ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සහ නාට්‍ය ශිල්පී ධර්මසිරි බණ්ඩාරනායක මුණගැහෙන්න පහුගිය දවසක ඔහු වෙසෙන මහරගම 'ත්‍රිකෝණ' කලා කේන්ද්‍රයට ගියේ කාලයක් මුලුල්ලෙ අසනීපෙන් ඉන්න ඔහුගෙ සුවදුක් විමසන්න.

ඒ යන අතරෙ රෙකෝඩින් ආම්පන්න ටිකත් අරගෙන ගියේ Sandeshaya චැනල් එක පටන්ගත්තට පස්සෙ ඒක දැන් පුරුද්දක් වෙලා නිසා.

කොයිතරම් අසනීපෙන් හිටියත් කලාව ගැන ඔහුගෙ උනන්දුව බිඳුවකින් හෝ අඩු වෙලා නෑ කියල අපි දැක්ක.

ඒ නිසාම මේ සරල සාමීචියට ඔහු එක්වුණෙත් හරිම උනන්දුවෙන්. 

කොහොම වුනත් අසනීපය නිසා ධර්මසිරි අයිය සිතුවිලි පෙලගැස්සුවෙ අමාරුවෙන් කියල අපි දැක්ක. ඒ නිසා මේක ඉතාම සරල කතාබහක් විතරයි.

සුපුරුදු ප්‍රේමණීය මිනිසා සිටියත් අපි දැකල පුරුදු දැවැන්ත සටන්කාමියා එතන හිටියෙ නැහැ. අනෙක ඔහු ලංකාවෙ දේශපාලනය ගැන කතා කළේ දැඩි අප්‍රසාදයකින්.

ඔහු කියන විදියටම ඔහුගෙ කලාව ගැන කිසියම්ම හෝ සංවාදයක් මතුවුණොත් ඒක ඔහු "ජීවත් කරාවි."

(සටහන -සරෝජ් පතිරණ)


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්