leader s

ඉන්දියාව හඳට යැව්ව චන්ද්‍රයන් 3 යානයේ විද්‍යාත්මක සහ තාක්ෂණික පැත්ත දියුණු කරන්න ඉන්දියානු ස්ත්‍රී විද්‍යාඥවරියන් සෑහෙන්න උරදීලා තියනවා. එයාල සාරි ඇඳගෙන ඒ ජයග්‍රහණය සමරන ජායාරූප වගයකුත්

බුකියේ ෂෙයා වෙනවා.

ලංකාවේ ඉපයීම් වලින් ලොකු කාර්යයක් ස්ත්‍රී ශ්‍රමය කරනවා. තේ කරමාන්තය, ඇඟලුම් කර්මාන්තය, විදෙස් ශ්‍රමිකයින් වගේම ගුරු ක්ෂේත්‍රය, වෛද්‍ය ක්ෂේත්‍රය වගේ ක්ෂේත්‍රවලත් ස්ත්‍රියගේ දායකත්වය ඉහලයි.

එක වෙලාවක මංගල කියනවලු අපි මේ හැම වැඩක්ම ගැහැණුම දාල කරමු කියල. ඒ කියන්නේ පිරිමි වගේම හෝ ඊටත් වඩා  ඵලදායිතාවක් අත්පත් කරගන්න ස්ත්‍රියට පුළුවන් කියන අදහස මංගල සැකකරලා නැහැ. ඒක හරි නූතන දෙයක්. රැඩිකල් දෙයක්.

මේ වෙනකොට විශ්ව විද්‍යාල වලට ඇතුළත් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් වැඩි පිරිසක් ස්ත්‍රීන්. ඔවුන් අධ්‍යාපනයට උනන්දුයි. ඉදිරියට යන්න උනන්දුයි. නිර්මාණශීලි නිදහස දුන්නොත්, නියම මඟ පෙන්වීම දුන්නොත්, අවශ්‍ය සමාජ නිදහස දුන්නොත් ඇය අපිව එක්තරා දිනයක සඳ වෙත ගෙනියන්න පුළුවන්.

24 වෙනිදා මංගල මතක (නැත්නම් මතක මංගල) දේශනයේ මතුඋණ අදහසක් තමයි මේ පොළොව විශ්වාස කරන්න. ඇය විශ්වාස කරන්න කියන අදහස....

එහෙම අදහසක් මතුකෙරුවේ එදා උත්සව සභාව ඇමතු ආචාර්ය මහේෂ් හපුගොඩ..

මහේෂ් මෙහෙමත් කිව්වා.

අද වගේ දවසක මංගල වගේ කෙනෙක් ලාංකික දේශපාලනයේ නැති අඩුව තදින් දැනෙනවා. විශේෂයෙන් එකිනෙකට නොපෑහෙන දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ එකමුතු කරන්න මංගල ලොකු දක්ෂතාවක් දැක්වුවා (negotiate). දේශපාලන ධ්‍රැවීයකරණය කොච්චර පළල් ලෙස තිබ්බත් ඔහුට පුළුවන් උණා ඒ අය එක්ක අදහස් හුවමාරු කරගන්න. අද වුණත් ඒ වගේ කඳවුරු වල ඈත බව ගොඩක් තේරෙන්න තියන දෙයක්. වම, අරගලය, දකුණ, ස්ත්‍රී වාදී, අනන්‍යතා දේශපාලන වශයෙන් ගොඩක් අය ඉන්නවා. නමුත් ඇත්ත දක්ෂයෙක්ට ඒ අය සම්බන්ද කරන එක මහාලොකු දෙයක් නෙවෙයි.

ලංකාවට ඕනි වීදි සටන්කරුවන් විතරක් නෙවෙයි. සාකච්චා සම්මන්ත්‍රණ තියන්න පුළුවන්, ඈත ඉන්න අය ලංකරන්න පුළුවන් දේශපාලන මැදහත්කරුවනුත් අවශ්‍යයි. මංගල ඔය දෙකටම දක්ෂයෙක්. 

ආචාර්ය මහේෂ් ගේ දේශනය පහත වීඩියෝ වේ.

 

 

JW



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්