ඉන්දියාවේ ධීවරයන්ගේ දේපල විකුණා මුදල් ඉපැයීමට ලංකාවේ ධීවර අමාත්‍යවරයා දරන උත්සාහය දෙරට අතර සබඳතා පළුදු  කිරීමේ අවදානමක් මතු කර තිබෙන මොහොතක මාසයකට ඉහතදී අත්අඩංගුවට ගත්

පනහකට වැඩි ඉන්දීය ධීවරයන් පිරිසක් කොන්දේසි සහිතව නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

 වසර පහකට අත්හිටවු හය මාසයක සිර දඬුවමක් ඉන්දීය ජනරජ දිනයට පෙර දිනයේ (ජනවාරි 25)  කයිට්ස් අධිකරණය විසින්  නියම කර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස දෙදිනක් තුළ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් පනස් පස් දෙනකු වෙනුවෙනි.

 නඩු තීන්දුව ප්‍රකාශයට පත් විමෙන් පසු ව සියරට ධීවරයන් නිදහස ලැබීම ගැන ඉන්දීය බලධාරීන් ද සතුට පලකර තිබුණි.

 “උසාවිය විසින් ඉන්දීය ධීවරයන් 56 දෙනකු නිදහස් කිරීමට නියෝග කර ඇති බව දැනගන්නට ලැබීම සතුටකි,” යි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් වේ.



“නිදහස ලබා ගැනීම වෙනුවෙන් මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ඔහුගේ කාර්ය මණ්ඩලය කළ වැඩ කටයුතු අගය කරමි,” යි ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශන්කර් ට්වීට් කර තිබුණි.


උතුරු මුහුදේ මත්ස්‍ය කොල්ලයේ යෙදී සිටි තමිල්නාඩු  ධීවර පිරිස අධිකරණය විසින් මුදා හරින ලද්දේ ආර්ථික අසීරුවක වැටී සිටින ශ්‍රී ලංකාවට ඉන්දියාව කෝටි ගණනින් ආධාර දී දින කීපයක් ගතවෙද්දීය.

 දෙරට අතර මුහුදු සීමාව පැන එන ඉන්දීය ධීවරයන් සහ ඔවුන් මැඩලීමට කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියා කලාපය  ඉන්දු - ලංකා සබඳතා පලුදු කිරීමේ අවදානමක් මතු කළ අවස්ථා එමටය.

 උතුරේ වාර්තාකරුවන් පවසන පරිදි ධීවරයන් පනස් පස් දෙනා සමග අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර  ට්‍රෝලර් යාත්‍රා 8 න් එක් ට්‍රෝලර් යාත්‍රාවක්  රාජසන්තක කිරීමට අධිකරණය නියෝග කර ඇත.

 එම බෝට්ටුව රාජසන්තක කිරීමට විනිසුරු ජේ ගජනිධිපාලන් නියෝග කර ඇත්තේ යාත්‍රාවේ හිමිකරු වන සෙල්වන්චෙට්ටි ප්‍රදීප් ධීවර එහි ගමන් ගත් සෙසු ධීවරයන් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වලකාලන්නට කටයුතු නොකිරීම හේතුවෙනි.

 ඉතිරි ට්‍රෝලර් යාත්‍රා හත සම්බන්ධයෙන් වන නඩුව අප්‍රේල් පළමු වැනිදා යළි කැදවීමට නියමිතය.

 රජයේ නීතිඥ නිශාන් නාගරත්නම් ධීවර දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ  පෙනී සිටි ඇත.


VideoCapture 20220125 085008
ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා යළි ඉන්දියාවට පිටත් කර හැරීමට නියමිත නිදහස ලැබු ධීවරයන් පිරිස මේ වන විට යාපනයේ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර දී ඇති බව උතුරේ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.



ඉන්දීය බෝට්ටු 105 ක වෙන්දේසියක්




 ශ්‍රී ලංකාව වැටී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කෝටි ගණනින් ආධාර කර ඇති ඉන්දියාවේ ධීවරයන්ගේ දේපල විකුණා මුදල් ඉපැයීමට ධීවර අමාත්‍යවරයා පියවර ගැනීම දෙරට අතර සබඳතා පලුදු කිරීමේ අවදානමක් මතුකර තිබේ.

මෙරට මුහුදේ අනවසරයෙන් මසුන් මරමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද තමිල්නාඩු ධීවරයන් සතුව තිබී   රාජසන්තක කළ  බෝට්ටු 105 ක් ධීවර දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට නියමිතය.

ඉන්දීය ධීවරයන්ට අයත්  බෝට්ටු එසේ විකිණීමට විරෝධය දක්වමින් තමිල්නාඩුවේ පාට්ටාලි මක්කල් කච්චි (PMK) නායක එස්. රාම්දාස් පසුගියදා  මධ්‍යම රජයෙන් ඉල්ලා තිබුනේ එය වලක්වා ගැනීමට මැදිහත් වන ලෙසයි.


සබැඳි පුවත:
ඇමැති ඩග්ලස් වෙන්දේසියෙන් ඉන්දු-ලංකා සබඳතා අවදානමේ

 

 

Leader Whats app


 
 

 
 
මේ මාසෙත් ඩොලර් නැහැ මේකත් විකුණමු ! | මොණරවිලගේ ලියමන
 

මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්