leader s

රුපියල් කෝටි 14කට අධික මහජන මුදලක් වංක ලෙස ව්‍යවහරණය කරමින්, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි (Immunoglobulin) 6195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීමේ ආන්දෝලනාත්මක නඩුව, ඊයේ (18) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගැනිණි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව මේ වන විට මෙරට වෛද්‍ය හා නෛතික ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව තිබේ.

ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූ මෙම නඩුවේ ඊයේ දිනය, නීති තර්ක, හරස් ප්‍රශ්න වල සීමාවන් සහ පැමිණිල්ල-විත්තිය අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරු වලින් ගහණ වූ දිනයක් විය.

 


අධිකරණයේ ස්වාධිපත්‍යය සහ සාක්ෂි ආඥාපනතේ (Evidence Ordinance) සීමාවන්

නඩු විභාගයේ කැපී පෙනෙනම සිදුවීමක් වූයේ විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා විසින් සාක්ෂිකාරියගෙන් (ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරිනී නිශානි ලංකා කරුණාතිලක මහත්මිය) ඖෂධ නියාමන පනතේ වගන්ති උපුටා දක්වමින් සෘජුව ප්‍රශ්න කිරීමට උත්සාහ කළ අවස්ථාවයි. මෙහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ලබා දුන් නියෝගය, ශ්‍රී ලංකා අපරාධ නඩු විධාන ක්‍රියාපටිපාටියේ මූලික සිද්ධාන්තයක් මනාව පැහැදිලි කළේය.

"නඩුවට අදාල තීරණ ගන්නේ උසාවිය මිසක් පැමිණිල්ල නෙමෙයිනේ... පනතේ වගන්තිය සාක්ෂිකාරියට කියලා කෙලින්ම ප්‍රශ්න අහන්න එපා. යෝජනාවක් විදිහට සාක්ෂිකාරියට යොමු කරන්න." - සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ

නෛතික පසුබිම:


ශ්‍රී ලංකාවේ සාක්ෂි ආඥාපනතට (Evidence Ordinance) අනුව, සාක්ෂිකරුවන් කැඳවනු ලබන්නේ සිද්ධිමය කරුණු (Questions of Fact) තහවුරු කිරීමට මිස නෛතික කරුණු (Questions of Law) අර්ථකථනය කිරීමට නොවේ. නීතිය අර්ථ නිරූපණය කිරීමේ පරම බලය ඇත්තේ අධිකරණයටය. එමනිසා, විත්තියේ අරමුණ සාක්ෂිකරුවෙකු ලවා යම් කරුණක් තහවුරු කර ගැනීම නම්, එය නීති පොතේ වගන්ති ලෙස නොව, "සිද්ධිමය යෝජනාවක්" (Suggestion) ලෙස ඉදිරිපත් කළ යුතු බව විනිසුරුවරයා අවධාරණය කළේය.

විත්තිය සහ පැමිණිල්ල අතර ඇතිවූ "අයියෝ" ගැටුම

හරස් ප්‍රශ්න ඇසීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් (DSG) ලක්මිණි ගිරිහාගම මෙනවිය සහ විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. විත්තියේ නීතිඥවරයා විසින් ඇසූ "සෑම ඖෂධයක්ම ආනයනය කරන විට ඊට අදාළ සෑම වගකීමක්ම පැවරෙන්නේ ආනයනකරුට නේද?" යන ප්‍රශ්නයට පැමිණිල්ල විරුද්ධ වීමත් සමඟ මෙම තත්ත්වය හටගැනිණි.

 


විත්තියේ නීතිඥ:
"අයියෝ ...."

 DSG ලක්මිණි ගිරිහාගම:

"අයියෝ නෙමෙයි ඔබතුමා නිසි ක්‍රියා පටිපාටිය අනුව හරස් ප්‍රශ්න අහන්න."

