳී ඇති සිදුවීම් දෙකය.

 

z p11 Arahant 

 මෙම සිඳුවිම් දෙකටම බැඳෙන ගැටුමක්ද වේ. ඒත් සිදුවීම් ප්‍රචලිත තරමට මේ ගැටුම නම් ප්‍රචලිත නැත. නමුත් නිල ලේඛන මූලාශ්‍ර සියල්ල ලියා තබා ඇති මේ ගැටුම ගැන ඓතිහාසික දේශපාලන හෝ ශාස්ත්‍රීය තලයේ කථා බහක් නැති තරම් නිහඩය. මේ කරුණ  සමඟ බෞද්ධ ප්‍රජාව අතර අදහසක් හෝ නැත. මේ නිහෙඬ කම පෙන්වන්නේ යමක් වසා තැබීමට දරන වෑයමක් සේද පෙනේ. මන්ද නිල වංශ කථා සියල්ල සහ ශාසන වාර්තා වලට සබැඳි ග්‍රන්ථ මෙම සිදුවීම නිශ්චිතවම ලියා තබා තිබේ. ඒත් ඒ ගැන සිතුවමක් නැත. කතාබහක් නැත. අවබෝධයක් නැත. කොටින්ම  එවන් සිදුවීමක් නොවුනා සේ එය යටපත් වන්නට දී තිබේ. ඒත්, එම යටපත් වූ සිදුවීම ලංකාව තේරුම් ගැනීමේ හරස්කඩක් වැනිය.

 භූ කලාපීය සිතියමට භූ දේශපාලනයට එබී බලන්නට පර්යේෂනාත්මක මාවතකි. ශ්‍රී ලංකාවේ මූල ජාන උරුමකරුවන් සොයන්නට ඇති ආලෝකයකි. තවත් අතකින් එය සිංහල දෙමළ භූ කලාප අතර මැදි කථාවේ නවාතැන ගැන ඉඟියකි. මේ ඉඟිය දෙසට හැරෙන්න සිතුවේ එබැවින්ය.

 

image 1512149843 46fff8fb2f

 ධර්මාශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කිරීම සිදුවන්නේය. ඒ බලගතු මෞර්ය අධිරාජ්‍යයේ  රාජකීය රැකවරණ ලද ඉන්දු මුහුදු මාර්ගයේ වූ රාජකීය යාත්‍රා පෙරහැරකිනි. එය හුදකලා ගමනක් නොව ජන වර්ග ශිල්ප ශ්‍රේණි දහසයක්ද සමඟ රාජකීය සෙබල බල මුළු ද පිරිවරාගත් සමුද්‍රාගමනයකි. මේ පූජනීය සමුද්‍රාගමනයේ අතර මැදට කඩා වදින නාගයන් ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව පැහැර ගැනීමේ සමුද්‍ර සටනක් දියත් කරන්නේ ඒ සමඟය. මේ මුහුදු සටනට නාගයන් කඩා පනින්නේ දකුණු භාරතය අසබඩදීය.

මෙම බලහත්කාර කම ශ්‍රී මහා බෝධියට එරෙහිව සිදුකරන සිදුවීමක් නොවන බව වංශ කථා නිරවුල්ව ලියා තබා තිබේ. නාගයන්ගේ අපේක්ෂාව වන්නේ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකා රාජ්‍යය සතුවීම වලකා තමන් සන්තක කර ගැනීමය. මේ සඳහා ඉන්දීය සයුර කළඹමින් නාගයන් දියත් කල යුද්ධය බිහිසුනු විය. එය මෞර්ය  රාජකීය ආරක්ෂකයින්ද අන්ද මන්ද වූ ප්‍රහාරයකි. සැබැවින්ම ශ්‍රී මහා බෝධිය නාගයන්ගෙන් බේරා ගන්නට මෞර්ය රාජකීයයන්ගේ ආරක්ෂක  ශිල්ප අපෝසත් වන්නේය.

