මේ වන විට ලෝකයේ විවිධ මත දරන සහ විවිධ කණ්ඩායම් ලෙස ක්‍රියාකරන බව පෙනී යන රටවල් රැසක

නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටිති‍.

විශේෂයෙන් මැද පෙරදිග රටවල් කිහිපයක් අතර සහ සටන්කාමී සංවිධාන කිහිපයක් අතර මතවාද සහ ගැටුම් නිර්මාණය වෙමින් පවතින අවස්ථාවක මෙම සංචාරයන් සිදු වීම විශේෂත්වයකි.

ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලට තර්ජනයක් වී ඇති හූතිවරුන්ට එරෙහි මෙහෙයුම් සඳහා රතු මුහුද වෙත යුද නෞකාවක් යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පසුගියදා නිවේදනය කළේය.

මෙම පසුබිම තුළ ඊශ්‍රායල්, ඇමෙරිකානු හා ඉරාන රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ ශ්‍රී ලංකාවේ සංචාරවල සැබෑ අරමුණ කුමක් ද?

xfy5yt

මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ මහජන කටයුතු සම්බන්ධ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් එලිසබෙත් ඇලන් ශ්‍රී ලංකාවට පැමිණ සාකච්ඡාවල‌ට සහභාගි වූවාය.

 

රාජ්‍ය නියෝජිතයින්ගේ සංචාර
මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ මහජන කටයුතු සම්බන්ධ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් එලිසබෙත් ඇලන් ශ්‍රී ලංකාවට පැමිණ සාකච්ඡාවල‌ට සහභාගි වූවාය.

ඇය එහිදී, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට තවදුරටත් සහයෝගය ලබා දෙන බවට පොරොන්දු දුන් බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

මේ අතර, ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් පෙබරවාරි 19 වන දා සිට 21 වන දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිට, ජර්මනියේ මියුනිච් නුවර පැවැත්වෙන 60 වන මියුනික් ආරක්ෂක සම්මේලනය සඳහා ඇරයුම් ලැබී තිබිණි.

xfg56vb

ඊශ්‍රායලයේ ප්‍රවාහන සහ මාර්ග ආරක්ෂණ අමාත්‍යවරිය වන මීරි රෙගෙව් ද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

 

ඊශ්‍රායලය සමග සබඳතා අලුත් වීම

ගාසා තීරයේ යුද්ධය හරහා ලෝකයේ බහුතර රටවල අප්‍රසාදයට ලක්ව සිටින ඊශ්‍රායලය සමග ශ්‍රී ලංකාව ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ ප්‍රවණතාවක් ද දක්නට තිබේ.

එම සබඳතාවල මෑතක ම සිදුවීම වූයේ, ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ඍජු ගුවන් ගමන් සේවා සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමය.

එම ගිවිසුමට අත්සන් තැබීම සඳහා ඊශ්‍රායලයේ ප්‍රවාහන සහ මාර්ග ආරක්ෂණ අමාත්‍යවරිය වන මීරි රෙගෙව් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

මේ අතර, ගාසා තීරයේ යුද්ධය උත්සන්න වෙමින් පැවති නොවැම්බර් මාසයේදී ශ්‍රී ලාංකික කෘෂි කම්කරුවන් 10,000ක් ඊශ්‍රායලය වෙත යැවීම සඳහා ගිවිසුමකට ද එළඹිණි.

මෙම සබඳතා වර්ධනය වන්නේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී පලස්තීනයට සහය පළ කරමින් ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රී ලංකාව ද එකඟත්වය පළ කර තිබියදී ය.

ඊශ්‍රායල – හමාස් ගැටුමේදී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පලස්තීනයේ විදේශ කටයුතු හා සංක්‍රමණිකයින් පිළිබඳ අමාත්‍ය ආචාර්ය රියාද් මල්කි (Dr. Riyad Malki) සමග 'G77 සහ චීනය' 3 වන දකුණු සමුළුවට සමගාමීව ජනවාරි 21 වන දා උගන්ඩාවේදී පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ගැටුම් නවත්වා සාමය ස්ථාපනය කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වසර 5ක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ යෝජනාව බව ද කියා සිටියේය.

එසේම පලස්තීනයේ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ ඔවුන්ට ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් ස්ථාපනය කර ගැනීමට ඇති අහිමි කළ නොහැකි අයිතිවාසිකම සඳහා ඉහළ ම ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ft54hjfrd

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිට, ජර්මනියේ මියුනිච් නුවර පැවැත්වෙන 60 වන මියුනික් ආරක්ෂක සම්මේලනය සඳහා ඇරයුම් ලැබී තිබිණි.