අධිකරණ ශාලාව තුළ හැඟීම්බර වීම් වලට ඉඩක් නොමැති බවත්, එය හුදෙක් රාජකාරියක් පමණක් බවත් සිහිපත් කළ සභාපති විනිසුරුවරයා, දෙපාර්ශවය අතර විරසකය සමථයකට පත් කිරීමට මැදිහත් විය. මෙය වෘත්තීය ගෞරවය සහ අධිකරණයේ ගාම්භීරත්වය ආරක්ෂා කිරීමේ කදිම නිදසුනකි.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත (NMRA Act) සහ "මුර කපොල්ල"
 

විත්තියේ නීතිඥවරුන්ගේ ප්‍රධාන උපායමාර්ගය වූයේ, ඖෂධ ගෙන්වීමේදී වගකීම ඖෂධ නියාමන අධිකාරියට (NMRA) සහ ආනයනකරුවන්ට පැවරීම බව නඩු වාර්තාවෙන් පෙනී යයි. පනතේ 58, 63 සහ 109 යන වගන්ති කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

* හදිසි ප්‍රසම්පාදනය සහ මුදල් රෙගුලාසි (FR): සාමාන්‍යයෙන් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් මුදල් රෙගුලාසි (FR) සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට යටත් විය යුතු වුවත්, පනතේ 109 වගන්තිය යටතේ හදිසි අවස්ථාවකදී ඖෂධ ගෙන්වීමට අවසර ලැබේ. විත්තිය උත්සාහ කරන්නේ, ඇගයීම් කමිටුව නමැති "මුර කපොල්ල" හරහා මෙම ඖෂධ අනුමත වී ඇති බවත්, එමනිසා වරද ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයේ හෝ අමාත්‍යාංශයේ නොවන බවත් තහවුරු කිරීමටයි.

Untitled 9

 

සාක්ෂිකාරිය පිළිගත් පරිදි, අදාළ ඖෂධ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගෙන්වීමට අනුමැතිය ලැබී ඇත්තේ 2022.09.16 දිනැති NMRA අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් හරහාය.

ලේඛන භාරදීමේ නෛතික ප්‍රතිපාදන

ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක සේරසිංහ මහතා විසින් සාක්ෂිකාරිය වෙත P 134 නමැති ලේඛනය ඉදිරිපත් කිරීමට යාමේදී ද නීතිමය ගැටලුවක් මතු විය. සාක්ෂිකරුවෙකුට ලේඛනයක් ඉදිරිපත් කර ප්‍රශ්න ඇසිය හැක්කේ, එම ලේඛනය සාක්ෂිකරුගේ රාජකාරියට අදාළ නම් හෝ එම ආයතනයට අයත් නම් පමණි යන නෛතික ස්ථාවරය මත පැමිණිල්ල ඊට විරුද්ධ විය. සාක්ෂි නීතියේ දැක්වෙන පරිදි ලේඛන වල වලංගුභාවය (Admissibility of Documents) තහවුරු කිරීමේදී මෙය ඉතා තීරණාත්මක සාධකයකි.

මාරාන්තික ZUPIVAC-H සහ ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින්
 

නඩුවේ වඩාත්ම සංවේදී සහ තීරණාත්මක අනාවරණය සිදුවූයේ පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ඇසූ හරස් ප්‍රශ්න වලදීය.

immunoglobulin injection
1. ZUPIVAC-H (නිර්වින්දන ඖෂධය): මෙයද හදිසි ක්‍රමවේදය යටතේ (COP සහතිකය නොමැතිව) ගෙන්වූවක් බවත්, 2023 වසරේදී පේරාදෙණිය රෝහලේදී රෝගීන් දෙදෙනෙකු මිය යාමට එය හේතු වූවාද යන්න පිළිබඳව විමර්ශන පවතින බවත් සාක්ෂිකාරිය පිළිගත්තාය.

2. ඉමියුනොග්ලොබියුලින් (Immunoglobulin): මෙම නඩුවට පාදක වූ එන්නත භාවිතයෙන් අත කැසීම, අධික ලෙස දහදිය දැමීම වැනි සංකූලතා වාර්තා වී තිබුණද, කිසිවෙකුත් මියගිය බවට වාර්තා වී නොමැති බව සාක්ෂිකාරිය අධිකරණය හමුවේ තහවුරු කළාය. විත්තියට මෙය ඉතා වාසිදායක සාක්ෂියක් වනු ඇත.

