ශ්‍රී ලංකාව වැටී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කෝටි ගණනින් ආධාර කර ඇති ඉන්දියාවේ ධීවරයන්ගේ දේපල විකුණා මුදල් ඉපැයීමට ධීවර

අමාත්‍යවරයා පියවර ගැනීම දෙරට අතර සබඳතා පලුදු කිරීමේ අවදානමක් මතුකර තිබේ.

මෙරට මුහුදේ අනවසරයෙන් මසුන් මරමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද තමිල්නාඩු ධීවරයන් සතුව තිබී රාජසන්තක කළ බෝට්ටු 105 ක් ධීවර දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට නියමිතය.

ඉන්දීය ධීවරයන්ට අයත් බෝට්ටු එසේ විකිණීමට එරෙහිව තමිල්නාඩු දේශපාලන පක්‍ෂයක් විරෝධය දක්වමින් මධ්‍යම රජයෙන් ඉල්ලා ඇත්තේ එය වලක්වා ගැනීමට මැදිහත් වන ලෙසයි.



''`ලංකා මුහුදට ඇවිත් මාළු අල්ලන බවට චෝදනා කරමින් ලංකාවේ නාවික හමුදාව ඉන්දීය ධීවරයන් අත් අඩංගුවට අරන් බෝට්ටු රාජසන්තක කරනවා. 2015 සිට 2019 දක්වා කාලේ විතරක් තමිල් නාඩු ධීවරයන්ගේ බෝට්ටු 105 ක් රාජසන්තක කර තිබෙනවා. අපේ ධීවරයන්ගේ බෝට්ටු වෙන්දේසියේ විකුනන්න ලංකාවේ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ,'' යැයි තමිල්නාඩුවේ දේශපාලන පක්‍ෂයක් වන පාට්ටාලි මක්කල් කච්චි  (PMK) නායක එස්. රාම්දාස් සිය විරෝධය දක්වමින් පවසයි.

 

ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පවතින ඉන්දීය ධීවරයන්ගේ ට්‍රෝලර් යාත්‍රා සහ ධීවර උපකරණ උතුරේ ධීවරයන්ට ලබා දීමට ධීවර අමාත්‍යවරයා පොරොන්දු වී තිබේ.

 ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද දෙසැම්බර් 24 වැනිදා යාපනයේ දී පොරොන්දු වී තිබුනේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා පවත්වා අත්අඩංගුවේ පවතින ඉන්දීය ධීවරයන්ගේ ට්‍රෝලර් යාත්‍රා සහ ධීවර උපකරණ උතුරේ ධීවරයන්ට ධීවර දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික් නියෝජ්‍ය ධීවර අධ්‍යක්ෂවරුන්ට නියම කර ඇති පරිදි එම බෝට්ටු නැංගුරම් ලා ඇති ස්ථානවලදීම වෙන්දේසි කිරීමට නියමිතය.
 
 
ධිවර බෝට්ටු 65 ක් ෆෙබරවරී 07 වැනිදා කරෙයිනගර් ධීවර වාරයේත්, ෆෙබරවාරි 08 වැනිදා කන්කසන්තුරෙයි හි දී බෝට්ටු 05 ක් ද, ෆෙබරවාරි 09 වැනිදා  කිරාන්චි හිදී ධීවර බෝට්ටු 24 ක් ද, ෆෙබරවාරි 10 වැනිදා  තලෙයි මන්නාරම් ධීවර වාරයේදී බෝට්ටු 09 ක්ද, ෆෙබරවාරි 11 වැනිදා කල්පිටිය ධිවර වාරයේදී තවත් බෝට්ටු 02 ක් ද  වෙන්දේසියට නියමිතය.
 
 
''ලංකා ආණ්ඩුව ඉන්දියාවෙන් රුපියල් කෝටි 18 000 ක් විතර ණයට අරන් තියෙනවා. ඒ උණුසුම යන්නත් කලින්ම අපේ ධීවරයන්ගේ ජීවිකාව කරගෙන යන බෝට්ටු ටික වෙන්දේසි කරනවා. ලංකා ආණ්ඩුවේ සැබෑ මුහුණ ඉන්දියාව හඳුනාගන්න ඕනෑ,'' යැයි PMK නායකයා සඳහන් කරයි.

 අත්අඩංගුවට ගත් ධීවරයන් නිදහස් කළා මෙන්  ධීවර බෝට්ටු ද ඔහුන්ටම බාර දිය යුතු බව පවසන රාම්දාස්  ඉන්දියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින්නේ  ''දැනට සිරගතව සිටින තමිල්නාඩු ධීවරයන් 56 දෙනාත්, ඔවුන්ගේ බෝට්ටුත් මුදා හරින්න,''යැයි ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙසයි.

 

Leader Whats app


 
 
 
 
වැඩේ අල කරගත් දකුණු කොරියානු කතානායක තිබුන යානයකින් පැනයයි ! | මොණරවිලගේ ලියමන
 
 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip

 
අයියෝ අපේ රට හිගන්නෝ කරන චීන සැළසුම !| මොණරවිලගේ ලියමන
 
 
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්