ඇත්තට ම එහෙම වෙන්න පුළුවං. ඒක ඇත්ත. මොකද මම දැං මෙහාට ඇවිත් අවුරුද්දකටත් වැඩියි නෙ.

 

ඒ කාලය ඇතුළත මට දැනෙන කියන දේවල්, මම අහපු දැකපු දේවල් මාව ටිකක් වෙනස් කරා. සමාජය ගැන මම හිතන විදියත් වෙනස් කරා. ඒ නිසා මගේ වැඩ පිළිවෙළත් දැන් වෙනස් ඇති කියල මට හිතෙනවා. මොකද ජෙසික අක්කත් සමහර වෙලාවට කියනවා ‘අපෝ මෙයැයි දැං හරි පංඩිතය වෙලා නෙ,’ කියල. ඒ හැම දෙයක් ම සිද්ධ වෙලා තියෙන්නෙ මගේ අතින් වුනත් මට මම ගැන එහෙම වෙනසක් දැනුණෙ නෑ. හැබැයි මගෙත් එක්ක ඉන්න අයට ඒ වෙනස දැනුණ කියල මට දැනිල තිබුණා.

ku98798‘අපෝ මෙයැයි දැං හරි පංඩිතය වෙලා නෙ,’

 

ඔන්න ඔය අතරෙ තමයි දවසක් ජෙසිකා අක්ක කඩේට ආපු වෙලාවක අලුත් යෝජනාවක් කරේ.

‘‘රොහාන්... උඹ කැමති ද මල්ලියෙ සිකුරිටි ජොබ් එකක් කරන්න...?’’

ඒක මම කවදාවත් බලාපොරොත්තු නොවුණ යෝජනාවක්. ඇත්තට ම ඒ යෝජනාවට මම කැමතියි. මොකද මම දැකල තියෙනව සමහර සිකියුරිටිකාරයො ඉන්න උජාරුව; උන්ගෙ මහන්තත්තකම; හරියට පොලිසියෙයි ආමි එකෙයි එවුන් වගේ.

 

kjtyrdsyඑයැයි දවසක් මගෙත් එක්ක කිව්ව දන්න කියන අය ඉන්නවනං කියන්නෙය සිකුරිටි ජොබ් එකට දාල දෙන්න ඇහැකිය කියල

‘‘මොකෝ බං මූණ දිහා බලාන ඉන්නෙ... කැමතිනං කැමතියි කියහං... බැරි නං බැහැයි කියහං... මං දන්න කියන මහත්තයෙක් ඉන්නව. එයැයි ඒ කොම්පැණියෙ ටිකක් ලොකු පෝස්ට් එකක ඉන්න මහත්තයෙක්. එයැයි දවසක් මගෙත් එක්ක කිව්ව දන්න කියන අය ඉන්නවනං කියන්නෙය සිකුරිටි ජොබ් එකට දාල දෙන්න ඇහැකිය කියල.’’

මගේ යටි හිතේ ආශාවක් තිබුනත් පොඩි බයක් වගේ එකකුත් තිබුණ. මොකද සිකියුරිටි රස්සාවක් කරනව නං ඉංග්‍රීසිත් දැනගන්න ඕන කියල මට හිතුණ. පහේ පංතියට එන කාලෙ වෙනකම් ම මට තමයි පංතියෙ හොට ම ඉංග්‍රිසී පුළුවන්කම තිබුණෙ. ඒත් තාත්ත මාව අර කුඩම්ම කියන කාලකණ්ණි ගෑනි ගාවට එක්කරගෙන ආවට පස්සෙ මට ඉංග්‍රීසි විතරක් නෙවෙයි හැම දෙයක් ම එපා වෙලානෙ තිබුණෙ.

‘‘මොකෑ බං මල්ලියෙ ඔයි හැටි කල්පනා කරන්නෙ...? උඹේ හොඳට නෙ ජෙසිකා අක්ක උඹට රස්සාවක් හොයල දෙන්න හදන්නෙ.’’

මම කල්පනාවක ඉන්නව කියල දැකපු විනීත එහෙම ඇහුවට පස්සෙ තමයි මම පියවි සිහියට ආවෙ.