මෙම නඩු විභාගය හුදෙක් මූල්‍ය වංචාවක් පිළිබඳ පරීක්ෂණයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනය (AR), මූල්‍ය රෙගුලාසි (FR) සහ ඖෂධ නියාමන නීතිවල ඇති සිදුරු (Loopholes) කෙසේ භාවිත වී ඇත්දැයි මහජනතාවට පෙන්වා දෙන කැඩපතක් බවට පත්ව ඇත. වැඩිදුර සාක්ෂි විභාගය අද (19) දිනට කල් තැබුණු අතර, නීතියේ ආධිපත්‍යය විසින් සත්‍යය කෙසේ මතුකර ගනු ඇත්දැයි සමස්ත රටම බලා සිටී.

නඩු වාර්තාව 18/02/2026

නඩුවට අදාල තීන්දු තීරණ ගනු ලබන්නේ අධිකරණය මිස පැමිණිල්ල විසින් නොවන්නේ යැයි කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (18) විවෘත අධිකරණය හමුවේදී පැවසීය.

පැමිණිල්ල විසින් කරනු ලබන ඉල්ලීම් මත සාක්ෂිකරුවන් අධිකරණය හමුවට කැඳවනුයේ නඩුවට පාදක වූ සිද්ධිමය කරුණු ගැන සාක්ෂි ලබාදීමට වන බැවින් හරස් ප්‍රශ්න අසන විට ඔවුන් වෙත අණ පනත් යනාදී නෛතික කරුණු ඉදිරිපත් කොට ඊට අදාළව සෘජුව ප්‍රශ්න ඇසීමේ හැකියාවක් විත්තියට නොමැති බවත් යම් අදාළ කරුණක් නිශ්චය කර ගැනීමට විත්තියට අවශ්‍ය නම් යෝජනාවක් ලෙස එය සාක්ෂිකරු වෙත ඉදිරිපත් කොට කරුණු තහවුරු කර ගැනීමේ අවසරය විත්තියට හිමිවන බවත් සභාපති විනිසුරුවරයා පැවසීය.  

w45wu56u

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14 කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් යටතේ හිටපු සෞඛ්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඊයේ  (18) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.

එහිදී පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය ලෙස හත්වන දිනටත් අධිකරණය හමුවේ දිව්රුම් පිට සාක්ෂි ලබා දුන් ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම්, නිලධාරිනියක ලෙස රාජකාරි කරන නිශානි ලංකා කරුණාතිලක මහත්මියගෙන් දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා හරස් ප්‍රශ්න අසමින්, ඖෂධ නියාමන පනතේ වගන්තියක් පවසා ප්‍රශ්නයක් යොමු කළේය.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ ;
 පනතේ වගන්තිය සාක්ෂිකාරියට කියලා කෙලින්ම ප්‍රශ්න අහන්න එපා. යෝජනාවක් විදිහට සාක්ෂිකාරියට යොමු කරන්න. විත්තියේ හරස් ප්‍රශ්න මගින් සාක්ෂිකාරියට කරන යෝජනා කියන්නේ සාක්ෂි තමයි. විත්තියෙන් කරන යෝජනාවලට සාක්‍ෂිකරුවන් ලබාදෙන පිළිතුරු සාක්ෂි ලෙස තමයි අධිකරණය සලකන්නේ. එවැනි යෝජනා කියන්නේ අමුතු කොටසක් නෙවෙයි. සාක්‍ෂිකාරියගෙන් විත්තියට අහන්න තියෙන දෙයක් යෝජනාවක් විදිහට කරන්න. එහෙම නැතුව මොන පනතේ මොන වගන්තිය යටතේද මෙහෙම තියෙන්නේ කියලා අහන්න ඕන නෑ.

නීතීඥ අසේල සේරසිංහ ;
අපි බලමු පැමිණිල්ල මෙහෙයවන මගේ උගත් මිතුරියගේ මතයත් අහලා එතුමිය නැගිට්ටේ ඒකට උත්තර දෙන්න වෙන්න ඇතිනේ?

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ  ;
නඩුවට අදාල තීරණ ගන්නේ උසාවිය මිසක් පැමිණිල්ල නෙමෙයිනේ?

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ;  
මම විත්තියේ උගත් නීතිඥවරයා එම ප්‍රශ්නය  අහනවාට විරුද්ධයි

නීතිඥ අසේල සේරසිංහ ;
ඖෂධ නියාමන පනත ප්‍රකාරව ඖෂධ නිෂ්පාදනය සහ ආනයනය කිරීම ලියාපදිංචි කිරීමට අදාළ වගකීම තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියට නේද ?

