''මිරකල් ඩෝම්'' ලෙස නම් දරණ අති නවීන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (International Conference Services Institute - ICSI) කටුනායක පර්චස් 530 ක

විශාල ඉඩමක පිහිටා ඇත.

මෙම සුවිශේෂී පහසුකම් සහිත ගොඩනැගිල්ල පසුගිය වසර 7ක කාලය පුරාවටම ඉදි වෙමින් පැවති අතර, දෛනික යාච්ඤාව උදෙසා මධ්‍යගත ස්ථානයක් සෙවූ 13,000 කට අධික පුද්ගලයන්ගේ ත්‍යාගශීලි දායකත්වය සහ පරිත්‍යාගශීලිත්වය තුලින් මෙම ගොඩනැගිල්ල ක්‍රම ක්‍රමයෙන් හැඩ ගැසුණි. අද වන විට මේ ව්‍යාපෘතිය සදහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 2.5 කි.

දිවැසිවර ජෙරෝම්ගේ නායකත්වය යටතේ ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ගේ ආත්මික අවශ්‍යතා සපුරාලීමට හැකි ස්ථානයක් වන මහිමාන්විත සභාවේ මේ ශුද්ධ වූ ස්ථානය ගොඩනැගීමේ දර්ශනය සදහා මේ සුවිශේෂී පුද්ගලයන් මුළු හදවතින්ම තම දායකත්වය ලබා දී ඇත.

''මිරකල් ඩෝම්'' හි මූලය වසර 1996 දක්වා අතීතයට, එනම්, දේවගැති ජයලත් සහ දේවගැති වෙන්ඩි, දිවැසිවර ජෙරෝම්ගේ දෙමාපියන්, ගල්කිස්සේ පිහිටි තම කුඩා නිවසේ යාච්ඤා මෙහෙයක් ආරම්භ කල කාලය දක්වා දිව යයි. මේ ආත්මික මෙහෙයට බොහෝ පිරිසක් සහභාගී වීමත් සමගම එය ඝාතීය වර්ධනයක් අත් දකින ලදී.

Jerome Fernando 1280x720

2009 වසරේදී ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයෙකු ලෙස සභාවට පැමිණීමත් සමගම මේ වර්ධනය සැබවින්ම කැපී පෙනෙන්නට ආරම්භ විය. මහිමාන්විත සභාව පෙර නොවූ විරූ ලෙස වැඩි වර්ධනයක් පෙන්නුම් කල අතර දිනෙන් දින ව්‍යාප්ත වන සභාවට පහසුකම් සැලසීමට සහ සභාවේ වැඩි වන ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය වන පරිදි ස්ථාන කිහිපයක් කුලී පදනම යටතේ මිලදී ගැනීමට සිදු විය.

141742011 1055999451576945 6580171552275963154 n
2015 වන විට සභාවේ අනුගාමිකයන් සංඛ්‍යාව 6000 ඉක්මවා තිබු අතර ඔවුන් සියලු දෙනවම එක ස්ථානයක එක්රැස් කිරීමට සරිලන පහසුකමක් සෙවීමේ අවශ්‍යතාවය දැනුණි. මේ තීරණාත්මක කාල වකවානුව තුලදී, ''මිරකල් ඩෝම්'' හා සම්බන්ධ ඉඩමේ භුමි ප්‍රමාණය, වාස්තු විද්‍යාත්මක ව්‍යුහය, ආසන සැලැස්ම සහ ඒ හා සම්බන්ධ අනෙකුත් විශේෂ අංගයන් විවෘත දර්ශනයකින් දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු  දුටුවේය.

මේ දිව්‍යමය එලිදරව්වෙන් ආනුභාවයක් ලද ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ දිවැසිවර ජෙරෝම්ගේ අනුගාමිකයෙකු වන ග්‍රේෂන් ගුණවර්ධන, මේ කර්තව්‍ය සදහා තම කටුනායක පිහිටි අක්කර 3ක විශාල ඉඩම නිර්ලෝභීව පරිත්‍යාග කළේය.

