BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
වායාම

මධු මී විවාදය : (වායාම 16) - සුජිත් අක්කරවත්ත

T

The Leader Desk

December 19, 2021 • 4:09 AM

මධු මී විවාදය : (වායාම 16) - සුජිත් අක්කරවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘විමති විනෝදනී’ ලියවෙන්නේ පොළොන්නරු රජ දවසය. මේ පොත ලක්දිව මත මානය ඇවිලු මහා පොතක් වන්නේය. පොත ලියා තැබූ කතු ගැනද ඇත්තේ මහ වාදයකි.
  • මහා පරාක්‍රමබාහුට පෙර දවස ලියවුනු බවත් ඔහුගේම රජ දවස ලියවුනු බවටත් කතා ගොඩ අතර ඇති කතාවකි.
  • තවත් අය දඹදෙණි යුගයටද ‘විමති විනෝදනී’ අයත් බවට මත ලියා පල කරයි.
  • කොහොම උනත් මහා පරාක්‍රමබාහුගේ රාජ උදානයට ‘විමති විනෝදනී’ අත් පොතක් වී ඇති බවනම් පැහැදිලිය.
අකුරු ප්‍රමාණය (Font Size):


 කොහොම උනත් යුගය ගැනද කතා ගොඩකි. මහා පරාක්‍රමබාහුට පෙර දවස ලියවුනු බවත් ඔහුගේම රජ දවස ලියවුනු බවටත් කතා ගොඩ අතර ඇති කතාවකි. තවත් අය දඹදෙණි යුගයටද ‘විමති විනෝදනී’ අයත් බවට මත ලියා පල කරයි.

කොහොම උනත් මහා පරාක්‍රමබාහුගේ රාජ උදානයට ‘විමති විනෝදනී’ අත් පොතක් වී ඇති බවනම් පැහැදිලිය.

Screenshot 5

දේශපාලන හා බලකාමි ලෞකික කෑදර කමෙන් විලම්බීතව අගතියට ගොස් තිබූ ලක් සසුන ශෝධනයට පාර කැපූ පොතක් සේ මේ පොත විටක පෙනේ. ඒත් ප්‍රශ්ණය ‘විමති විනෝදනී’ය ජනප්‍රිය කර ගැනීමට කවුරුත් දක්වන බයය. මේ බය ගැන වෙනම කතා කළ යුතු කතාවකි.

 

සඟුන් වහන්සේලා පොළොන්නරු යුගයේදී බලකාමයෙන් ඇලී අශුද්ධව කිළිටි වූ විපතින් කම්පාවට පත් ගිහියන් පවිත්‍ර සසුනක් සොයන්නට වූහ. ඒ වෙනුවෙන් සසුන තුලම නැඟීටිමක්ද මතුවන්නේ ඔය අතරේදීය. රාජ්‍ය බලය තම පැවැත්ම කෙලෙසා ඇති බව දැනගත් ශීල තපෝ වෟද්ධ මහ තෙර පරපුරක් කතිකාවතක් වෙනුවෙන් නැඟී සිටින්නේ මේ අතරය.

මේ වන විට ලක්දිව සසුන අරා පැතිර යමින් තිබූ රාජ්‍ය පාලකයාගෙත් ඔහුගේ ඇමති මණ්ඩලයෙත් සුවච කීකරු පැවිද්දන් මේ නැඟිටිල්ලෙන් සැලී ගියෝය.

ඤණ, තපෝ, සීල පිලිවෙත් වෙනුවට බාහු බලය හා මුකරි කමත් චිවරයේ බලයත් පමණක් තිබූ දේශපාලන සඟුන් වහන්සේලා පිලිවෙත් සරු මඟ මතු වීම වලකා ලීමට සෘජුවම ගත් කැත හා නින්දිත ව්‍යායාම වලින් ලක් ඉතිහාසය අශෝභන වී ඇති සැටි ඒ කාලේ කතා කියවන විට පෙනේ. ඒ පෙනීම තිව්ර වන්නේ මේ කාලේ හැටි ඒ කාලයට සමාන වී ඇති සැටි දකින විටය.



ඒ වන විට වැඩ සිටි වියත්හු බහුතරය දෙමළ ජාතික භික්‍ෂුන් වහන්සේලාය.

කෙසේ හෝ දිඹුලාගල කස්සප සහ සාගරමතී සාරිපුත්ත මහ තෙර දෙපළ ‘සාගර මන්ත්‍ර’ නම් ගිහි සංවිධනයකට කන් යොමාලීම නිසා සසුන රැකීමට ගිහි පැවිදි නැඟිටිමක් මතු විය.