සාක්ෂිකාරිය ;
 ඔව් ස්වාමීනි


විත්තියේ නීතිඥ ;
එලෙස ලියාපදිංචි ලබාදෙන ඖෂධ ආනයනය කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදීම ඖෂධ නියාමන අධිකාරිය කරනවා නේද?  ඖෂධ නියාමන පනතේ හැට තුන්වන වගන්තිය කෙරෙහි අධිකරණයේ අවධානය යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ;
හරස් ප්‍රශ්න අහන විට අධිකරණයේ අවධානය යොමු කරන්න පුළුවන් 58 වගන්තිය ගැන විතරයි.


විත්තියේ නීතිඥ අසේල සේරසිංහ ;

ඔබ මම හරස් ප්‍රශ්න අහන්න පෙර මගේ උගත් විත්තියේ නීතිඥවරුන් අහපු ප්‍රශ්න වලදී ඖෂධ නියාමන පනතේ 109 වගන්තිය ගැන කිසිම අපහසුතාවක් නැතුව උත්තර දුන්නා. එහෙමනම් ඖෂධ නියාමන පනතේ තුන්වන උප වගන්තිය මොකක්ද කියලා කියන්න.
 
(සාක්ෂිකාරිය එම උප වගන්තිය කියවයි)
 
විත්තියේ නීතිඥවරයා ;
යම් ඖෂධ ආනයනකරුවකුට ඖෂධ ඇගයීම් කමිටුව සහතිකයක් නිකුත් කළ විට එකී ඖෂධය ආනයනය කිරීම ඇතුළු වගකීම් තිබෙන්නේ ආනයනකරු වෙත නේද?
 
සාක්ෂිකාරිය ;
ඔව් ස්වාමීනි
xddfdsf
 
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ ;
මේ සාක්ෂිකාරියගේ රාජකාරියට අදාළ ප්‍රශ්න අහන්න පනත ගැන අහන්න එපා.
 
විත්තියේ නීතිඥවරයා ;
සෑම ඖෂධයක්ම ආනයනය කරන විට ඊට අදාළ සෑම වගකීමක්ම පැවරෙන්නේ ආනයනකරුට නේද ?
 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ;
මම එම ප්‍රශ්නයට විරුද්ධයි. සෑම ඖෂධයක්ම සෑම අවස්ථාවකදීම නෙමෙයි.
 
විත්තියේ නීතිඥවරයා ;
අයියෝ ....
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;
අයියෝ නෙමෙයි ඔබතුමා නිසි ක්‍රියා පටිපාටිය අනුව හරස් ප්‍රශ්න අහන්න.
 

විත්තියේ නීතිඥ ;
මම යෝජනාවක් විදිහටයි ඒක ඇහැවුවේ. සාක්ෂිකාරිය ඒකට හරි නම් හරි කියයි වැරදි නම් වැරදියි කියයි.
 
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ
 ;
පැමිණිල්ලයි විත්තියයි අතර ඇතිවෙලා තිබෙන විරසකය අවසන් කරන්න. මේක දෙපාර්ශවයේම රාජකාරියක් විතරයි නේ. ඒ නිසා උසාවියට ඇවිත් විරසක ඇති කරගන්න ඕන නෑ.
 
නීතීඥ අසේල සේරසිංහ ;
ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කොට ආනයනය කළ ඖෂධ අතරින් 375 ක් 2020 වසරේ සිට මේ දක්වා භාවිතයට නුසුදුසු බවට නිගමනය කොට භාවිතයෙන් ඉවත් කර ඇති බව ඔබ දන්නවාද? ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ දැන්වීම මගින් පළකර ඇති බව ඔබ දන්නවාද?  මම එම ලේඛන ඔබට ඉදිරිපත් කළොත් හඳුනාගන්න පුළුවන්ද?
 
සාක්ෂිකාරිය ;
ඒක මගේ රාජකාරියට අයත් දෙයක් නෙමෙයි. ඒ නිසා මට ඒ ගැන අවබෝධයක් නෑ.
 

විත්තියේ නීතිඥවරයා ;
මේ ඖෂධ අතරින් පහක් මේ වසර තුළදී භාවිතයෙන් ඉවත් කළ ඒවා. ඒවා සාමාන්‍ය ක්‍රමවේදය අනුව ආනයනය කළ ඒවා බවට මා යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද?
 
