ගෝලීය ගුවන් සේවා ක්ෂෙත්‍රයේ ප්‍රමුඛතම භාණ්ඩ ප්‍රවාහන සේවා සැපයුම්කරුවකු වන මැලේසියානු MMAG Aviation Consortium සමාගමක් මෙරට ජාතික ගුවන්සේවය ගොඩගැනීම සඳහා දායකත්වය ලබාදීමට සිය එකඟතාව ප්‍රකාශ කොට තිබේ.


ඒ, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමඟ හවුල් වෙමිනි. 

මෙරට ජාතික ගුවන් සේවය පුද්ගලීකරණය කිරීමේ අභිලාෂ කැඳවීමට 'සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම' විසින් දේශීය ව්‍යවසායකයකු ලෙසින් සිය ශඛ්‍යතාව පෙන්වා තිබේ. 

එහි ශක්තිමත්භාවය තවත් වර්ධනය කරමින් MMAG Holdings Bhd හි පූර්ණ අනුබද්ධිත MMAG Aviation Consortium Sdn Bhd (MAC) ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා සීමාසහිත Supreme Global Holdings (Private) සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ ඇත්තේ මෙරට ගුවන් සේවය ජාත්‍යන්තර තලයේ ප්‍රමිතිගත සේවා සපයන්නෙක් ලෙස තවත් ශක්තිමත් කිරීමටත් කලාපීය වශයෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ජාලයක් ස්ථාපිත කිරීමේ සුවිශේෂීම මර්මස්ථානයක් ලෙසින් ශ්‍රී ලංකාවේ භූමි පිහිටීම විශ්ලේෂණය කිරීමත් සමගිනි.

 

rmmanivannan

මැලේසියාවේ කොටස් හුවමාරු වන වෙළෙඳපල Bursa Malaysia හී ගොනුගත වූ ගුවන් භාණ්ඩ අංශයේ විශේෂඥයෙකු වන MMAG සහයෝගීතාව මෙම මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීමේදී සුප්‍රීම් ග්ලෝබල් වෙත සහාය දැක්වීම එහි අභිවෘද්ධියට සුවිශාල ශක්තියක් හා වටිනාකමක් වනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවිනයින් කිහිපදෙනෙකුම අදහස් දක්වා ඇත.

ධනාත්මක ප්‍රගතියක් නොමැතිව දිගින් දිගටම පාඩු ලබමින්, නිසි නඩත්තුවක් හා නිසි පහසුකම් වලින් වියුක්තව අර්බුද රැසක් සහිතව පවත්වාගෙන යන මෙරට ජාතික ගුවන් සේවය මෙම ගිවිසුම්ගතවීම තුළ මෙරට ජනතාවට තව දුරටත් බරක් නොවූ ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට වඩාත් වටිනා සම්පතක් ලෙසින් සංවර්ධනය කිරීමේ ඉහළම අවස්ථාව තම සමාගමට මෙම සහයෝගීතාවයත් සමගින් ලැබෙනු ඇතැයි සිය මණ්ඩලය විශ්වාස කරන බව සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම අවධාරණය කරයි.

 

Cargo to Africa 2
ශ්‍රී ලංකාවේ දේශිය සමාගමක් වන සුප්‍රීම් ග්ලෝබල් සමඟ ජාත්‍යන්තර ගුවන් සේවා ක්ෂේත්‍රයේ භාණ්ඩ ප්‍රවාහන අංශයේ ප්‍රමුඛතම සමාගමක් විසින් මෙසේ ගිවිසුම්ගත වීම හා සමාගම් දෙකෙහිම සහයෝගීතාවය තුළින් ස්ථාන ශක්තිමත් කරයි. 

එමෙන්ම මෙවන් ගෝලීය දැවැන්තයෙක් හා කලාපීය ප්‍රමුඛයෙක් වන MMAG සමූහයට ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රගතියට දායක වීම ගුවන් සේවා සහ සැපයුම් කර්මාන්තයේ ගෝලීය ව්‍යාප්තිය හා ගමන් මග ධනාත්මකව වැඩි දියුණු කිරීමට ඉඩ සලසයි. මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන ජාත්‍යන්තර තලයේ සන්නාමයක් ලෙසින් යළිත් ප්‍රතිශ්ඨාපනය කිරීමට වඩාත් ශක්තිමත්ම සන්ධානය හා ජාත්‍යන්තර ගුවන්සේවා සහකරුවන් හා ගිවිසුම්ගත හවුල්කාරීත්වය සහිත දේශීය සමාගම ලෙසින් සිය අභිලාෂය පෙන්වා සිටින්නේ සුප්‍රීම් ග්ලෝබල් සමාගමයි.