මේ අතර ලක් දිව සසුනෙහි ඒ වන විට වැඩ සිටි වියත්හු බහුතරය දෙමළ ජාතික භික්‍ෂුන් වහන්සේලාය.

පොළොන්නරු සමයේ සසුන් උදානය අවුලන්නේ තුන්වන ධර්ම සංගීතිකාවේදි තියුණු විවාදයක් වූ මධු මීය. මධු මී විත පිලිබද සිංහළ සඟුන් එක් මතයක්ද ද්‍රවිඩ සඟුන් තවත් මතයක් දරන්නට වීම මතවාදී නැඟිටිමක් සේ පැතිර ගොස් ඇත.

මේ උණුසුමේ උනුහුම් මතවාදය මධු මී විතය. ගිහියන් පසකට වී පැවිද්දන් මධු විතට මත සපයන සැටි බලා සිටින අපූරු මතමානවලින් සුපිපී වටපිටාවක් බිහි වූනේ ඔහොමය.

d 4
අවසානයේ මත විවාදය මුදුනටම නැඟ එන්නේය. මධු මීවිත බව නොදැන පානය කිරීම භික්‍ෂුත්වයට වරදක් නොවන බව සිංහල ජාතික ශීල තපෝ ඤාණ මහා භික්‍ෂුව වූ සාරිපුත්ත හිමිපානණ්ගේ අදහස වූයේය. දැන බීමද නොදැන බීවද මධු මී විත පානය ආපත්තියක්ම බැවූ චෝළ ජාතික ශීල තපෝ ඤාණ මහා කස්සප හිමියන්ගේ මතය විය.

 


කස්සපලාගේ සාරිපුත්තලාගේ වාදය බුදු සසුනේ විනය මඟ ගැන වූවද සඟුන් වහන්සේලා නියෝජනය කළේ ජාතින් දෙකකි. මතවාද දෙකකි. සීලය මූලිකය ..... නැත ප්‍රඥාව මූලිකය...... ලෙස බුදු දහමේ ථේර-මහායාන බෙදීමට තුඩුදුන් හේතුවමය.

ඉතිහාසය අලංකාරයකයැයි කියන්නේ බුදු සසුනට සැම විටකම දැඩි විනය තර්ක හා කටුක වැඩ කලාවක් යෝජනා කරන්නේ අසිංහලයන් වීමය. එළාර රජුත් බුද්ධගෝෂ හිමිපානන්ද විජය රාජසිංහ රජු හා ඕල්කට් තුමාලාගේ මාරි මියුසියස්ලාගේ සිට අද දක්වාම මේ කටුක තර්කනයට බැඳුණු වැඩ කලාවේ කතාව ඕකය.


පොළොන්නරු රාජධානියේ නැඟිටීමට පිට දුන් සසුන් ශෝධනයට වටපිටාව හැදූ මේ මධු මී විවාදය කෙලවර වන්නේ පත පොත සියගණනක් හා වාද විවාද සියගණනක් ඇති වීමෙනි.

ඇත්තටම හිස් පුස් චිවරධාරීන්ගේ බල මහිමය පරදා සාරසුබාවෙන් පිරී සසුනට යලි මාවත පෑදෙන්නේ අති සුමට භාව සංකල්ප මධු මී වාදය මැදිනි.

මෙම විවාදය පැවති සමයේ වැඩ විසූ ‘වාචිස්සර’ නමින් යුතු හිමියන් ලියූ මධු මී වාද පොතේ ලියවී ඇත්තේ වාදයෙන් මධු මී විරෝධී කස්සප මාහිමි පැරදී මධූ මී දෙස මැදහත්ව බැලූ සාරිපුත්ත මහ තෙර ජය ගත් බවය.


මීමුතු පරපුරින් කියවා බලාගත හැකි යස පාඩම්...


මෙවා මතට තිත් නමින් මතටම කෑදර වූ ජාතියකට තම මීමුතු පරපුරින් කියවා බලාගත හැකි යස පාඩම්ය.

කෙසේ වුනත් මධු මී විත ගැන ඇති වූ විවාදය පැවිදි විනය පිලිබද තද බල විවාදයකි. ඒ වූවත් එයට විවාද ගත වූවේ භික්‍ෂුන් දෙපලකි. මේ නිසා ඕලාරික සඟුන් පසකට තල්ලු වී මහා සාර බුද්ධි ප්‍රභාවෙන් පිරිපුන් සඟුන් වහන්සේලාට යලි සමාජ මතයක් ඇති වීමය.