සාක්ෂිකාරිය ;
එය වෙබ් අඩවිය පරීක්ෂා කර බලා කියන්න පුළුවන්.
 
හතරවන විත්තිකාර මරක්කළ මානගේ, නිරාන් ධනංජය හා පස්වන විත්තිකාර සුජිත් වසන්ත කුමාර වෙනුවෙන් පෙනී සිටි. ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක සේරසිංහ මහතා. එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න අසමින් පැ 134 ලෙස නම් කර තිබූ ලේඛන ගොනුව ඇය වෙත ඉදිරිපත් කිරීමට යෝජනා කළේය.
 
courtroom lawyer waiting stockcake 
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ;
මම එම ලේඛන ගොනුව සාක්ෂිකාරිය වෙත ඉදිරිපත් කර හරස් ප්‍රශ්න අහනවාට විරුද්ධයි. ඒක ඇය සේවය කරන ආයතනයට අදාල ලේඛන ගොනුවක් නෙවෙයි. ඇය සේවය නොකළ ආයතනයක ගොනුවක් ඇය වෙත ඉදිරිපත් කර ප්‍රශ්න අහන්න බෑ.
 

ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක සේරසිංහ ;
මම තවම සාක්ෂිකාරියට එම ගොනුව දුන්නේවත් නෑ. මොකක්ද මේ දක්වන විරුද්ධත්වය. ගොනුව ඉදිරිපත් කරලා ප්‍රශ්න ඇසුවාට පසුව ඕන නම් විරුද්ධත්වය දක්වන්න. ඖෂධ ඇගයීම් වාර්තා නිකුත් කරන්නේ ලියාපදිංචි නොකළ ඖෂධ  ආනයනය කිරීමේදී නේද ? කෙටියෙන් කීවොත් ඖෂධ ඇගයීම් කමිටු වාර්තා අපනයන හා ආනයන බලධාරීන් වෙත හා ශ්‍රී ලංකා රේගුව වෙත ලබා දෙන්නේ ආනයනය කරනු ලබන ඖෂධ නිදහස් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීමේ අභිලාෂය මත නේද?
 
සාක්ෂිකාරිය;
ඔව් ස්වාමීනි
 
නීතිඥ අසෝක සේරසිංහ ;
ඖෂධ නියාමන පනතේ 109 වගන්තිය අනුව ඖෂධ ඇගයීම් සහතික හැමවිටම නිකුත් කරන්න බෑනේ. දැඩි ඖෂධ හිඟයක් පවතින අවස්ථාවලදී රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වැනි හදිසි අවස්ථාවලදී නේද හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ ඇගයීම් සහතික ඉදිරිපත් කරන්නේ. මම ඔබට යෝජනා කළොත් අදාල ඖෂධ රටට ආනයනය කළ පසු එකී සහතික පත්‍ර මල ලේඛන ලෙස සලකන බව මා ඔබට යෝජනා කරනවා.
 
සාක්ෂිකාරිය ;
එහෙම දෙයක් මේකේ සඳහන් කරලා නෑ.
 

විත්තියේ නීතිඥ ;
මළ ලේඛනයක් බවට සඳහන් කරන්නේ නෑ තමයි. මම අදහස් කලේ එකී ඖෂධ ආනයනය කලාට පස්සේ එකී සහතික නිශේධනය වෙනවා. එහෙම නැතිනම් බල රහිත ලේඛනයක් බවට පත්වෙනවා කියන එකයි.
 
සාක්ෂිකාරිය ;
ඒ බව සටහන් වෙලා නැති නිසා මට එහෙම කියන්න බැහැ.
 

එකොළොස්වන විත්තිකාර වෛද්‍ය සැපයූම් අංශයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹයේ ගෙදර තුසිත ප්‍රියදර්ශන මහතා වෙනුවෙන් පෙනී සිටි. ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
 

විත්තියේ නීතිඥ අමිත ආරියරත්න  ;
ඖෂධ නියාමන ඇගයීම් කමිටුව කියන්නේ ස්වාධීන කමිටුවක් නේද? ඒක බලයලත් කමිටුවක් ලෙසනේ ක්‍රියා කරන්නේ? ඔබ මුලින් සඳහන් කළ මාර්ගෝපදේශ වලට අයත් කරුණු 13 නිසි පරිදි සම්පූර්ණ කරලා තිබුණේ නැතිනම් එකී සහතික නිකුත් කරන්නේ නෑ නේද?
 