එහිදී සංඟමිත්තා මහ රහත් තෙරණිය එම ප්‍රහාරය මැඩ පවත්වන්නේ තම සෘධි ප්‍රාතිහාර්ය  භාවිතා කරමින්ය. එනම් නාගයන්ගේ ප්‍රතිරෝධී රුව වූ ගුරුළු වේශයෙන් පෙනී සිටිමින්ය. නාගයන් ඉන් දමනය වන අතර ඔවුන් තමනගේ රාජ්‍යයේ පුද උපහාර  සඳහා ශ්‍රී මහා බෝධී ශාඛාව වැඩමවන ලෙස ඉල්ලයි. එම ආයාචනය කරා කන් යොමන සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී ලංකාවට වඩම්මන්න තිබූ ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව නාගයන්ගේ භූමියට රැගෙන ගොස් එම ඉල්ලීම ඉටුකර දේ. නාගයන්ගේ පුද සත්කාර වලට ඉඩ දීමෙන් පසු එතුමිය ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාව බලා වඩම්මාගෙන ඒමට කටයුතු කරයි.

sanghamitta 21008e90 a5b0 49a0 9c9e 4ca20cd533e resize 750
මේ ඉතිහාස සිදුවීම දෙස මැදි සිතින් බලා කල්පනා කල යුතු වන්නේ කරුණු කීපයකි. ඒ අනුව බලවත් ධර්මාශෝක රජුගේ මෞර්ය බලයට එරෙහිව නැගී සිටින්නට නාගයන් සතුවූ බලය කුමක්ද. ඒ පසු පස තිබූ දේශපාලන බලය කාගේද. දෙවැන්න නාගයන් දමනය කර ගන්න රාජකීය මෞර්ය රැකවලුන් අසමත් වීමට තරම්ම නාගයන් සතුවූ ශිල්පීය බලය කවරක්ද. ඒ වගේම නාගයන් ලංකාවට ශ්‍රී මහා බෝධියේ ශාඛාව  උරුම වීම වලක්වා ලන්නට හේතු වූයේ කුමන හේතුවක්ද.

ඒ වගේම අවසානයේ ධර්මාශෝක රජුගේත් ලක්රජ දෙවනපෑතිස් රජුගේද සැදැහැවන් රාජතාන්ත්‍රික නිල උත්සාහය පරදවා ලංකාවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩමවන්නට පෙර  නාගයන් තමන්ගේ ධෛර්යයෙන් එය තම ජන්ම භූමියට  වඩම්මවා ගන්නට සමත් වීමය.

ඒ නිසා ධර්මාශෝක රජු සහ දෙවනපෑතිස් රජුන්ගේ  නිල එකඟත්වයේ සැලසුම කෙසේ හෝ අවශ්‍යය සේ  බිඳ දමා ගන්නට නාගයන් සමත් වූයේය. පළමුව දරුණු ප්‍රහාරයකින් ශ්‍රී මහා බෝධිය ලංකාව සතුවීම වලක්වා ගන්න නාගයන් මාන බලා ඇත. එය ව්‍යර්ථ කර ගන්න හැකි වනුයේ මහ රහත් තෙරණියගේ ප්‍රාතිහාර්යයකින් මිස රාජකීය මෞර්ය ආරක්ෂක බලයෙන් නොවේ. එමෙන්ම ගැඹුරට සිතිය යුත්තේ රාජකීය ගමන් මඟ වෙනස් කර ලංකාවට සැපත් වන්නට පෙර තම ජාන භූමිය වෙත ශ්‍රී මහා බෝධිය වඩම්මවා ගන්නට නාගයන් සමත් වීමය.

15342123537 8bbafe0940 b

 මේ ගැන සිතන්නට කිසිවෙකු ඉතිහාසය නිරීක්ෂණයට සූදානම් වී නැත. මේ ශ්‍රී මහා බෝධිය වඩම්මන මොහොතේ වූ නාගයන්ගේ කඩා පැනීම ඉන් සියවසකට පසු සිදුවන රුවන්වැලි මහා සෑයේ ධාතු වඩම්මන මොහොතේද මේ ලෙසම සිදුවේ. එසේ නම් නාගයන් මේ දක්වන ප්‍රතික්‍රියාව කුමක්ද. රුවන්වැලි මහා සෑය සඳහා වඩම්මන ධාතු ලංකා භූමියට වඩම්මන්නට හැකි වන්නේ මහ රහතුන් වහන්සේලා යොදන ප්‍රාතිහාර්ය බලයකින් පමණි. මේ අවස්ථා දෙකම දෙස සන්සුන් මනසින් එබී බලා සොයා ගත යුත්තේ මේ සිදුවීම සඳහා පාදක වන  හේතුවය. නාගයින්ගේ ඉල්ලීමක් ධර්මාශෝක රජතුමා ඉටු නොකර මෙලෙස ශ්‍රී මහා බොධියේ අයිතිය ලංකාවට පවරා දිමට එරෙහිව නාගයන් කල ප්‍රතිවිරෝධය ලෙසද මෙය දැකිය හැක.