 

මෙම හවුල්කාරීතවය සමගින් ජාත්‍යන්තර අත්දැකීම් ඔස්සේ මෙම මිලදී ගැනීම සඳහා සුප්‍රීම් ග්ලෝබල් සමගම සඳහා සිය මාර්ගෝපදේශකත්වය සඳහා හොඳම සහයෝගිතාකරුවා ලෙසින් MAC සමාගම හඳුනාගෙන තිබේ. උදාහරණයක් ලෙසින් මෙම සමාගම විසින් පසුගිය කාලයෙදී  AirAsia අනුබද්ධිත MasKargo සහ Teleport වැනි ප්‍රධාන ගුවන් භාණ්ඩ වාහක සේවා සපයන්නා ලෙසින් ලබා ගත් මෑත කාලීන කොන්ත්‍රාත්තු අනුගමනය කරමින් හඳුනා ගැනීම සිදු කොට තිබේ. 

 

ගිවිසුමේ නියමයන් යටතේ, සුප්‍රීම් ග්ලෝබල් සහ එහි හවුල්කරු විසින් මෙරට ජාතික ගුවන්සේවය හිමි කර ගැනීමෙන් පසුව, MAC විසින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සඳහා ගුවන් භාණ්ඩ පෝෂක ජාලයක් පිහිටුවීම සඳහා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සහ මෙහෙයුම් සහාය ලබා දෙනු ඇත. 

mmag

 

එමෙන්ම  MAC විසින් සුප්‍රීම් ග්ලෝබල් සහ එහි සන්ධානගත හවුල්කරුවන්ට මෙම අත්පත් කරගැනීමෙන් පසුව මෙම මෙහෙයුම් ලාභදායී ලෙසින් හා උසස් ප්‍රමිතියෙන් පවත්වා ගෙන යෑම පිණිස හා අභ්‍යන්තරික ප්‍රතිව්‍යුහගත කිරීමේ සහය මෙන්ම උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ භූගෝලීය තත්ත්වය ඉහළ නංවන ශක්තිමත් භාණ්ඩ ප්‍රවාහන ජාලයක් දියත් කිරීමට සහාය වනු ඇත.

මෙම ශඛ්‍යතාවයන් නිසි පරිදි විශ්ලේෂණය කොට නිවැරදි තීරණයකට එළෙඹුනහොත් මෙරට ජනතාවට යළි කිසි දිනෙක මෙරට ජාතික ගුවන් සේවය සුදු අලියෙක් ලෙසින් ඔවුන්ගේ කර මත බර නොපටවනු ඇත. මෙරට සෑම පුරවැසියකුටම අභිමානයෙන් හඳුන්වා දිය හැකි සන්නාමයක් හා රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන මෙම MMAG සහ සුප්‍රීම් ග්ලෝබල් ගිවිසුම මගින් MMAG සමූහය හරහා මෙරට ගුවන් සේවා හා ගුවන් භාණ්ඩ සේවා ගුවන් සේවා සහ සැපයුම් කර්මාන්තයේ ගෝලීය ව්‍යාප්තිය වැඩි දියුණු කිරීමටත්, ගෝලීය වශයෙන් සුවිශේෂී ස්ථානයක් ශක්තිමත් ව සනිටුහන් කිරීමටත් ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාමටත් හැකි වනු ඇතැයි මණ්ඩලය විශ්වාස කරයි. 

Supreme Global Holdings ඉන්දියාවේ Sherisha Technologies සහ Qatar's MBS Global Investments සමගින් පිහිටුවන ලද ඒකාබද්ධ හවුල්කාරී සංධානයක් යටතේ Sri Lankan Airlines මේ රටේ ජාතික උරුමයක් ලෙසින් මේ රට තුලම රඳවා තබා ගැනීමේ අපේක්ෂාවෙන් එය අත්පත් කර ගැනීමේ කොටස්කරුවෙකු ලෙසින් සාර්ථක තරගයක යෙදී සිටියි. 

එමෙන්ම එම අභිලාෂයන් තුළ ක්ෂෙත්‍රයේ ගෝලීය ප්‍රවීනයන් ගේ නිසි සහයෝගය හා උපදේශකත්වය සමගින් ව්‍යුහාත්මකව මෙම ව්‍යාපාරය ලාභදායී උසස් ප්‍රමිතිගත සන්නාමයක් කිරීමට සියළුම අභ්‍යන්තරික සැලසුම් සකසමින් සිටියි.


worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්