හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
ඒ, ඊයේ (15) සවස් කාලයේදී රනිල්, විමල්ට දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අනුරාධපුරයේ සිට කොළඹට පැමිණෙන අතරතුරදි සවස 5.00ට පමණ.
"ඔයා මොකක්ද විමල් හරිනිට කළේ" යනුවෙන් රනිල් විමසා ඇති අතර විමල් පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් දරුවන්ගේ අනාගතය විනාශ කරන්න හදපු නිසා ඒකට ඉඩ නොදුන් බවයි.
කෙටි වේලාවක් පැවැති මෙම දුරකථන සංවාදයේදී වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ද කෙටි කතාබහක නිරතවීමට දෙදෙනාම අමතක කළේ නැහැ.
තවත් විස්තර :
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ඉතිහාස ගතවූ කාරණය ?







