මේ දිනවල ඉන්දීය අරගලයේ සංකේතයක් හෙවත් සුරුවමක් බඳු නේහා බෝරාව ඉන්දීය පොලිසිය කුදලාගෙන යන දර්ශන මාධ්යයට ඉදිරිපත් ව ඇත. ඇය ගැන පසුගිය කාලයේ හරි හරියට කතා කඳු ගැසුණි.
'පියේටා' ප්රතිමාවේ මාක්ස්වාදී මැඩෝනා
සමහරු ඇය මයිකල් ආන්ජලෝගේ පියේටා (Pietà) ප්රතිමාවේ මරියතුමිය (මැඩෝනා) සිය උකුල මත මියගිය විප්ලවවාදියා තබාගෙන සිටින්නා සේ අර්ථ දැක්වූහ. ඇය වූ කලී ඉන්දීය තරුණ පරම්පරාවක අයිතිවාසිකම් සිය උකුල මත තබාගෙන සිටින මාක්ස්වාදී මැඩෝනා ලෙස ඉන්දීය දේශපාලන විචාරකයෝ දුටුවෝය; අදහස් පළ කළෝය.
'පියේටා' ප්රතිමාවේ මාක්ස්වාදී මැඩෝනා
සමහරු ඇය මයිකල් ආන්ජලෝගේ පියේටා (Pietà) ප්රතිමාවේ මරියතුමිය (මැඩෝනා) සිය උකුල මත මියගිය විප්ලවවාදියා තබාගෙන සිටින්නා සේ අර්ථ දැක්වූහ. ඇය වූ කලී ඉන්දීය තරුණ පරම්පරාවක අයිතිවාසිකම් සිය උකුල මත තබාගෙන සිටින මාක්ස්වාදී මැඩෝනා ලෙස ඉන්දීය දේශපාලන විචාරකයෝ දුටුවෝය; අදහස් පළ කළෝය.
ඇය නූතන භගත් සිං යැයි ඇතැම් විචාරකයෝ උදම් ඇනූහ. ඇය තනිකරම මාක්ස්වාදිනියක් නොවූවාය. ඇය තුළ ගාන්ධිවාදී අවිහිංසාවාදයත් එකට මුසු වී තිබුණි. ඇගේ ශක්තියේ රහස එය යැයි තවත් පිරිස් කියන්නට වූහ.
ඇය ඉන්දියාව තුළ පමණක් නොව ඉන්දියාවෙන් පිටත ද කතාබහට ලක්වන තාරුණ්යයේ වීර චරිතයකි. ඇය නමින් නේහා බෝරාය.
තරුණ හදවත් සසල කළ වීදි සටන

ඉන්දීය මැතිවරණ කොමසාරිස්වරයා පළවා හරින සටනේ ඇය පෙරමුණේ සිටියාය. ඒ නිසාම ඉන්දීය තරුණ අරගලයේ දිදුලන තාරකාව ඇය වූවාය. පසුගියදා මෝදු වූ ඉන්දීය අරගලයේ වීදි පුරා මෙන්ම සමාජ මාධ්ය තුළත්, නිවෙස්වල සාල තුළත් කතාබහ ඇයම වූවාය. විසි නව හැවිරිදි නේහා, ඉන්දීය වාමාංශික ශිෂ්ය ව්යාපාරයක් වන සමස්ත ඉන්දීය ශිෂ්ය සංගමයේ (AISA) ජාතික සභාපතිනිය ද වේ.
ඉන්දීය සිනමාවෙන් ඔද්දල් වුණ සමාජයක පුංචි කැරැල්ලක් වුවත් විප්ලවයක් දක්වා දිග්ගැස්සිය හැකි ඉඩ වැඩිය. ගාන්ධිටත් වඩා ගාන්ධිවාදීහු ඉන්දීය පොළවේ නිතර ඉපදෙති. සමාජ මාධ්ය පෙරළි පාන සමාජයක, ඉන්දීය සමාජයේ වීරවරියක වන්නටත් සිය දේශපාලන භාවිතය වීරත්වයෙන් ගොඩනගන්නටත් ඇය මේ අරගලයේදී පෑ සටන්කාමීත්වය හේතුභූත විය.