‘‘ආ... නෑ අක්කෙ... මං මේ කල්පනා කරේ...’’

 

‘‘ආ... නෑ අක්කෙ... මං මේ කල්පනා කරේ...’’
‘‘හරි හරි දැං මක්කවත් කියන්න බැයි නං හවහට කොටුව පැත්තට එනවකො... අපි ඩිංගක් කතා කරමු. මොකෝ මට නෙවෙයිනෙ රස්සාවක් ඕනෙ. ඔයැයිට නෙ...’’

මගේ අදහස කියල ඉවර වෙන්නත් කලින් මැදට පැනපු ජෙසිකා අක්ක ඒ යෝජනාව කරේ කිසිම අමුත්තක් පෙන්වන්නෙ නැතුව. සිකුරිටි රස්සාවට යන එක කොයික වෙතත් හැන්දැවට කොටුවට එන්න කියල කරපු යෝජනාවට නම් බැහැ කියන්න හේතුවක් තිබුනෙ ම නෑ.

‘‘හරි අක්කෙ මං හවහට එන්නං. එතකොට අපි මේ ගැන ටිකක් දොඩමු.’’

ජෙසිකා

අපලෝකන 37 : උඹට ගෑනියෙකුගෙං ලැබෙන්න ඕන සතුට දෙන්න අපිට පුළුවං -(ජයසිරිගේ  අලුත්ම නවකතාව)මම බලාපොරොත්තු වුණේ නෑ කොල්ල ඒවි කියල
මම බලාපොරොත්තු වුණේ නෑ කොල්ල ඒවි කියල. ඒ වුනාට හත හමාර වෙද්දි කොල්ල සුපුරුදු තැනට ආවා. මිනිහ සිකියුරිටි රස්සාවට කැමතියි. ඒ වුනාට මිනිහට ප්‍රශ්න කෝටියයි.

‘‘වැඩේට නං මං කැමතියි. ඒ උනාට අක්කෙ ඔය වගේ රස්සාවකට ගියාම: උප්පැන්නෙ සහතිකේ ඉල්ලනව, ඉස්කෝල සහතිකේ ඉල්ලනව, තව මේ... ග්‍රාමසේවක සහතිකේ ඉල්ලනව. ඊළඟට විභාග සහතික ඉල්ලනව.’’

‘‘ඒ කියන්නෙ ඔයැයි ළඟ දැං ඒ කෙහෙල් මල් මක්කවත් ම නැතෙයි...?’’

‘‘නෑ නෙව අක්කෙ... මං ගෙදරිං දොට්ට බහිද්දි අරං ආවෙ කොට කලිසං දෙකයි කමිස දෙකයි විතර නෙ...’’

‘රොහාන් කියන කාරණෙත් ඇත්තක් නැත්තෙ ම නෑ. රස්සාවල්වලට යද්දි ඔය හැම දෙයක් ම ඉල්ලනවනෙ. ස්කෝල සහතික, ග්‍රාමසේවක සහතික ගැන එහෙම නං ඇල්බට් මහත්තෙයට කියල මොකක් හරි සීරු මාරුවක් කරන්න පුළුවන්.’

‘‘එතකොට ඔයැයි කොහොමෙයි හොටලෙ වැඩට ආවෙ...’’

 

අපලෝකන - Results from #12‘‘එතකොට ඔයැයි කොහොමෙයි හොටලෙ වැඩට ආවෙ...’’
මම එහෙම ඇහුවට පස්සෙ තමයි මට මතක් වුණේ ඒ ගැන හැම දෙයක් ම රොහාන් අපිට කියල තියෙන බව. ඒත් දැන් මම ප්‍රමාද වැඩියි.

‘‘අයියෝ අක්කෙ... මං ඔයැයිලට කලින් දොහක ඒ විස්තර කිව්වෙ... මතක නැතෙයි...?’’

‘‘මතකයි බං මතකයි... හැබැයි මතක් උණේ ඒක ඇහැව්වට පස්සෙන් පහුනෙ... ඒ කියන්නෙ දැං ඔයැයිගෙ විස්තර මොකවත් ම නෑ නේහ්...’’

