කතානායකට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාද වීමෙන් පසුව කතානායත මහින්ද යාපා අබේවර්ධන කළ ප්‍රකාශය මිනිසෙකුගේ හෘදය සාක්ෂිය සම්බන්ධව අපූරු උදාහරණයකි. 


එය ඇසූ කෙනෙකුට පිදෙල් ක්‍රැස්තෝ තමන්ට එරෙහි නඩු විභාගයේදී  ඉතිහාසය මා නිදහස් කරනු ඇත යනුවෙන් කළ ප්‍රකට ප්‍රකාශය සිහිපත් වුණා නම් එය කිසිසේත් පුදුම විය යුතු නොවේ. 

 



එසේම තමන් හැර වෙන කිසිවෙකු විශිෂ්ට නැත යන හීන මානයෙන් පෙළෙන උප්පැන්න සහතික දෙකකට හිමිකම් කියන විමල් වීරවංශ, මහින්ද යාපා අබේවර්ධන ගැන දුන් සහතිකය මෙහිදී ඉස්මතු කරන්නේ වීරවංශට නොව මහින්ද යාපාට කෙරෙන සැලකිල්ලක් හැටියටය. 

 

137609809 15423239162611nහොඳම උදාහරණය 2018 නොවැම්බරයේ පාර්ලිමේන්තුව ගිනි තැබීමට තැත් කළ අවස්ථාවේ කරු ජයසුරිය මුහුණ දුන් ආකාරයයි

පවත්නා දේශපාලන තත්වය තුළ වර්තමාන කතානායක වරයාට පාර්ලිමේන්තුව හැසිරවීමේදී බොහෝ අභ්‍යාසයන් කිරීමට සිදුවිය. එවැනි අභ්‍යාසයකට දිය හැකි හොඳම උදාහරණය 2018 නොවැම්බරයේ පාර්ලිමේන්තුව ගිනි තැබීමට තැත් කළ අවස්ථාවේ කරු ජයසුරිය මුහුණ දුන් ආකාරයයි. 2022දී රට මුහුණ දුන් අභාග්‍ය සම්පන්න තත්වය මේ වනවිට රනිල් වික්‍රමසිංහ නම් පාලකයාගේ මැදිහත්වීම හේතුවෙන් යම් පමණකට යහපත් අතට හැරී ඇත. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ ගත් බොහෝ සද්භාවි තීරණ ඔහුගේ දේශපාලන හතුරන් නැවත ඔහු වෙත ආපසු දමා ගසමින් සිටින්නාහ. 

tax cutරට වැටුණේ බදු ගෙවීම නතර කළ නිසාය.

 

දේශතුණීක හේතු නිසා එළවළු මිල ඉහළ ගිය අවස්ථාවේ එකී තත්වය වැට් බදු ප්‍රතිපත්තියට යට කිරීම එක් උදාහරණයක් පමණකි. ආර්ථික වශයෙන් කිසිදු පීඩනයක් නොමැති 2015-2019 යහ පාලන කාලයේත් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය. රවි කරුණානායක කී ආකාරයට 2018 වන විට ඍජු බදු ෆයිල් 17 ලක්ෂ හැට අට දහසක් විවෘත කැර තිබිණ. පෙළ ගැසුණ හැට නව ලක්ෂය යනු එවැනි යටි බිම් ගත ව්‍යාපාර විය. රට වැටුණේ බදු ගෙවීම නතර කළ නිසාය. අද යළි හිස ඔසවන්නේ බදු ආදායම් ඉහළ යාම නිසාය. සකල විපක්ෂයම දැන් සිටින්නේ බදු අය නොකර රට කරවන යන්ත්‍ර මන්ත්‍ර කාරයන් හැටියටය. එදාත් අදත් මේ කුච්ඡ ව්‍යාපාරය කරමින් ජනතාවගේ සාක්කුවට ගැසූ අය යළි පෙළ ගැසී සිටිති. 

