leader s

රජයේ රෝහල් වල බෙහෙත් හිඟයක් පවතින බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA)හි සහකාර ලේකම් වන වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහි විනය පරීක්ෂණයක් ආරම්භ

කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නිදහස් සෞඛ්‍ය සේවය යනු රාජ්‍ය විසින් පවත්වාගෙන යන්නක්. ඒ පිළිබඳව ඇති ගැටලු විසදිය යුත්තේ රාජ්‍ය විසින්ම යි. වෛද්‍යවරයා යනු අදාල ක්ෂ්‍රේත්‍රයේ රාජකාරි කරන රාජ්‍ය නිලධාරියෙක්, ඔහු රජයේ සියලුම නියෝග ,නීති, රීති වලට බැදී ඉන්නවා පමනක් නොව ඒවා කැඩීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද දැනගත යුතුයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයා හෝ ඖෂධ පාලක මංඩලයේ සභාපති වරයා හෝ අදාල විෂයේ වගකිවයුත්තන් සිටියදී තමන්ට අයිති නැති විෂය ක්ෂ්‍රේත්‍රයක් ගැන කතා කිරීම යනු මාධ්‍ය ඉදිරියේ නලුවන් වීමට වැඩි යමක්ද නොවේ.

මීට පෙරද GMOA හි වෛද්‍යවරුන් (විශේෂයෙන්ම පාදෙනිය) තමන්ට අදාල නොවන විෂය ක්ෂේත්‍රයන් ගැන කතාකර හා උපදෙස් දීමට ගොස් කරන ලද විනාශයන් අපිටනම් මතකය.

අදාල විෂයන් පිළිබඳ නිසි වගකිවයුත්තන් සිටියදී මේ ආකාරයෙන් හැසිරෙන්නන් පිළිබඳව විනයානුකූලව කටයුතු නොකර රාජ්‍ය පවත්වාගෙන යන්නේ කෙසේදැයි,දේශපාලනය කරන සියලුම දෙනා මතක තබාගත යුතුයැයි අපි යෝජනා කරනවා. 

Deepthii 2021

 

 


(දීප්ති කුමාර ගුණරත්න)
සමබිම පක්ෂයේ නායක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -carbon news)



JW



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්