 

 එමෙන්ම  මේ නාගයන් කවර ජන ප්‍රභවයක්ද. ඔවුන් තම අරගලය මෙම අවස්ථා දෙකෙහිම දියත් කර ඇත්තේද මෙම භාරතය  හා ලංකාව අතර මැද ඇති පෝක් සමුද්‍ර සන්ධිය ලෙස හඳුන්වන මුහුදු තීරයේය. එසේ නම් මේ ද්‍රවිඩයන් හා සිංහලයන් අතර තිබෙන තේරුම් ගැනීමට තවමත් බැරි දේශපාලන බෙදීමේ කථාව යට පතුලේ ඇත්තක්ද.

 

Kelaniya
නාගයන් ගැන ත්‍රිපිටකය හා බෞද්ධ ශාසන වාර්තා වලදී හමුවීම් බොහෝය. ඒ හැම තැන නාගයන් මහත් හරසරින් තථාගතයන්ට අවනතව සිටි පිරිසක් සේ පෙනේ. ලංකාවේ ප්‍රථම තථාගත හමුවේද උන්වහන්සේව පිළිගත්තේ නාගයන්ය. එසේ නම්  නාගයන් මේ ප්‍රතිවිරෝධය හරහා පෙන්වා සිටින්නේ බුදුන් වහන්සේගේ පාරිභෝගික ශුද්ධ වස්තූන් ලංකාවට සතුවීම වලක්වා ලීමද. නොවේ නම් බුදුන් වහන්සේගේ ශුද්ධ වස්තූන්හි මුල් අයිතිය ඇත්තේ බුදුන් වහන්සේ උන් වහන්සේගේ ජීවමාන යුගයෙහිම සමීපතමයන් වූ නාගයන්ට සේ ඔවුන් කල්පනා කර ඇති බවද විය හැකිය.

 

 පසු කාලයක ලංකාවේද ලෝකය පුරාද නාගයන් දෙමළ ජාතීන්ගේද සිංහල ජාතීන්ගේද අතීත පාදම ලෙස බරපතල කථිකාවක්ද දියත් වූයේය. ඒවා යට ජාතිවාදය අවුස්සන මතු කිරීම් බොහෝය. ඒත් මැදි සිතින් එළඹ මේ ඓතිහාසික සිද්ධි දෙකට මැදි වූ නාගයන්ගේ නැගිටීම ගැන බරපතල සෙවීමක් අවශ්‍යය.මන්ද එය දීර්ඝ කාලීන විභේදනයන් තේරුම් ගැනීමට ඇති ප්‍රභල සාක්ෂියකි. එමෙන්ම උත්තර භාරතය, දක්ෂිණ භාරතය තමන් සන්තකයේ තබා ගැනීමට දරන වෑයම ඉතිහාසය මුළුල්ලේම කැපී පෙනෙන දේශපාලන උපායකි.

එමෙන්ම ශ්‍රී ලංකාව දක්ෂිණ භාරතයට එරෙහිවූ මනෝ භාවයක තබා ගැනීමට මතවාදීමය කාවැද්දීමක් භාරතයන් සිදුකර ඇති බවද තහවුරු වේ. අනෙක අධිරාජ්‍යයන්ට පවා මෙම විභේදනය මඟහැර  කටයුතු කිරීමට ඉඩක් තනා නැත.  මේ දණ්ඩක වනයේ එකෙට සිටි ශෛල දණ්ඩන්ගේ හා වාමන දණ්ඩන්ගේ  බෙදීමද.  ඉතිහාසය ඇතුලටම ගොස් එය බැලිය යුතුය.

 වායාම :ලේඛකයාගේ වෙනත් ලිපි

සුජිත් අක්කරවත්ත
 ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

 Sujith 2021

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්