 

ඉරාන යුද්ධ නෞකා දෙකක් ශ්‍රී ලංකාවට

ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකා දෙක නිල සංචාරයක් සඳහා පෙබරවාරි 16 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය.

එම නෞකා දෙක පෙබරවාරි 19 වන දා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.

IRINS ‘Bushehr’ නෞකාව, දිගින් මීටර් 107 හා නැව් මුළුව දෙසිය හැත්තෑ දෙනෙකුගෙන් (270) සමන්විත වූ අතර, ‘Tonb’ නෞකාව, දිගින් මීටර් 94.94 හා නැව් මුළුව දෙසිය පනස් දෙනෙකුගෙන් (250) සමන්විත විය.

මැද පෙරදිග ඇතුළු රටවල් රැසක රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයින් මෙන් ම යුද්ධ නෞකා ශ්‍රී ලංකාවට පැමිණීමට හේතුව ශ්‍රී ලංකාව 'හූති' කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා ශ්‍රී ලංකාව සහය දීම හේතුවෙන් ඇති වූ දේශපාලනික බලපෑමක් ද? යන්න ඇතැමෙක් සැක මතු කරති.

කෙසේ වෙතත්, ඉරාන යුද්ධ නෞකා දෙකක් ශ්‍රී ලංකාවට පැමිණියේ නිල සංචාරයක් සඳහා වන අතර වෙනත් කිසිදු අරමුණක් ඒ පසුපස නැතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය බීබීසී සිංහල සේවයට පැවසීය.

xfty5f

ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකා දෙක නිල සංචාරයක් සඳහා පෙබරවාරි 16 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය.

 

'ආණ්ඩුව ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන ආකාරය ඉතා හොඳයි' - මහාචාර්ය රොහාන් ගුණරත්න

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්නගේ අදහස් විමසීමු.

ඔහු ප්‍රකාශ කළේ, කඩා වැටුණු ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව මෙම අවස්ථාවේදී ඉතා කල්පනාකාරී ලෙස ජාත්‍යන්තරයේ සියලු පාර්ශව සමග ගනුදෙනු කළ යුතු බවය.

"ආර්ථිකයක් කඩා වැටුණා ම ඒ ආර්ථිකය ආයෙත් හදන්න අවුරුදු ගාණක් යනවා. ඒකට ලංකාව, ඇමෙරිකාවත් චීනයත් යුරෝපයත්, මැද පෙරදිගත් සමග බොහොම කල්පනාකාරීව ගනුදෙනු කළ යුතුයි. දැනට ලංකාවට වැඩියෙන් ම උදව් ඇවිල්ලා තියෙන්නෙ ඉන්දියාවෙන්. ලංකාව මේ අවස්ථාවේදී ඒ රටවල් සමග බොහොම කල්පනාකාරීව සාකච්ඡා කරලා ලංකාවේ ආර්ථිකය හැදිය යුතුයි. මොක ද ආර්ථිකය හදාගත්තෙ නැත්නම් ලංකාවට ස්වාධීනව තව ඉස්සරහට යන්න අපහසුතාවක් ඇති වෙනවා. ඇමෙරිකාවයි - චීනයයි, යුරෝපයයි - චීනයයි, ඉන්දියාවයි - චීනයයි අතර හුඟක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඊළඟට චීනය මැද පෙරදිග තියෙන ඉරානයත් සමග හොඳ මිත්‍රත්වයක් ඇති කරලා රුසියාවත් සමග ඒ කට්ටිය එක පැත්තක වැඩ කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ලංකාව මේ ඔක්කොම රටවල් සමග එකට එකතු වෙලා වැඩ කරන්න අවශ්‍යයි, ලංකාවේ ආර්ථිකය හදාගන්න," මහාචාර්ය රොහාන් ගුණරත්න පැවසීය.

මේ අතර, හූති කැරලිකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරන ස්ථාවරය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට බලපාන ආකාරය ඔහු පැහැදිලි කළේ මෙලෙසිනි.

"හූති කට්ටිය යේමන්වල අරාබි මුහුදු සහ රතු මුහුදු ප්‍රදේශවලින් එන නැව්වලට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඉතින් ඒ කට්ටිය ජාත්‍යන්තර නීතිවලට පටහැණිව ක්‍රියා කරලා තියෙනවා. මේ ත්‍රස්තවාදී සංවිධානවලට මේ වගේ ප්‍රහාර එල්ල කරනවා නම් ඒවාට ලංකාව විරුද්ධ විය යුතුයි. ඒකට සමහර වෙලාවට ඉරානය විරුද්ධ වෙන්න පුළුවන්. මොක ද, ඉරානය හූති කැරලිකරුවන් සමග එකට එකතු වෙලා වැඩ කරන රටක්. හැබැයි ලංකාව වෙනත් ප්‍රතිපත්තියක් ඇති රටක් වශයෙන් මේ අවස්ථාවේදී ඒ ත්‍රස්තවාදී සංවිධාන, ඒ කියන්නෙ හමාස්, අන්සාරුල්ලා සංවිධානය, හිස්බුල්ලා සංවිධානය ඇතුළු සංවිධානවලට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුයි. මොක ද, ලංකාවේ අවුරුදු 30ක් ත්‍රස්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වුණානේ. ඉතින් එවැනි සංවිධානවලට විරුද්ධව ලංකාව ක්‍රියා කළ යුතුයි. මොක ද, ලංකාව කියන්නේ ත්‍රස්තවාදයෙන් හුඟක් දුක් විඳපු රටක්."