ඒ වෙලාවෙ හරියට උත්තරයක් නොදීපු රොහාන් තත්පර කීපයක් කල්පනා කරල එක පාරට ම ‘‘ආ අක්කෙ.. මගේ තැපැල් අයිඩෙන්ටි එක නං ඇති. හැබැයි ඒකත් හැත්තැ හතේ ගත්තු එකක්. මොකෝ මං ඉස්සල්ලම විභාගෙ ලියන්න හිටියෙ ඒ අවුරුද්දෙනෙ...’’

‘‘ආ... ඒකට කමන්නෑ... ඒ හොඳට ම සෑහේවි. අර මොකෝ හැත්තැ හතේ විභාගෙ ලියන්න බැරි උණා කිව්වෙ...’’

‘‘ඇයි මං ඒ ගැන අක්කලට කියල නැද්ද...?’’

ඇත්තට ම රොහාන් එහෙම දෙයක් කිව්වද නැද්ද කියල මට මතකයක් තිබුණෙ නෑ. කියල තිබුණත් ඒ ඇයි කියල තව සැරයක් අහගන්න ඕන කියල මට හිතුණා.

‘‘එහෙම විශේෂ දෙයක් කියල නෑ නෙ මල්ලි.’’

 

lettrඒ විභාගෙට තමයි මං ඔයි කියන තැපැල් අයිඩෙන්ටි එක හැදුවෙ.


‘‘ආ... ඒක උණේ මෙහෙම නෙ අක්කෙ... හැත්ත හතේ අපි ලියන්න හිටියෙ එන් සී ජී කියල විභාගයක්නෙ. මේ ආණ්ඩුව ආවට පස්සෙ විභාගෙට දෙමහක් තියෙද්දි ඒ විභාගෙ කැන්සල් කරල ඕ ලෙවල් කියල විභාගයක් තියන්න සූදානං කරානෙ. ඉතිං හැත්ත හතේ විභාගෙ ලියන්න හිටිය කාටවත් ලියන්න උණේ නෑ. ඒ විභාගෙට තමයි මං ඔයි කියන තැපැල් අයිඩෙන්ටි එක හැදුවෙ. මං එද්දි කොයිකටත් කියල ඒක අරගෙන ආව. හැබැයි ඒක තියෙන්නෙ හොටලෙ. මං වැඩට ගද්දි හොටලෙං ඒක ගත්තනෙ...’’

මම හිතුවෙ එහෙමනම් දැන් ඒ ප්‍රශ්නෙත් විසඳුණ නිසා වැඩේ ඉවරයි කියල. ඒ වුනාට රොහාන්ට තව ප්‍රශ්න.

‘‘අක්කෙ... දැං ඔයි රස්සාවට යනවනං මං හොටලෙං අස්වෙන්නෙපැයි...’’

‘‘ඔවු ඉතිං... ආයෙ සිකුරිටි වැඩෙත් කරල හොටලෙත් වැඩ කරන්න බෑ නෙ.’’

මම එහෙම කිව්වෙ වැඩිය දුර දිග හිතල නෙවෙයි. ඒත් කාරණේ බරපතළකම තේරුණේ පස්සෙ.

 

අපලෝකන 36 : මං ගාල්ලට පය ගැහුවෙත් තනියම නෙ.. -(ජයසිරිගේ අලුත්ම නවකතාව)මට ඉන්න තැනකුත් හොයන්නෙපැයි
‘‘මෙහෙම නෙ අක්කෙ... දැං මං හොටලෙං අස් උනොත් මං ඉන්නෙ කොහේ...? මට ඉන්න තැනකුත් හොයන්නෙපැයි. මොකෝ අස් උනාට පස්සෙ හොටලෙ ඉන්න බැහැ නෙව.’’