විටක මධු මි විවාදයක ප්‍රධාන සගයන් දෙදෙනා සිංහළ දෙමළ වීම සසුන නැඟිටුවාලන ජාතිමාමක නැගිටීම පිටුපස තිබූ සිංහලයන්ගේ හා ද්‍රවිඩයන්ගේ දේශපාලන අභිලාෂයන්ද සහිත වූවකි.


මේ නිසා ‘විමති විනෝදනී’ කෘතිය ජාතියට අලුත් මගක් ගත හැකි ඉතිහාස වන පෙතේ සැගවී ඇති කෘතියකි. විලම්බීත සඟුන් රැසකට ගොඳුරු වෙමින් යන විපතින් මිදෙන මඟක් දල්වන පොතකි.



මෙරට සාර සඟුන් වැඩ සිටි යුගයක විසු ඩබ්ලිව්. සෝමාලෝක තිස්ස මහතෙරනම මේ පොත නූතන හද බසට ගෙනාවේ ක්‍රි:ව 1935 දීය. ඒත් පොතින් ගත යුතු මඟ ලකුණු සොයා ගන්න කවුරුත් වෙහෙස වූ බවක් නැත.

බාල බොලඳ සටන් හා ලාභ සත්කාර ආමිසයටම දිරි දෙන බෞද්ධ ගිහි සමාජය මෙවන් සාරසුබා මත ගොමුවක පිබිදීමකට අත දිය යුත්තේ ඒකය.

මේ කතාව කියවා ගත් විට මධ්‍යමික ප්‍රතිපදාව මොකක්දැයි අගේට වැටහේ.

මතට විචාරයෙන් තොරව එරෙහි වීමේ අගතියත්, ආමිස සටන් වලට පැවිද්ද සින්නකරලීමේ අගතියත් අගේට කියා දෙන ඓතිහාසික විවාදය ‘මධු මී විවාදය ය’.


Sujith 2021සුජිත් අක්කරවත්ත
නිදහස් ලේඛක
sa4408@gmail.com







කියවන්න - හදාරන්න : ලේඛකයාගේ වෙනත් ලිපි

ග්‍රාමවාසයෙන් වනවාසයට -(වායාම 15) - සුජිත් අක්කරවත්ත

ප්‍රඥා සිහින යාමය -(වායාම 14) - සුජිත් අක්කරවත්ත

දේශපාලන සඟුන් - (වායාම 13) - සුජිත් අක්කරවත්ත

නන්දි මිත්‍රගේ පුරුෂ ලිංඟය (වායාම 12) - සුජිත් අක්කරවත්ත

පැවිදි ප්‍රේමය (වායාම 11) : ලක් සසුන් ඉතිහාසයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළ මුල්ම භික්‍ෂුව

වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත

වායාම 9 : මිණි මෙවුල් දම - සුජිත් අක්කරවත්ත 

වායාම 8 : සූකර පෝතිකා - සුජිත් අක්කරවත්ත

වායාම 7 : විජයගේ සරාග සුත්‍රය -සුජිත් අක්කරවත්ත

වායාම 6 :යක් දෙස්සෝ - සුජිත් අක්කරවත්ත

වායාම 5 : ගණ ගැටව් - සුජිත් අක්කරවත්ත

වායාම 4 : සරකානි ශාක්‍යසිංහ - සුජිත් අක්කරවත්ත

වායාම 3 : රාග දෙවොලේ රති කෙළි - සුජිත් අක්කරවත්ත 

වායාම 2 : පණ්ඩුකාභයගේ රති කෙළි දෙවොල -  සුජිත් අක්කරවත්ත

වායාම 1 : බාවරී සහ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ- සුජිත් අක්කරවත්ත

අහන්න ම වටිනා කතාවක් : 'බුදුදහම ආගමක් නොවේ' - සුජිත් අක්කරවත්ත

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස (Faculty of Sex)

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය -- Faculty of Sex

සුජිත් අක්කරවත්තගේ සුකුමාල හෙවත් ජාන පූර්ණිකාව සංවාදයට

 

 

Leader Whats app

 
 
 

 

මහින්දට බායි! අගමැති පුටුවට හායි!

 

ඒ සීයට දුන්නට මේ සීයා ගේමක ! | මොණරවිලගේ ලියමන

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...