 

'මැරීගෙන යන ආණ්ඩුවක විකාර හැසිරීමක්' - ආචාර්ය දයාන් ජයතිලක

වත්මන් ආණ්ඩුවේ ජාත්‍යන්ත සබඳතා සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස ද සේවය කළ ආචාර්ය දයාන් ජයතිලක දරන්නේ මහාචාර්ය රොහාන් ගුණරත්නගේ අදහස්වලට ප්‍රතිවිරුද්ධ අදහසකි.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජාත්‍යන්තර සබඳතා සහ චර්යාවන් ගත් විට ඒකෙ තියෙන්නෙ අතාර්කික, අරාජිකභාවයක්. දැන් බලන්න හූති කැරලිකරුවන් ගාසා යුද්ධයේදී පලස්තීනයට සහය දෙන්න කියල ඊශ්‍රායලයට සම්බන්ධ නැව්වලට ගහන්න උත්සහ දැරුවා‍. එතකොට ඇමෙරිකාවයි, බ්‍රිතාන්‍යයි යුද්ධමය පියවර ගත්තා. දැන් ඒක අස්සට මේ පුංචි ලංකාව අපේ නැවක් යවන්න ලෑස්ති වුණා. ඒක යැව්වා නම් රතු මුහුදේ ගිලිලා මැරෙනවා අපේ මිනිස්සු. ඒක ඉතා ම අතාර්කික, මෝඩ දෙයක්. වේලුපිල්ලේ ප්‍රභාකරන්ට විරුද්ධව යුද්ධය නවත්තපු රනිල් වික්‍රමසිංහ, හූති කැරලිකරුවන්ට විරුද්ධව අපේ යුද්ධ නැවක් යවනවා.”

මෙම හැසිරීම “සම්පූර්ණයෙන් අසාර්ථක, අතාර්කික, මැරීගෙන යන ආණ්ඩුවක විකාර හැසිරීමක්” බව ආචාර්ය දයාන් ජයතිලක වැඩිදුරටත් පැවසීය.

“ඊට පස්සේ ඊශ්‍රායලය සමග ඍජු ගුවන් ගමන් අවශ්‍යයි කියලා අපි දැක්කා, ඊශ්‍රායලයේ කොඩිය සහිතව මෙතන ගිවිසුම් අත්සන් කරනවා. හැම රටක් සමග ම මිත්‍ර සබඳතා පවත්වාගෙන යාම හොඳ දෙයක්. නමුත්, ඒවාට නිසි කාලයක් තියෙනවා. දැන් මේ මුළු ලෝකය ම වගේ ඊශ්‍රායලය මේ කරන ජන ඝාතක, සමූල ඝාතක ගාසා යුද්ධයට විරුද්ධව නැගී සිටලා තියෙනවා. අද වෙනකොට ඇමෙරිකාව පවා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ගේන්න සූදානමින් ඉන්නවා, රෆාවලට ඊශ්‍රායලය ගහන්න යන එකට විරුද්ධව. ඒ වගේ ලෝක ජනමතයක් ගොඩනැගිලා තියෙන්නේ. ඒ අස්සේ ඊශ්‍රායල් ඇමතිවරියක් ලංකාවට ගෙන්නගෙන ඊශ්‍රායල් කොඩිය මෙතන දාගෙන මේ ආණ්ඩුව ගිවිසුම් ගහනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි මොහොතක්. දකුණු අප්‍රිකාවේ ලෝක අධිකරණයෙත් නඩුවක් දාලා තියෙනවා, මේ අයට විරුද්ධව. ඒ වගේ තත්ත්වයක් තියෙද්දි මොන වගේ පිස්සු විකාරයක් ද ඊශ්‍රායලය බදා ගන්න එක? මේක සම්පූර්ණයෙන් අසාර්ථකයි, අතාර්කිකයි, මැරීගෙන යන ආණ්ඩුවක විකාර හැසිරීම් හැටියට තමයි මම මේවා දකින්නේ.”


(BBC සිංහල සේවය)
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්