leader s

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ ස්වාමි පුරුෂයා වූ ෆිලිප් කුමරු ඉකුත් 9 වැනි සිකුරාදා අවසන් හුස්ම හෙලී ය. 

හෙට ඔහුගේ උරුමය වී පැවති වක්කඩ කැඩුවා සේ මුවින් පිටවුණු ගැටලුකාරී මෙන්ම සාමාන්‍යයෙන් ජාතිවාදී අදහස් දැක්වීම්වලින් ද ඒ සමඟ කෙලවර විය.
 
ඔහුගේ අවසන් කටයුතු කෝවිඩ් 19 රෙගුලාසිවලට යටත්ව තිස් දෙනකුගේ සීමිත සහභාගිත්වයකින් ගිනිකොන දිග බ්‍රිතාන්‍යයේ වින්ඩ්සර් මාලිගා භුමියේ පිහිටි ශාන්ත ජෝර්ජ් පල්ලියේදී හෙට (17) දිනයේ සිදු කිරීමට නියමිතය.
 
වයස අවුරුදු 99 දී මියගිය ෆිලිප්, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මෙතෙක් දීර්ඝතම කාලයක් ගතකළ රාජකීය වල්ලභයා ය. 
 
ලෝක වනජීවී අරමුදල (WWF) වැනි ආධාර සංවිධාන හා එක්ව ඔහු කළ සේවය මතකයේ ඇතිවා සේම ඔහුගේ මුවින් ආයේ ආයෙමත් පිටවූ අපහාසාත්මක කතා ද මතකයට නැගේ.
 
එඩින්බරාහි ආදිපාදයා සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ සිංහලෙන් පලකෙරෙන ලිපි ලේඛන බොහොමයක් ඔහුගේ ගුණානුස්මරණ බවට පත්ව තිබුණි.
 
 
 ඔහු ගැන පමණ ඉක්මවා ප්‍රශස්ති පල කිරීමට විරෝධය පළකරමින් BBC මාධ්‍ය ආයතනයට ලැබුණු පැමිණිලි ගණන ලක්ෂය ඉක්මවා තිබේ. පැමිණිලි සම්බන්ධයෙන් BBC ආයතනය විසින් අද පල කරන ලද අලුත්ම වාර්තාව අනුව එක් වාර්තාකරණයක් සම්බන්ධයෙන් මෙතෙක් එම ආයතනයට ලැබී ඇති වැඩිම පැමිණිළි ගණන එයවෙයි.  
 
 
එහෙත් බ්‍රිතාන්‍යයේ මෙන්ම බටහිර ලෝකයේ රටවල පලකෙරෙන ජනමාධ්‍ය පිලිප් කුමාරයාගේ මුවින්වෑහුණු ජාතිවාදය පාඨකයන්ට සිහිපත් කර දීමට පැකිලුනේ නැත.
 
 
 prince philip final portrait t
 
 
 
Insider.com web අඩවියට සාරා අල්-අර්ශානි ගොනුකළ මේ තොරතුරු සිංහලට නැගුවේ අභිෂේකා වාසල බණ්ඩාර
 
 
1947 දී රැජින සමඟින් විවාපත් වූ එඩින්බරාහි ආදිපාදවරයා, අනූපස් වැනි වියේ පසුවන විට එනම්, 2017 මැයි මාසයේ දී ප්‍රසිද්ධ රාජකාරිවලින් බැහැර වූ නමුත් ඔහු විසින් කළ ජාතිවාදී, ලිංග භේදය මුල් කරගත් හෝ අවමන් සහගත ප්‍රකාශ සිතා මතා කළ ඒවා නොවන බවත් හුදෙක් "කටවාචාල කම්" බවත් කියමින් ඉන් අවුරුදු 40කට පමණ ඉහත දී ඒවා නොතකා හරින ලදී.
 
1986 චීන සංචාරයක නිරත වී සිටිය දී ෆිලිප්, බීජිං නගරය "භයානක" තැනක් ලෙස විස්තර කර තිබුණි. එරට අධ්‍යාපනය ලබිමින් සිටි බ්‍රිතාන්‍ය සිසුන්ට ඔහු මෙසේ ද පවසා තිබුණි: "මෙහෙ වැඩි කාලයක් හිටියොත් ඔයාලත් හීන් ඇස්කාරයෝ වෙයි." 
 
එම වසරේ දීම ලෝක වනජීවී අරමුදල විසින් පැවැත්වූ සමුළුවක් අමතමින් ෆිලිප්, චීන ආහාර ගැන අසංවේදී  ප්‍රකාශයක් සිදු කළේ ය.  
 
"කකුල් හතරක් ඇති සහ පුටුවක් නෙවේ නම්, තටු ඇති සහ අහස් යාත්‍රාවක් නෙවේ නම්, පීනන සහ සබ්මැරීන් එකක් නෙවේ නම් චීන්නු ඒක කයි," ඔහු කියා තිබුණි. 
 
1988 දී, පැපුවා නිව් ගිනියාවේ දීර්ඝ සංචාරයක නිරත වෙමින් සිටි ශිෂ්‍යයකුට ඔහු මෙසේ පැවසී ය: "කෑමක් වෙන්නේ නැතිව බේරුනා එහෙනම්?" 
 