කොල්ලට රස්සාවක් හොයල දෙන්න හැම උත්සාහයක් ම ගන්න සහ ගත්ත මට මේ ගැන හාංකවිසියක් හෝ අමතක වීම පිළිබඳ මා තුළ ම ඇති වුණේ මහත් ලජ්ජාවක්. ඒ ප්‍රශ්නය සඳහා කරන්න වුවමනා මොනවද කියල ඉක්මනින් කියන්න තරම් උත්තරයක් මට තකිබුණෙ නෑ. ඒ වුනාට මම අපහසුවට පත් වුණා කියල මේ වෙලාවෙ රොහාන්ට දැනෙන්නට ඉඩ දෙන්න හොද නෑ. එහෙම වුනොත් රොහාන් වෙනුවෙන් මොනව හරි උදව්වක් කරන්න අපිටබැහැයි කියල එයා හිතාවි. එහෙම නම් ඉතිං මේකට ඉක්මනට ම මොනව හරි කරන්න ම වෙනව.

‘‘ආ... ඒකට ඔය මක්ක හරි කරන්න බැරුව ය. ඔයැයි වැඩේට යන්න සූජානමෙන් ඉන්නකො හරිය. හැබැයි ඔයැයි අස්වෙනව කියල දැන්ම ම කියන්නෙපා. අපි ගිහින් මං අඳුරන මහත්තෙයත් හම්බෙලා, ඔයැයිගෙ විස්තරත් ඔක්කොම ඒ මහත්තෙයට කියල වැඩේ ටක්කෙට ම හරි ගියොත් විතරක් හොටලෙං අස් වෙනව කියල මැනේජර් මහත්තෙයට කියන්න. ඒක නෙවෙයි මල්ලියො... දැං ඔයැයි හදිසියෙවත් හොටලෙං අස්උනොත්... ඊට පස්සෙ කරන රස්සාවෙ පඩි හම්බෙනකං ජීවත් වෙන්න විදිහක් තියෙනවයි...?’’

 

අපලෝකන 18 : සැල්ලඩියෙන් කොහොමෙයි පිටි හලන්නෙ...? - (ජයසිරිගේ අලුත්ම නවකතාව)දැං ඔයැයි හදිසියෙවත් හොටලෙං අස්උනොත්... ඊට පස්සෙ කරන රස්සාවෙ පඩි හම්බෙනකං ජීවත් වෙන්න විදිහක් තියෙනවයි...?
මම හිතන්නෙ මගේ ජීවිත කාලයට ම කෙනෙක්ගෙන් අහපු මෝඩ ම ප්‍රශ්නය ඒක වෙන්න ඇති. ඒත් මට ඒක වැටහෙද්දි පෙරහැර ගිහින් ඉවරයි. මොකද මම ඒ ප්‍රශ්නය අහපු ගමන් ම රොහාන්ගෙ මූණ ඉරියව් සැහෙන්න වෙනස් වුණා. ඇත්තට ම එයා මම ගැන වැරැදි වැටහීමක් ඇති කරගත්ත ද කියලත් මට හිතුණා.

රොහාන් කිසිම කතාවක් බහක් නැතුව ටික වෙලාවක් බිම බලාගෙන ඉඳල ‘‘නෑ අක්කෙ... මගේ ළඟ එහෙම සල්ලි එකතු කරගෙන නෑ. හම්බෙන එකෙන් පිචර් බලනවා, නාට්‍ය බලනවා, පත්තර ගන්නවා, අඳින්න ගන්නවා... ඒ ටික කරාම ආයි ඉතිං ඉතුරු කරන්න තරං සල්ලියක් ඉතුරුවෙන් නෑ අක්කෙ,’’ කියල කිව්වෙ හරියට වරදක් කරල අක්කගෙන් සමාව ඉල්ලන මල්ලි කෙනෙක් වගේ. මගේ පපුව හෝස් ගාල පත්තු වුණා. ඒත් ඉතිං දැන් ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බැ කියනව වගේ කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ නෙ. ඇත්තට ම මම රොහාන්ගෙන් එහෙම අහපු එක වැරැදියි.

‘‘මට හිතුණ... ගන්න සල්ලි ඔක්කොම නාස්ති කරනව ඇති කියල. ඒකයි මං මේ නිකමට වගේ ඇහුවෙ. රොහාන්... මේ අහනව... ඔයැයිගෙ තැපැල් අයිඩන්ටිය තියෙනව කිව්වනෙ. ඒක අරගෙන වෙලාවක අපි බැංකුවට යං.’’