ජනතාව ගොනාට ඇන්දවමින් ඔබයි අපේ මිනිහා නම් පුස්සා කෙළින් කළ ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, චරිත හේරත්, විරවංශ, ගම්මන්පිල ආදින් උප්පැන්න සහතිකය අත තබාගෙන මේ අපේ තාත්තා නොවේ යයි කියමින් අවජාතක සෙයියාවෙන් පාර්ලිමේන්තුවේ හැසිරෙද්දී එහි සම්ප්‍රදාය ආරක්ෂා කිරීම යනු පහසු කටයුත්තක් නොවේ.  

 

ඩලස් - සජිත් හවුල පැරදුණේ ඇයි?මහින්ද යාපාට පැවරී ඇත්තේ සජිත් ප්‍රේමදාසගෙන් අනෙක් දෙසිය විසි හතර දෙනාගේ අයිතීන් වරප්‍රසාද ආරක්ෂා කර දීමේ බරපතල වගකීම නොවේ යයි කිසිවෙකුට කිව හැකිද?

ඊට අමතරව සජිත් ප්‍රේමදාසගේ දේශපානික මන්ද බුද්ධික භාවයට ඩලස්ලා ජීඇල්ලා මතු නොව අනුර කුමාරලා පවා උඩ ගෙඩි දෙමින් මිනිගෙඩි සොලවද්දී තත්වය සමබර කිරීමත් මෙහිදී සැලකිල්ලට ලක් කෙරෙයි. සජිත් විපක්ෂ නායක තනතුරට ආවේස වී නඩන නාඩගමට සජබ මන්ත්‍රින්ට පවා ඇත්තේ පිළිකුළකි.  

එහෙත් පාර්ලිමේන්තු ක්‍රමයයේ භාර කාරයා වන මහින්ද යාපා මෙහිදී ක්‍රියා කරන්නේ රටේ තත්වය ගැන පවත්නා දැඩි වගකීමෙනි. ව්‍යවස්ථාදායක සභා සිද්ධියේදී තීරණාත්මක ඡන්ද විමසීම හමුවේ නපුංසකයන් සේ හැසිරුණ අමනයන් නො පැමිණියන් ලෙස සලකා ක්‍රියා කිරීමට පවත්නා සද්භාවි අයිතිය පාර්ලිමේන්තුව නියෝජනය කළ නීතිඥයන්ට සිහිපත් නොවීම අවාසනාවකි. 

ජනාධිපති වික්‍රමසිංහ වෙනුවෙන් සත්තකින්ම වර්තමාන පාර්ලිමේන්තුවේ ඇත්තේ එකම එක ඡන්දයකි. එය රහසක් නොවන අතර, එය සිහි තබා ක්‍රියා කරන සමහරුන්ට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව කඩා වට්ටවා රට අස්ථාවර කර බලය ඇල්ලීමය. ඒ තත්වය තුළ කතානායක ධුරයට පැවරී ඇති පාර්ලිමේන්තුව පවත්වා ගෙන යාම යනු රනිල් වික්‍රමසිංහ ආර්ථිකය සමබර කරන්නා සේම බරපතල අභ්‍යාසයකි. සත්‍ය ලෙසම මහින්ද යාපාට පැවරී ඇත්තේ සජිත් ප්‍රේමදාසගෙන් අනෙක් දෙසිය විසි හතර දෙනාගේ අයිතීන් වරප්‍රසාද ආරක්ෂා කර දීමේ බරපතල වගකීම නොවේ යයි කිසිවෙකුට කිව හැකිද?  

වර්තමාන පාර්ලිමේන්තු බහුතරය කරන්නේ පාර්ලිමේන්තු බහුතරය නැති විධායක ජනාධිපතිව ආරක්ෂා කරමින් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමය. ඔවුන්ටතම සහෝදර මන්ත්‍රිවරයෙකු මහමගදී නිරුවත් කොට පහර දී මරා දැමූ භිෂණ කාලය ඔවුන්ට කිසිසේත් අමතක නොවනු ඇත. ඒ දුර්භාග්‍ය තත්වය එක් රැයකින් වෙනස් කොට පාසල් විවෘත කරවා රාජ්‍ය සේවය විධිමත් කොට රට සංසුන් කළ ජනාධිපති වික්‍රමසිංහ ආරක්ෂා කිරීම යනු ව්‍යවස්ථාව වෙනුවෙන් රාජ්‍යය ජනතාවගේ පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමකි.  