කේමන් දූපත් වාසීන් බොහොමයක් දෙනා "මුහුදු කොල්ලකාරයින් ගෙන් පැවත එන්නන් දැයි" 1994 දී ඔහු ඔවුන්ගෙන් අසා තිබූ අතර 2002 දී ක්වීන්ස්ලන්තයේ ආදිවාසී නායකයකු ගෙන් අසා තිබුණේ "ඔබ තාමත් එක එක්කෙනාට හෙල්ල විසිකරනවාද?" යනුවෙනි. 
 
 
 
“ජාතියේ හුරුබුහුටි මාමණ්ඩිය”
 
 
බර්මින්ග්හැම් විශ්ව විද්‍යාලයේ කළු ජාතික අධ්‍යනය පිළිබඳ මහාචාර්ය කෙහින්ඩේ ඇන්ඩ්රුස් CNN නාලිකාවට පැවසුවේ "ඔහු සම්ප්‍රදායවාදී වර්ගවාදය සිහි ගන්වන කෙනෙක්. කරුණාබර, ජාතියේ හුරුබුහුටි මාමණ්ඩිය කියලා පාට ගාන එකම නිකම් බොරුවක්," යනුවෙනි.
 
ෆිලිප්, ලිංග භේදය මුල් කරගෙන ද බොහොමයක් අවකැපෙන කතා කියා තිබේ. 1984 දී කෙන්යානු ජාතික කාන්තාවක් ඔහුට ත්‍යාගයක් පිරිනැමූ අවස්ථාවක දී ඔහු ඇයගෙන් විමසා තිබුණේ "ඔයා ගැහැනියක්, හා නැද්ද?" යනුවෙනි.
 
"වෛශ්‍යාවක් බිරිඳකට වඩා සදාචාර සම්පන්නයි කියලා මම හිතන්නේ නෑ, ඒත් එයාලා කරන්නේ එකම දේ," 1988 දී ඔහු එසේ කියූ බව Mashable පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.
 
2009 දී ඔහුට මුහුදු ශිෂ්‍යභට කාන්තාවක මුණගැසුණු අතර ඇය රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන බව ඔහුට පැවසුවා ය. "ඒක රෙදි ගලවන ක්ලබ් එකක් ද?" ෆිලිප් ඇයගෙන් අසා තිබුණි.
 
 
 
 
ආදිපාදවරයාගේ අනෙක් අදහස් දැක්වීම් පොදුවේ අපහාසාත්මකය.
 
 
2002 දී, "මෙතන ඉන්න අයගෙන් කවුද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්නේ?.... පේන විදිහට ඔහු මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච කෙනෙක් වගේ," යනුවෙන් ඔහු පවසා තිබුණේ 14 හැවිරිදි බංග්ලාදේශ යෞවන සමාජ සාමාජිකයකුට ඇඟිල්ල දිගු කරමිනි.
 
සම්ප්‍රදායික වස්ත්‍රයක් ඇඳගෙන සිටි නයිජීරියානු ජනාධිපතිට "ඇඳට යන්න ලෑස්ති වෙලා වගේ," යි වරක ඔහු කියා තිබුණි.
 
ගගනගාමියකු වීමට කැමැත්තෙන් සිටි 13 හැවිරිදි පිරිමි ළමයකුට ෆිලිප් පවසා තිබුණේ ඔහු තරමක් බර අඩු කරගත යුතු බව යි.
 
සිය පුතු ආචි ඉපදීමටත් පෙර ඔහුගේ සමේ පැහැය කෙසේ වේදැයි පවුලේ උදවිය කරදර වූ බව හැරී කුමරු සහ මේගන් මාකල් විසින් රුපවාහිනී නිෂ්පාදිකා ඔපෙරා වින්ෆ්‍රේට ප්‍රකාශ කිරීමෙන් පසු, රාජකීය පවුල තුළ වාර්ගික සංවේදීතාව සහ වර්ගවාදය පිළිබඳ හාරා බැලීමේ දී ෆිලිප්ගේ පරිහාසාත්මක වාචාලකම් පිළිබඳ ඉතිහාසය ද ඉස්මතු වී පැමිණියේ ය. එසේ අදහස් දැක්වූ තැනැත්තා කවුරුදැයි මෙගන් නිශ්චිතව කීවේ නැත.
 
ඒ කාරණය ගැන "සැලකිල්ලෙන්" පසුවූ තැනැත්තා එලිසබෙත් රැජින හෝ ෆිලිප් කුමරු නොවන බව, ගේල් කින්ග් මෙහෙයවූ වැඩසටහනකට එක්වෙමින් වින්ෆ්‍රේ කියා තිබුණි.
 
ෆිලිප් කුමාරිගේ අභාවය ගැන සැලවීමෙන් පසු හැරී කුමරු සහ මාකල් ඔහුට අවසන් ගෞරව පුද කර තිබුණි.
 
"උත්තම රාජකීය එඩින්බර්ග් ආදිපාදවරයාගේ ගුණ සැමරුමයි,"  හැරී-මේගන් යුවල ඔවුන්ගේ Archewell වෙබ් අඩවියේ පළ කර තිබුණි. "ඔබගේ සේවයට ස්තුතියි... ඔබ නැති අඩුව තදින් දැනේවි."
 
 
සබැඳි විශේෂාංග:
 
 
 
##################
THE LEADER TV 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

 

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්