සාක්ෂිකාරිය ;
ඔව් ස්වාමීනි
 

විත්තියේ නීතිඥවරයා ;
එම කමිටුව නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කමිටු සාමාජිකයන් හොඳට කරුණු අධීක්ෂණය කරලනේ එකී සහතික නිකුත් කරන්නේ. එකී ඖෂධ නිෂ්පාදනය කිරීමට අදාළ කරුණු, ඒවායේ ගුණාත්මක භාවය ඇතුළු නිෂ්පාදනය ආයතන සොයා බලනවනේ?
 
සාක්ෂිකාරිය ;
ඔව් ස්වාමීනි
 

විත්තියේ නීතිඥ අමිත ආරියරත්න  ;
ඒ කියන්නේ ඖෂධ ඇගයීම් කමිටුව කියන්නේ  හොඳ මුර කපොල්ලක්.   ඒ මුර කපොල්ල පසු නොකර ඖෂධ ලියාපදිංචි කරන්න බැහැ නේද ? ටෙන්ඩර් පටිපාටියේදී අවසාන නිගමනය දෙන ඖෂධ ඇගයීම් කමිටුව කියන මුර කපොල්ලේ පරීක්ෂාවට යටත්ව නේද? සියලු දේ වෙන්න  ඕනා.
 

සාක්ෂිකාරිය ;
ඔව් ස්වාමීනී
 

එහිදී අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි. ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.
 

ජනාධිපති නීතිඥවරයා ;
පැ 95 ලෙස නම්කර තිබෙන ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ එවකට රටේ පැවැති ඖෂධ හිඟයට පිළියමක් ලෙස බහුතරයේ එකඟතාවයෙන් ගත් තීරණයක් බවට මා යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද? ඒක ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් ගත් අවසානාවත්මක තීරණයක් බවට සාමාන්‍ය දැනුමක් තිබෙනවාද ?
 
සාක්ෂිකාරිය ;
මම ඒ ගැන දැනුවත් නෑ .
 

ජනාධිපති නීතිඥවරයා ;

2022.09. 16. වැනිදා එම අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව තමයි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ එකී ඖෂධ ආනයනය කිරීමට ඖෂධ ඇගයීම් කමිටුව සහතික නිකුත් කර තිබෙන්නේ නේද?
 
සාක්ෂිකාරිය ;
ඔව් ස්වාමීනි
 

ජනාධිපති නීතිඥවරයා ;
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියන්නේ රජය වෙනුවෙන් ඖෂධ මිලදී ගන්නා ප්‍රධාන අස්තිකය කීවොත් ඔබ පිළිගන්නවාද?
 
සාක්ෂිකාරිය ;
ඔහු ස්වාමීනී
 

පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල ;
පැ 111 ලෙස ලකුණු කර ඇති ලේඛනය යටතේ තිබෙන ඖෂධය ආනයනය කර තිබෙන්නේ කුමන ක්‍රමවේදය යටතේද ?
 
සාක්ෂිකාරිය ;
ඒක විශේෂ හදිසි ක්‍රමවේදය යටතේ ආනයනය කළ ඖෂධයක්. ඒ සඳහා කොප් සහතිකය අවශ්‍ය නෑ.
 

විත්තියේ නීතිඥවරයා ;
මොකක්ද මොකක්ද මහත්මිය කීවේ? ZUPIVAC-H කියන ඔය ඖෂධ කුමන රෝගයක් සඳහා භාවිතා කරන ඖෂධයක්ද කියලා ඔබට කියන්න පුළුවන්ද?
 
සාක්ෂිකාරිය ;
 නිර්වින්දන කටයුතු සඳහා ඒක භාවිතා කරන්නේ.
 

විත්තියේ නීතිඥ ;
එම එන්නට භාවිතා කිරීමෙන් යම් ගැටළු හෝ සංකූලතා ඇති වූ බවක් ඔබ දන්නවාද?
 
සාක්ෂිකාරිය ;
මට ඒ ගැන නිසැකවම කියන්න බෑ.
 

විත්තියේ නීතිඥ ;

ඔබ දන්නවාද 2023 වසරේදී එම එන්නත භාවිතා කළ රෝගීන් දෙදෙනෙක් පේරාදෙණිය රෝහලේදී මිය ගිය බව ඔබ දැනුවත්ද?
 