 

ජනාධිපති ගෙන් විශේෂ ප්‍රකාශයක්ජනාධිපති වික්‍රමසිංහ ආරක්ෂා කිරීම යනු ව්‍යවස්ථාව වෙනුවෙන් රාජ්‍යය ජනතාවගේ පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමකි
2022 ජූලි 21 වෙනිදා ජනාධිපති තෝරන ඡන්දයේදී රනිල් ජනාධිපති කොට එළියට එන කිසිදු මන්ත්‍රි කෙනෙකුට ගෙදර යන්ට නොදෙන බවට තර්ජනය කළ ලාල් කාන්තලා හඳුන්නෙත්තිලා තුලින් ඉස්මතු වුණේ අතුකෝරාළ මරා දැමීමට පැවති කෲර කැමැත්ත නොවේද? ජවිපේ නායක අනුර කුමාර ඒ අනුගාමිකයන් මෙහෙය වන්නා වන බැවින් පාර්ලිමේන්තුවේත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේත් හතුරන් හඳුනා ගැනීමට සු විශේෂ නිර්නායක අවශ්‍ය නැත. කතානායක පාර්ලිමේන්තුව තුළ සිදු කරමින් අඛණ්ඩව සක්‍රිය වෙමින් පවත්නේ මේ අවදානම තුනී කිරීමටය. ප්‍රජාතන්ත්‍රවාදයේ තොටිල්ල පාර්ලිමේන්තු ක්‍රමය බව මිනිමරු විප්ලව හරහා බලය ඇල්ලීමට හුරුවී සිටින තක්කඩින් පරාජය කිරරීමට විධිමත් ක්‍රම භාවිතාව පමණක් ප්‍රමාණවත් නැත.  

කතානායකට එරෙහි විශ්වාස භංග යෝජනා විවාදය වර්ණවත් කළ විශිෂ්ට කතිකයා චාමර සම්පත් දසනායක බවට කිසිදු සැකයක් නැත.

චාමර සම්පත් කරළියට එන්නේ ඌව පළාතේ මහ ඇමති හැටියටය. ඒ කාලයේ පටන් චාමර සම්පත් දසනායක යනු සිය දේශපාලන වෛරක්කාරයෙකු හැටියට සැලකූ ජනතා විමුක්ති පෙරමුණේ කථික සමන්ත විද්‍යාරත්න තරම් චාමර සම්පත් හෙළා දුටු තවත් කිසිවෙක් නැත. සමන්ත එක් අවස්ථාවක චාමරගේ උපන් ගමේ පැවති රැස්වීමකදී චාමර අට පාස් හාදයෙක් බව කියද්දී සභාවේ පිටුපස සිටි වැඩිහිටියෙක් ඊට එරෙහි වූ සිද්ධියක් නාට්‍යාකාරයෙන් සිහිපත් කළේය. 

 

samanthaසමන්තලාගේ දේශපාලනය අනුව චාමර සම්පත්ද, අමු හරකෙකි.
තමන්ට බාධා කළ වැඩිහිටියා එහිදී තමන් හඳුන්වා ගත්තේ චාමර සම්පත් සිප් සතර හැදෑරූ පාසලේ විදුහල්පති හැටියටය. සමන්ත රටට හෙළි කළ නම නොකී මේ අපූරු ගුරු චරිතය චාමර සම්පත් දසනායක පාසලේ අධ්‍යාපනය ලැබුවේ 2 වසර තෙක් පමණක් බවත් කීවේ මහත් ආඩම්බරයෙනි. මෙතරම් දක්ෂ ශිෂ්‍යයෙකුට දෙ වසරින් පාසල එපා කරවූ ඒ දිසාපාමොක් වැනියන් නිසා පාසල් එපාවූ බොහෝ අය රටට වැඩදායක පුරවැසියන්ව, සිටින බව වෙනම කතාවකි.   