ඇයව ඉන්දීය පොලිසිය විසින් වීදි පුරා ඇදගෙන යන දර්ශන රූපරාමු ඉන්දීය තරුණ මනස අරගලය වෙතට තව තවත් තල්ලු කරන්නට හේතු වනවා නිසැකය. ඒ තරමට ඇය තරුණ හදවත්වල සුරුවමක් වී හමාරය. ඉන්දීය තරුණ ප්රජාව ඇය තුළින් තමන්ගේ අනාගත සටන්කාමීත්වයක් දුටුවෝය. ඇය ඊට අපූරුවට ජීවය පිම්බාය. ඇයට ඒ සඳහා වූ අපූරු වාග් මාලාවක් මෙන්ම කථිකත්වයක් ද විය.
ඇය වරක් මෙසේ කීවාය:
''අපි කියන්නේ මේ පද්ධතියේ කුණු නෙවෙයි. අපි ඇවිත් ඉන්නේ ඒ කුණු හෝදලා අයින් කරන්න.''
කැරපොත්තන් අතර නැගී සිටි සිංහ ධේනුව
මෝදිගේ සංවර්ධන මාවතේ තේජස ලෝකයටම පෙනුනද, ඒ තුළ සැඟවුණු උග්ර රැකියා විරහිතභාවය, තරුණ අසහනය සහ ඉච්ඡාභංගත්වය අද ඉන්දියාවේ Cockroach Movement ලෙස හඳුන්වන තරුණ අරගලයෙන් මනාව පිළිබිඹු වේ. එහි ඉදිරිපෙළම සාමාජිකාවක ලෙස නේහා කැපී පෙනුණාය.
ඇය ජවහර්ලාල් නේරු විශ්වවිද්යාලයේ (JNU) ශිෂ්යාවකි. ඇගේ සටන් ක්රමය තුවක්කුව වෙනුවට සාමකාමී විරෝධතා හා උපවාසය දක්වා පුළුල්ය. ඒවා එදා මෙන්ම අදත් ඉන්දීය සමාජය තදින් වැළඳ ගන්නා බව පෙනේ. නේහා එම නිලය තදින්ම ස්පර්ශ කළ අයෙකි. ඇය වඩා සාර්ථක වන්නට එය ද හේතුවක් වන්නට ඇත.
ඇය හුදු අරගලකාරිත්වයකට එහා වෙනත් මානයක් ඉන්දීය දේශපාලනය තුළ ලකුණු කරනු ඇතැයි සිතිය හැකිය. ඇය දැනට පෙන්වන මානය තුළින් ලොකු මාවතක් හෙළිපෙහෙළි වනු ඇත.
මෝදිගේ දේශපාලනය හමුවේ ඇගේ ඉරණම
රැලි එන වේගයෙන්ම සුළි බවට පෙරළෙන වකවානුවක ඇගේ අනාගතය ගැන අනාවැකි කීම කල්තබා කළ හැකි දෙයක් නොවේ. ප්රධාන හේතුව මෝදිගේ පරිණත දේශපාලන මුවහත තුළ නේහා බෝරා කැපී යන්නට ඇති ඉඩ වැඩි බැවිනි.
දකුණු ආසියානු රටවල මීට පෙර පැවති අරගලවල අවසානයේ ඉතිරි වූයේ පුස්ස බින්දාක් වැනි තත්ත්වයකි. ඒ නිසාම ඉන්දියාව කල්තබාම මෙවැනි අරගල මුලින්ම උදුරා දමන්නට වෙර ගනු ඇත. ඒ තුළ නේහාගේ ඉරණම කුමක් වනු ඇත්දැයි තීරණය වන්නේ ද දේශපාලනය ගලා යන විදිහ මතමය.

මේ වන විට මෙම උද්ඝෝෂණවල නියැලී පිරිස අතරින් හත්දහසකට අධික පිරිසක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර නේහා ප්රබලම සාමාජිකාවකි. ඇය ඉන්දීය බොහෝ පිරිසක් අතර ප්රසිද්ධව ඇත්තේ සිංහ ධේනුවක් ලෙසය. කැරපොත්තන් අතර ද ඇය සිංහ ධේනුවකි.