‘‘බැංකුවට ගිහිං...?’’

‘‘බැංකුවට ගිහිං ද... බැංකුවට ගිහිං බැංකු පොතක් අරගමු. ඊට පස්සෙන් පහු හැම මාසෙක ම වගේ සල්ලි කීයක් හරි ඒ පොතට දාමු.’’

 

අපලෝකන 07 : 'ඒක තවත් ඉතිහාස ගතවෙන සිද්ධියක්' - ජයසිරිගේ අලුත්ම නවකතාවමොකෝ හොටලෙ වැඩ කරා කියල මහ ලොකු බක්කකක් හම්බෙනවයි.
මම හිතුවෙ මගේ යෝජනාව අහපු ගමන් කොල්ල සතුටු වේවි කියල. නමුත් සිද්ධ වුණේ ඊට හාත් පසින් ම වෙනස් දෙයක්.

‘‘මොනහ් පිස්සු ද අක්කෙ... කොහෙ ඉතුරු කරන්නෙයි... සමහර වෙලාවට පිචර් එකක් බලන්නත් සල්ලි නැති වෙන වෙලාවල් එනව. මොකෝ හොටලෙ වැඩ කරා කියල මහ ලොකු බක්කකක් හම්බෙනවයි. අනිත්තෙක අක්කෙ ඉඳල හිටල හරි වීදුරුවක් පිඟානක් කැඩුනොත් ඒකත් පඩියෙන් කපනවා. එහෙවු එකේ මොන බැංකු පොත් ද...?’’

ඔන්න ඔහොම තමයි රොහාන් මම අහපු දේට උත්තර දුන්නෙ. එක අතකට ඒක එයාගෙ වරදකුත් නෙවෙයි. එයා හිතුවක්කාරය නෙ. අනාගතේ ගැන හිතන්නෙ නැතුව ඇති. අනික යමක් කමක් කියල දෙන්න කෙනෙක් ඇත්තෙත් නැහැ නෙ. හැබැයි මට පෙරුමාල් නම් දවසක් කිව්වෙ සල්ලි ටිකක් එකතු කරගන්න ඕනෙ කියල පෙරුමාල් එක්ක කියපු කතාවක්. ඒත් සේපාලිකාගෙ සිද්ධියත් එක්ක ඒකත් එපා වෙන්න ඇති. ‘කමක් නෑ... මොකක් හරි කරල මේ කොල්ලගෙ ජීවිතේ හදන්න ඕනෙ’ කියල හිතපු මම ආයෙත් යෝජනාවක් කරා.

අපලෝකන 18 : සැල්ලඩියෙන් කොහොමෙයි පිටි හලන්නෙ...? - (ජයසිරිගේ අලුත්ම නවකතාව)අනික ටිප් එකත් හම්බෙනව නේද

 

‘‘හරි කමක් නෑ. දැං ගිය දේ ගියාවෙ. මං කිව්වට ඊළඟ මාසෙ පඩි ගත්තම දවාලක ඕෆ් එකක් අරගෙන මාත් එක්ක බැංකුවට යං. මං මැනේජර් මහත්තයත් එක්ක කතා කරල පොතක් අරං දෙන්නං. ඊට පස්සෙ මොන වැඩේ තිබුණත් අඩුම ගානෙ මාසෙකට රුපියල් පනහක්කත් පොතට දාන්න. මොකෝ ඔයැයිට කන්න බොන්න වියදං වෙනව කියලයි. අනික ටිප් එකත් හම්බෙනව නේද... ඒ හිංද කිසිම කරදරයක් නැතුව රුපියල් පනහක් ඉතුරු කරන්න පුළුවං.’’

මම කියන හැම දෙයක් ම අහගෙන හිටපු රොහාන් අන්තිමට ‘‘එතකොට අක්කෙ සිකුරිටි රස්සාව...?’’ කියල ඇහුවෙ මට ඒ සේරම අමතක වෙලා කියල හිතාගෙන වගේ.

සටහන :

(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2024/06/14  

අපලෝකන - පසුගිය කොටස් 

Follow Us

Image
Image
Image
Image
Image
Image