උමාඔයේ හිලක් ගැන කියමින් කළ ප්‍රකාශය පසුව රටේ හාස්‍යට ලක් වූ සමන්ත විද්‍යාරත්න නම් සියලු අධ්‍යාපන සුදුසුකම් දිනා ගත් කුෂාග්‍ර බුද්ධිමතා වර්තමානයේ කවටයෙක් විකටයෙක් නොව මාලිමාව නියෝජනය කරන තවත් වාචාලයෙක් පමණක් බව තහවුරු කර හමාරය. සමන්ත කියන්නේ අනුන් කාලා ඇඳලා ඉන්න හැම එකාටම වෛර කරන දේශපාලන දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටින්නෙකි. එහෙත් සමන්ත උපුටා දැක්වූ විදුහල්පති වරයා.....? ඔහු ලජ්ජා විය යුත්තේ අතමිට හිග නිසා උපකාරක පන්ති යා නොහැකිව පාසල් අධ්‍යාපනය අඩාර කර ගත් තුළ චාමර සම්පත්ට පාසල අහිමි කිරීම ගැනය. ඉස්කෝලේ දෙකේ පන්තියෙන් නතරවීම ගුරුවරුන්ගේ අසමත් බව මිස පාසල් අධ්‍යාපනය අහිමි දරුවන්ගේ හෝ අධ්‍යාපන ප්‍රතිපත්තියේ නො හැකියාව නොවේ.

දෙසිය විසි පස් දෙනාම හරක් යයි කියන සමන්තලාගේ දේශපාලනය අනුව චාමර සම්පත්ද, අමු හරකෙකි. එසේම මහ පාරේ ඝාතනය කළ අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රිවරයාගේ ඝාතකයන්ගේ සගයන්ද ඒ දෙසිය විසි පහ අතර සිටින බව රටට රහසක් නොවේ. 

 



එහෙත් බුද්ධිමත් බහුශ්‍රැත සමන්තලා වෙනුවට ඌව ජනතාව ඉස්කෝලේ දෙකට ගිය චාමර සම්පත් පාර්ලිමේන්තු යවන ලද්දේ තමන් සමග එකට ජිවත්වූ බදුල්ලේ බහුතරය ඔහුගේ දේශපාලන භාවිතාව හදවතින් හඳුනා ගෙන සිටි නිසාය. චාමර සම්පත් විශ්වාස භංග යෝජනා විවාදයට එක් වෙමින් පළ කළ විමර්ශනශීලි ගවේශණශීලි අත්දැකීම් බහුල මැදිහත්වීම ඔහු ඉහළින් තෝරා එවූ  ඌව ජනතාවට ගෞරවයකි. 

2022 ඉන්ධන පෝලිම්වල මිනිසුන් මැරෙද්දී රටේ පාලකයා පළා ගියේ බෝට්ටුවකිනි. ඒ සමග බදුල්ලේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ ඩිලාන් පෙරේරල, සජිත් ප්‍රේමදාසට එකතුව ඩලස් අලහප්පෙරුම රටේ ජනාධිපති කරවීමට ගත් නිර්ලජ්ජී උත්සාහයේදී චාමර සම්පත් දසනායක යෝධ හයියෙන් පෙනී සිටියේ රාජපක්ෂලා වෙනුවෙන් නොව රටේ ජනතාව වෙනුවෙනි. ඩලස් අලහප්පපෙරුමට වමේ දේශපාලන දර්ශනය සිහිපත් වුණේ රාජපක්ෂලාට දේශපාලන බලය අහිමි ව තමන් දේශපාලනිකව නන්නත්තාර වූ පසුව තමන් තනිවීමෙන් ඇතිවූ භීතිය නිසාය. එහෙත් චාමර සම්පත් ඒ අවස්ථාවේ තෝරා ගත්තේ තම දේශපාලන වාසිය නොවේ. රට මුහුණ දුන් තත්වයට පිළියමකි. ඒ අතින් පාසලේ දෙවන වසරින් අධ්‍යාපනය අවසන් කළ චාමර සම්පක් දසනායක ආනන්ද විද්‍යාලයෙන් සිප්සත හැදෑරූ සමහරුන්ට වඩා තීරණ ගැනීමේදී ස්මාට් බව සටහන් කළ යුතුවේ. 