Deed of Gift

මෑත කාලීන පුවත්පත් වාර්තා වලට පටහැනිව, මෙම විශේෂිත ඉඩම රජයට අයත් එකක් නොවන බවත්, එය කිසිදු ආයෝජන මණ්ඩල (BOI) සහනයක් සමග සම්බන්ධ නොවූ බවත් පැහැදිලි කිරීම වැදගත්ය. 2014 වසරේදී ග්‍රේෂන් ගුණවර්ධන මෙම ඉඩම රුපියල් මිලියන 92ක් දී එහි පෙර හිමිකරු අනිල් රණතුංග ගෙන් තමාගේ පෞද්ගලික භාවිතය සදහා මිලදී ගත්තේය.

1

ග්‍රේෂන් ගුණවර්ධන 6000 පමණ සෙනගකගේ ආත්මික අවශ්‍යතාවය හඳුනා ගෙන මෙම ඉඩමේ සැබෑ වටිනාකම රදා පවතින්නේ සමාජයට සේවය කිරීමට බවත්, හුදු මුල්‍යමය වාසි මත නොවන බවත් වටහා ගන්නා තෙක් 2015 වර්ෂය දක්වා මෙම ඉඩම භාවිතයට නොගෙන පැවතුණි. එතැන් සිට ක්‍රියාශීලි සහ කැපවූ ක්‍රිස්තු අනුගාමිකයෙකු බවට පත් වෙමින්, මහිමාන්විත සභාවට පරාර්ථකාමිව මෙම ඉඩම පරිත්‍යාග කිරීමට ඔහු පෙළඹවූයේ මෙම ගැඹුරු අවබෝධයයි.

මුල් අවධියේ පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු ලෙස හැදින්වුවද පසු කාලීනව දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු ලෙස හදුන්වන ඔහුගේ මේ කැදවීම ලොව පුරා කිතුණු නායකයන් විසින් පිළිගනු ලැබුවේ, ප්‍රෝපේතමය තලයේ ක්‍රියා කිරීම සදහා ඔහු තුල ඇති සැබෑ දීමනාව සහ ඒ තුල ඔහු ක්‍රියාකරන විශිෂ්ට ආකාරය නිසාවෙනි.

2

RH Holdings Pvt Ltd ආයතනයේ ගෘහ නිර්මාණ ශිල්පියා වන සේවය කරන මිගාර ද අල්විස් මෙම විශිෂ්ට පහසුකම ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය භාර ගැනීමත් සමගම 2015 දී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.

ඉදිකිරීම් කටයුතු නිම කිරීම සදහා වසර හතක් වැනි දිගු කාලයක් ගත වූ අතර, ඒත් සමගම සභාවේ අනුගාමික පදනමද සැලකිය යුතු ලෙස වර්ධනය විය. 2023 වසර අවසන් වන විට අනුගාමිකයන් 13,000 කට අධික සංඛ්‍යාවක් නිතිපතා සේවාවන් සදහා සහභාගී වීමට පටන් ගෙන ඇත. මධ්‍යගත යාච්ඤා ස්ථානයක වැදගත්කම සහ දිවැසිවර ජෙරෝම්ගේ දිනෙන් දින වර්ධනය වන අනුග්‍රහය හදුනාගත් මේ සභාවේ අනුගාමිකයන්, ඉදිකිරීම් වියදම් පියවා ගැනීම සඳහා නොකඩවා මහිමාන්විත සභාවට අරමුදල් සම්පාදනය කළහ.

COVID – 19 වසංගතය සහ දේශීය ආර්ථික දුෂ්කරතා විසින් එල්ල කරන ලද අභියෝග නොතකා දේශීය සහ ජාත්‍යන්තර අනුගාමිකයන් විසින් මහිමාන්විත සභාවට සහයෝගය දැක්වීමට නොපසුබට උත්සාහයක් ගත්හ.