සාක්ෂිකාරිය ;

රෝගීන් දෙදෙනෙකු මිය ගිය බව දන්නවා නමුත් මෙම එන්නත භාවිතා කිරීමෙන්ද කියලා නිශ්චිතවම මට කියන්න බෑ. ඒ පිළිබඳව සොයන්න වෙනම විමර්ශන අංශයක් තිබෙනවා.
 

විත්තියේ නීතිඥවරයා ;
ප්‍රශ්නගත හියුමන් ඉමියුහෝග්ලොබියුලීන්  එන්නත භාවිතයෙන්  යමෙකු මිය ගිය බවට වාර්තා වුණාද? යම් යම් සංකූලතා අත කැසීම, අධික ලෙස දහදිය දැමීම වැනි සංකූලතා ඇතිවූ බවට වාර්තා වුනත් එම එන්නත භාවිතයෙන් කිසිවෙක් මියගිය බවට දැනගන්න ලැබුණේ නෑ නේද?
 
සාක්ෂිකාරිය ;
ඔව්
 
වැඩිදුර සාක්ෂි විභාගය අද (19) දක්වා කල් තැබිණි.
 
සබැඳි ලිපි :

ජාතික ඖෂධ නියාමන පනත කඩතුරාවක් කරගත් ඛේදවාචකය: ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය


මාරාන්තික එන්නත් වංචාව: 'කටකතා සාක්ෂි' ගැන විනිසුරු දෙබස සහ නීතියේ තරාදියෙන් මනින රාජ්‍ය යාන්ත්‍රණයේ පාවාදීම

ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුව: විදේශගත ලිපිකාරියගේ සටහන් සහ සාක්ෂි ආඥාපනතේ අභියෝගය - මහාධිකරණයේ තීරණාත්මක දිනයක්

ඖෂධ මාෆියාවට පාර කැපූ 'විශේෂ සීඝ්‍රගාමී ක්‍රමවේදය' එළියට ! -  NMRA නිලධාරිනියගෙන් අධිකරණය හමුවේ තීරණාත්මක හෙළිදරව්වක්

ඖෂධයේ ‘උප්පැන්න සහතිකය’ අතුරුදහන් ද? : ඉමියුනොග්ලොබියුලින් නඩුවේ තීරණාත්මක සාක්ෂිය සහ නීතියේ විවරණය 

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය: ඉන්දියානු ණය මුදල සහ භාණ්ඩාගාරයේ 'අමතක වීම': ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ හුදකලා චෝදනාව පුපුරා යයි ද?

එන්නත් නඩුවෙන් මතුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය ! - රාජ්‍ය මූල්‍ය පාලනය, පරිපාලන වගවීම සහ 'නොකියවූ' ගිවිසුම්... 

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය: පරිපාලනමය පහසුව සහ විත්තිකරුවන්ගේ ව්‍යවස්ථාපිත අයිතිය අතර ඝට්ටනයක්?

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය : ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ 'අදෘශ්‍යමාන' ගිවිසුම සහ මුදල් අමාත්‍යාංශයේ 'මාධ්‍ය දැනුම'

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී  පුද්ගල නඩු විභාගය : ඇත්ත එළියට එන විට බොරුව නිරුවත් වෙයි !

විශේෂඥ ලේබලය පිටුපස සැඟවුණු ප්‍රසම්පාදන මාෆියාවේ නිරුවත: ඉමියුනොග්ලොබියුලින් නඩුවෙන් 'වෙස් මුහුණු' ගැලවෙයි

ඉමියුනොග්ලොබියුලින් නඩුව උණුසුම් වෙයි: නීතිමය බාධා මැද විත්තියෙන් දැඩි ප්‍රහාරයක්

වසර 10ක් පුරා 'බාල ඖෂධ' තිබුණත් CID ගියේ අදයි! - ප්‍රසම්පාදන ලොක්කන්ගේ "තෝරා බේරා දඬුවම් දීමේ" ප්‍රතිපත්තිය එන්නත් නඩුවෙන් හෙළිවේ

ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුවේ සැඟවුණු පැතිකඩ සහ 'නිලධාරිවාදී අමතකවීම්'

 

whatsapp 202507155

නවතම පුවත්