රටේ ඉන්ධන හිඟවී ජන ජීවිතය අවුල්ව, පාසල් වැසී, රාජ්‍ය ආරක්ෂාව ලබාදුන් මන්ත්‍රින් පවා මහ පාරේ මරා දැමූ යුගය අවසන් කිරීමට පියවර ගත් රනිල් වික්‍රමසිංහගේ නිත්‍ය දේශපාලනය අමතක කොට ඔහු ශක්තිමත් කිරීමට දෙකට ඉස්කෝලේ ගිය චාමර සම්පත්ලාට තිබුණ කොන්ද සුපිරි පාසල් වලින් නිර්මානය කළ ඩලස්ට ඩිලාන්ලාට තිබුණේ නැත. ඩලස්ලා ඩිලන්ලා යකා සමග හෝ එකතු වන්නේ හෙට දවසේ තම පාර්ලිමේන්තු බත්පත අහිමි වේය යන ආත්මාර්ථකාමී සිතුවිල්ලෙනි.  

අද පොහොටුව නියෝජනය කරන බහුතරයක් මහජන නියෝජිතයන් චාමර සම්පත්ලා මෙන් කල්පනා කරති. හැසිරෙති. කතා කරති. තමන් පත් කළ ජනතාවට නායකත්වය දෙමින්  සිටිති. මෙතෙක් රාජපක්ෂලා සමග සිට ගත් චාමර සම්පත්ලා අද  අරගලයේ තේමාව වූ රට ගොඩ ගතහැකි ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින්නාහ. ඔවුන් අද ශක්තිමත් කරමින් සිටින්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ දෑත් නම් නොවේ. රටේ පැවැත්මට වෙනුවෙන් රාජපක්ෂලාත් මාලිමාවත් සජබයත් ප්‍රතික්ෂේප කළ රටට පලදායි සාර්ථක සක්‍රිය ක්‍රමය වෙනුවෙනි. 

 

RgXvuVoKNwEWByOh 95463df6dfd370a5ef1f4da6158ed909 XLකතානායක මොහොමඩ් සිද්ධියේදී කිරිඇල්ල නිමල් සිරිපාල සිල්වා ආදින් ක්‍රියා කළ ආකාරය හැන්සාඩ් වාර්තා උපුටා දක්වමින් සිහිපත් කළේය. 
චාමර සම්පත් කතාව ආරම්භයේ කතානායක වරුන්ට ගෙනා විශ්වාස භංග යෝජනා ඉතිහාසය සමාලෝචනය කරමින් මුලින්ම අල්ලා ගත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බෙල්ලෙනි. ආර් ප්‍රේමදාස කතානායක එම්.එච්.මොහොමඩ් කඩේ යවමින් කළ ප්‍රජාතන්ත්‍ර විරෝධි හැසිරීමට එරෙහිව නැගී සිටි ලක්ෂමන් කිරිඇල්ලට අතීතය සිහිපත් කර නො අසා ඇසුවේ අයිසේ තමුසෙට ලජ්ජා නැද්ද කියාය. එහිදී චාමර සම්පත් අද මේ විශ්වාස භංගයට අත් එසෙව්වාට කතානායක මොහොමඩ් සිද්ධියේදී කිරිඇල්ල නිමල් සිරිපාල සිල්වා ආදින් ක්‍රියා කළ ආකාරය හැන්සාඩ් වාර්තා උපුටා දක්වමින් සිහිපත් කළේය. 