පාරදෘශ්‍යභාවය තහවුරු කිරීම සදහා සහ තම දුක් මහන්සියෙන් උපයන මුදල් සම්පාදනය කිරීමෙන් නොමසුරුව දායකත්වය ලබා දෙන අනුගාමිකයන්ට ''මිරකල් ඩෝම්'' හි හිමිකාරිත්වය තහවුරු කිරීම සදහා, එහි හිමිකාරිත්වය අධීක්ෂණය කිරීම සදහා භාරයක් පිහිටුවන ලදී. මේ භාරය එහි අනුගාමිකයන් විසින් නියෝජනය කරනු ලබන අතර ඔවුන්ගේ අවශ්‍යතා මේ භාරය මගින් ආරක්ෂා කරනු ලබයි. නොමග යවන සුළු මාධ්‍ය, වාර්තා කරන පරිදි දිවැසිවර ජෙරොම්ට ''මිරකල් ඩෝම'' හි හිමිකාරිත්වයක් නොමැති බව තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ.

''මිරකල් ඩෝම් භාරය'' විසින්, ඉදිකිරීම් කටයුතු සඳහා  වියදම් කරන සැම රුපියලකම ගිණුම්කරණය සහ නිවැරදි මුල්‍ය වාර්තාකරණය කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු කරන ලදී. මේ කර්තව්‍ය සාර්ථකව කර ගැනීම 'මිරකල් ඩෝම් භාරය' විසින් දේශීය සහ ජාත්‍යන්තර නම් දැරූ විගණන ආයතනයක් වන KPMG ආයතනයට පවරන ලදී. මෙම හවුල්කාරිත්වය අද දක්වාම සක්‍රියව පවතින අතර නිවැරදි මුල්‍ය වාර්තා පවත්වාගෙන යාමට සහ සියලු පාර්ශවකරුවන් සදහා විනිවිදභාවය සහතික කිරීමට ඇති කැපවීම තවදුරටත් පෙන්නුම් කරයි.

Dome Pic 02
ශ්‍රී ලංකාව තුල එවැනි ස්ථානයක් සදහා පවතින දැඩි ඉල්ලුම හදුනා ගනිමින් 'මිරකල් ඩෝම්' ගොඩනැගිල්ල බහු පරිශීලක පහසුකමක් ලෙස ක්‍රියාත්මක කිරීමට 'මිරකල් ඩෝම් භාරය' උපායමාර්ගික තීරණයක් ගත්තේය. මහා පරිමාණ සම්මන්ත්‍රණ හෝ රැස්වීම් පැවැත්වීම සදහා 5000 කට අධික ආසන සංඛ්‍යාවකින් යුත් ශාලාවන් වල හිගයක් ඇති බව පැහැදිලි වූ නිසා, 'මිරකල් ඩෝම්' ගොඩනැගිල්ල එවැනි පහසුකම් සදහා ආකර්ශණිය ගොඩනැගිල්ලක් වන අතර එය ඵලදායිව භාවිතා කිරීමෙන් අමතර ආදායමක්ද ලබා ගැනීමට හැකිය.

අපේක්ෂා කළ පරිදි, ව්‍යාපෘතිය අවසන් වූ දා පටන්, වෙන්කරවා ගැනීම් සදහා කැමැත්ත ප්‍රකාශ කරමින්, විශේෂයෙන් ඉන්දියාවෙන් නොයෙකුත් විමසීම් පැමිණ ඇත. 'මිරකල් ඩෝම්' ව්‍යාපෘතිය මගින් ලාභ ලබා ගැනීමේ හැකියාව මෙලෙස පෙන්නුම් කිරීම නිසා, 'මිරකල් ඩෝම්' භාරය එමගින් මහත් සේ ප්‍රීතියට පත්ව ඇත. දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දුගේ ආගමික රැස්වීම් පැවැත්වීමට අමතරව ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට ද එමගින් මගගු පිටුවහලක් ලැබෙන අතර, ඒ තුලින් රටට ඇමරිකන් ඩොලර් ගලා ඒමද සිදු වේ.

