ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වත්මන් සභාපතිවරයා වන සරත් ගනේගොඩ ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම මස 30 වැනි දින සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම තීරණයට හේතු වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු සඳහා ලබන ඔක්තෝබර් මාසයේ සිට බ්‍රිතාන්‍ය ගුවන් සේවය (British Airways) ප්‍රවේශවීමයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ දේශීය නියෝජිතයා ලෙස හේලීස් ඒවියේෂන් (Hayleys Aviation) සමාගම කටයුතු කරන අතර, සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයි කිහිප දෙනෙක් ද එම ආයතනයට සම්බන්ධ වී සිටිති.
මෙම තත්ත්වය මත නිර්මාණය වන ලැදියාවන් අතර ගැටුම (Conflict of interest) හේතු කොටගෙන අදාළ ඉල්ලා අස්වීම සිදුවීමට නියමිත බව ආරංචි මාර්ග පවසා සිටී.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ ගෙන් මේ පිළිබඳව අප විමසා සිටි අතර ඔහුට මේ මොහොතේ ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාදිය නොහැකි බවත්, පසුව සම්බන්ධ කරගන්නා බවත් පවසා සිටියේය.
(lankalokaya)
සබැඳි පුවතක් :
බ්‍රිතාන්‍ය ගුවන් සමාගම යළි ලංකාවට: දේශීය නියෝජිත හේලීස් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවය අතර ඇත්තේ කෙබඳු සබඳතාවක්ද?