පාර්ලිමේන්තු පුස්තකාලයට ගොස් තම දේශපාලන අතීතය මතක් කර ගන්නා ලෙස කිරිඇල්ලට නො කියා කී චාමර සම්පත්  එදා ආර්. ප්‍රේමදාස වෙනුවෙන් මොහොමඩ් කළ වැඩේ අද කිරිඇල්ල සජිත් ප්‍රේමදාස වෙනවෙන් කරන බව දැනෙන්නට හැරියේය. ඔහු මොහොමඩ් ලවා මහ ප්‍රේමදාස කළ සවුත්තු වැඩේ සිහිපත් කරමින්  කතාව අවසන් කළේ මේ ඉතිහාසය අම්මා ගෙන් අසා ගන්නා ලෙස සජිත්ට අවවාද කරමිනි. 

 



ජනාධිපති වික්‍රමසිංහ කුලියාපිටිය රැස්වීමේදී කී සට්ටැඹ් කතාවෙන් කලබල වුණ මහාචාර්ය ජී.එල්.පීරිස් රනිල් තමන්ගේ ගෝලයෙක් බව කීවේ ගුරු ගෞරවය රැකීමට රනිල් නො දන්නා බවට ඉඟි කරමිනි. ජී.එල්. වෙනුවෙන් පෙනී සිටි මන්ත්‍රි රෝහිණි විජේරත්නත් ගුරු ගෞරවය නො තැකීම ගැන රනිල් වික්‍රමසිංහ තදින් පහර දුන්නාය. ඒ කිසිදු කතිකයෙක් උපුටා නො දක්වා චාමර සම්පත් ජී.එල්.පීරිස් නම් මහාචාර්ය වරයාගේ කල් කිරියාව සිහිපත් කරමින් මේ මහාචාර්යගේ දේශපාලන භූමිකාව මුල සිට මතක් කළේය.  

 



චාමර සම්පත් පාසල් ගියේ දෙක වසරට පමණකි. ඒ නිසාම ජී.එල්. පීරිස් මෙන් නොව ලංකාව් ඕනෑම හන්දියක දමා දියත් අතරමං නොවී යා යුතු තැනට යාමට ශක්තිමත්ය. රටේ මං මාවත් ගැන මෙන්ම චාමර සම්පත් තුළ පවත්නා දේශපාලන විඥානයද ඩලස්ට ඩිලාන්ට මහාචාර්ය පීරිස්ට මහාචාර්ය චරිත හේරත්ට ආචාර්ය ගොඩහේවාට වඩා බෙහෙවින් විශිෂ්ටය. ඔහු මේ පෙනී සිටින්නේ ජනතාවගේ දැක්ම අනුවය. අද පොහොට්ටුවේ බහුතරය රාජපක්ෂලාට මෙහෙයවිය නොහැකි තරමට පවත්නා දේශපාලන දැනුමෙන් ශක්තිමත්ව සිටිති. රට රැකිය හැකි මිනිසා රනිල් කියන්නේ ඒ නිසාය. 

 

පාර්ලිමේන්තු බහුතරය කතානායක මහින්ද යාපා ආරක්ෂා කළේ ජනාධිපති ජනාධීපති වික්‍රමසිංහ වෙනුවෙන් නොවේ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනුවෙනි. පාර්ලිමේන්තු ක්‍රමයේ ශක්තිය රටේ ශක්තිය වන්නේය. ලංකාව් පාසල් අධාපනන වාසිය ලබා ගත නොහැකිවූ රටේ බහුතරය හිතන්නේ චාමර සම්පත් දසනායක හිතන විදියටය. හෝ චාමර සම්පත් දසනායක හිතන්නේ රටේ බහුතර අපේක්ෂාවන්ට අනුගතවය. 


කේ.එච්.ජේ. විජයදාස - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විංසති සඟරාවෙන් උපුටා ගන්නා ලදි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්