අවසාන වශයෙන් 'මිරකල් ඩෝම්' ශ්‍රී ලංකාවේ සමස්ත සංවර්ධනයට සහ සමෘද්ධියට සැලකිය යුතු දායකත්වයක් සපනය අතරම සභාවේ සෙනගගේ අවශ්‍යතා සපුරමින් ආත්මික භූමියක් ලෙස මෙන්ම ආර්ථික සම්පතක් ලෙසද කටයුතු කරයි.

දිවැසිවර ජෙරෝම් ගැන හෙළිදරව්වක් !

Prophet Pic 03
ජෙරෝම් ප්‍රනාන්දු ලෙස හඳුන්වනු ලැබූ ඔහු කොළඹ ශාන්ත පීතර විදුහලේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු විය. පසු කාලයකදී 19න් පහළ ජාතික කණ්ඩායමේ නායක තනතුරද ඔහු හෙබවුවේය. වෘත්තීය ජීවිතයේදි ඇඟලුම් කර්මාන්තය තුල ඔහු දැක්වූ නිපුණතා හේතුවෙන් ඔහු ප්‍රසිද්ධියට පත්විය. ඔහු මුලින්ම MAS හෝල්ඩින්ග්ස්, ස්ටුවර්ට් ලංකා වැ නි ප්‍රමුඛ පෙලේ ආයතනයන්හි සේවය කළේය. ඒ ඔහු ලෝව පුරා ප්‍රමුඛ වෙළඳ නාමවලට ඇඟලුම් සැපයු පොස්ට්මාර්ක් කලෝ තින් (postmark clothing) යන සාර්ථක වෙළඳ නාමය හා ආයතන ස්ථාපිත කිරීමට පෙරය.

තම දෙමාපියන්ගේ ආත්මික ගමනේ අත්දැකීම් ලබමින් හදී වැඩුනු දිවැසිවර ජෙරෝම් ප්‍රනාන්දු තම තුල වූ වානිජ්‍යමය උනන්දුව අතහැර 2009 දි මහිමාන්විත් සභාවේ පුර්ණ කාලින දේශකයකු වීමට තීරණය කළේය. ඔහුගේ සම්බන්ධවීම සිය ගනනක් අලුත් සෙනග ආකර්ෂණය කිරීමට සමත් වෙමින් අලුත් වූ උද්යෝගයක් ඇතිකරමින් වේගවත් වර්ධනයක් ඇති කළේය. දේව මෙහෙයන්ට සහභා ගී වෙමින් දිනෙන් දින වැඩි වූ සංඛ්‍යාව වර්ධනය වූ තිබු බැවින් සභා  සෙනග සඳහා ස්ථාන රැසක් ස්ථාපනය කිරීමට හේතු විය.

මෙම කාලය අතරතුර 'මිරකල් ඩොම්' පිළිබඳ දිව්‍යමය දර්ශනයක් දිවැසිවර ජෙරොම් හට ලැබුනේය. දෙවියන් වහන්සේ 'මිරකල් ඩොම්' ගොඩනගන ස්ථානය, ගෘහ නිර්මාණය, මෝස්තරය, ප්‍රමාණය සහ අභ්‍යන්තරය ඇතුලු සියලු පැතිකඩ පිළිබඳ විස්තර කරමින් මග පෙන්වූ ආකාරය ඔහු තම අනුගාමිකයන් සමග හෘදයංගමව බෙදා ගත්තේය. තම ආත්මික කැඳවීම මගින් දිරිමත් කරනු ලැබ ඔහු 'මිරකල් ඩොම්' සමග ගඹුරු ලෙස සම්බන්ධවීමට පටන් ගත්තේය. නමුත් හිමිකම තම සතුකර නොගෙන එය භාවිත කරන අය අතර එක අයෙකු වීමට ඔහු තීරණය කළේය. මෙම තීරණය භාරකාරයින් හට හා 'මිරකල් ඩොම්' හිමිකරුවන් හට තම ත්‍යාගශීලි ප්‍රයත්නය සඳහා  අවශ්‍ය ආදායම් උත්පාදනය කර ගැනීමේ හැකියව ලැබී තිබේ.    

Dome Pic 03

හොරෙන් ඉපයූ මුදල් පිළිබඳව මෙසේ කරුණු දක්වමු

හොරෙන් මුදල් උපයා ඒවා වසන් කිරීම පිළිබඳ වියහැකි කාරණා පිළිබඳව මෑත කාලයේ සාකච්ජාවට බඳුන් විය. කෙසේ වෙතත් 'මිරකල් ඩොම්' සහ දිවැසිවර ජෙරෝම් සම්පුර්ණයෙන් විනිවිද භාවයෙන් සහ අවංක භාවයෙන් යුක්තව ක්‍රියා කරන බව පැහැදිලි කිරීම අත්‍යවශ්‍යයි. ව්‍යාපෘතිය සඳහා වැය කරනු ලැබූ සැම රුපියලක්ම තමන් වෙහෙසවී උපයා ගත් මුදලින් තම කැමැත්තෙන් මහිමාන්විත සභාව උදෙසා අනුගාමිකයන් විසින් පරිත්‍යාග කරනු ලැබූ මුදල්ය.

'මිරකල් ඩොම්' භාරකරුවන් සඳහා දිවැසිවර ජෙරෝම් ආරම්භයේ පටන් දැඩි මුල්‍යමය ගණන්දීමක් සහතික කරයි. උසස් මට්ටමක පවතින ගණන් තැබීම සහ KPMG විගණන ආයතනය සමග සහයෝගයෙන් ක්‍රියා කරමින් ඔවුන් නිවැරදි මුල්‍යමය වාර්තා පවත්වා ගෙන යති. ලැබෙන සැම රුපියලක්ම අතිශයින් නිවැරදි ලෙස ගිණුම් ගතකො ට ඇති අතර සැම වියදමක්ම අප්‍රමාදව වාර්තා ගතකරනු ලබයි. නිවැරදි දේශීය මුල්‍යමය පරීක්ෂාවන් ශේෂයන් නිවැරදිව සටහන්ව ඇත. මෙය 'මිරකල් ඩොම්' හෝ  දිවැසිවර ජෙරෝම් “මුදල් සැඟවීම” යන යෙදුම පිළිබඳ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවට පරීක්ෂණ පවත්වන අයට තෘප්තිමත් වීමට හේතු වේ.

අවසානය : යුක්තිය  සෙවීම

Prophet Pic 02
පෙර සඳහන් කරන ලද තත්වයන් අනුව දිවැසිවර ජෙරෝම් අත්ඩංගුවට ගැනීමට හෝ වෛරී අන්තවාදී කණ්ඩායම්වල න්‍යාය පත්‍රයන්ට අනුව ICCPR ආයුධයක් ලෙස ලස භාවිතා කිරීම කුසලතා හීන කරන්නේය. එපමකුදු නො ව “හොරෙන් ඉපයූ මුදල් සේවිම” සමාජයට කිසි හානියක් නො කළ මහිමාන්විත සභාවේ ගෞරවනිය ක්‍රියාවන්ට කිසි සෙත් අදාළ නොවේ.

මෙම තත්වය මත යුක්තිය හා සාධාරණත්වය ජය ගන්න තෙක් ගෝලීය ප්‍රජාව අවධයෙන් බලා සිටියි. මහිමාන්විත සභාව ශ්‍රී ලංකාවේ අභිමානය ලෙස නැගී සිටි 'මිරකල් ඩොම්' එක්සත් ප්‍රජාවක එක්සත්බව හා ඇදහිල්ල පිළිබඳ ආදර්ශයකි. මෙවැනි ප්‍රයත්නයන් අවතක්සේරු කරනු වෙනුවට එක්සත් බව හා ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්තීන් වලට සේවය ලබා දෙන්නා වූ 'මිර්කල් ඩොම්' වැනි ව්‍යාපෘති ස්ථාපිත කිරීමට සහ තව තවත් ප්‍රජාවන් දියුණු කිරීමට වෙර දරමු.


(බාහිර ලේඛකයකු විසිනි)


JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්