අම්බිකා සත්කුනනාදන්ට එරෙහි විදේශ අමාත්‍යාංශයේ ප්‍රහාරක ප්‍රකාශය අතිශයින් බියජනක බව ඒකාබද්ධ සිවිල් සමාජ ප්‍රකාශනයක් සදහන් කරයි.



මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක සහ නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය අම්බිකා සත්කුනනාදන් 2022 ජනවාරි 27 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන අනුකමිටුවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති කර්කෂ ප්‍රකාශය ''විවේචන ඉදිරිපත් කරන පුද්ගලයන් සහ සුළුතර ප්‍රජාවන්ගේ සාමාජිකයින් ඉලක්කකර ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය පිළිබඳ පනත මෑත අතීතයේදී ශ්‍රී ලංකාව තුළ භාවිතකර ඇති ආකාරය සැලකිල්ලට ගැනීමේදී මේ තත්ත්වය අනතුරුදායක ස්වභාවයක් ජනිත කරන'' බව එම ඒකාබද්ධ සිවිල් සමාජ ප්‍රකාශනයේ සඳහන් වේ.

මෙම ප්‍රකාශනයට පුද්ගලයින් 167 දෙනෙකු සහ සංවිධාන  47ක් අත්සන් කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශය පහත පළවේ.



සිවිල් සමාජ ප්‍රකාශය මෙන්න :



අම්බිකා සත්කුනනාදන් මහත්මිය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ ප්‍රතිචාරය හෙලාදැකීම සඳහා වු සහයෝගීතා ප්‍රකාශනය

මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක සහ නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය වන අම්බිකා සත්කුනනාදන් මහත්මිය විසින් 2022 ජනවාරි 27 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන අනුකමිටුවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් 2022 පෙබරවාරි 4 වැනි දින විදේශ අමාත්‍යාංශයෙහි ප්‍රතිචාරය පිළිබඳව මෙහි පහත අත්සන්කර ඇති සිවිල් සමාජ සාමාජිකයින් සහ සංවිධාන දැඩි කනස්සල්ල ප්‍රකාශකර සිටින්නෙමු.

සත්කුනනාදන් මහත්මිය විසින් ස්වකීය ඉදිරිපත්කිරීමේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සහ රටක් වශයෙන් එහි පුරවැසියන් සඳහා ජාත්‍යන්තර සහ ජාතික බැඳීම් පිළිබඳව විවේචනාත්මක ඇගයීමක් සිදු කළ අතර, යුරෝපා සංගමයේ සාමාජික රටවලට නිර්දේශ ඉදිරිපත් කරන ලදී.



“දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් කෙරෙහි රජයේ ප්‍රතිපත්ති, රාජ්‍ය ආයතන සහ ඒවායේ භාවිතයන් මඟින් ඇතිවන විවිධාකාරවු බලපෑම් පෙන්වාදීම යම් ආකාරයකින් ‘ප්‍රජාවන් අතර වෛරය ඉස්මතු කෙරෙන’ සහ එමඟින් ‘සමාජ සංහිඳියාවට’ හානිදායක බව ඇඟවීමද බරපතල ගැටලුකාරී තත්ත්වයකි.”



ඉස්මතු කරන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් හරයාත්මකව කටයුතු කිරීම වෙනුවට, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම උදෙසා ප්‍රතිපත්තිමය පර්යේෂණ, උද්දේශන සහ රාජ්‍ය සේවය පිළිබඳව නිර්දෝෂී වාර්තාවක් ඇති පුද්ගලයකු කෙරෙහි දෝෂාරෝපණාත්මක ප්‍රතිචාරයක් දැක්වීමේ විකල්පය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් තෝරාගෙන ඇත.

දෙමළ ක්‍රියාකාරිනියකගේ සහ පර්යේෂකයෙකුගේ ස්වාධීන උද්දේශනය, එල්.ටී.ටී.ඊ.යේ ක්‍රියාකාරකම් හා බැඳි තත්ත්වයන් සමඟ සම තත්ත්වයෙහිලා සංසන්දයක් කිරීමට විදේශ අමාත්‍යාංශය විසින් ගන්නා උත්සහය හුදෙක් අසාධාරණ මෙන්ම දුෂ්ට හා බියකරුය.

දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් කෙරෙහි රජයේ ප්‍රතිපත්ති, රාජ්‍ය ආයතන සහ ඒවායේ භාවිතයන් මඟින් ඇතිවන විවිධාකාරවු බලපෑම් පෙන්වාදීම යම් ආකාරයකින් ‘ප්‍රජාවන් අතර වෛරය ඉස්මතු කෙරෙන’ සහ එමඟින් ‘සමාජ සංහිඳියාවට’ හානිදායක බව ඇඟවීමද බරපතල ගැටලුකාරී තත්ත්වයකි.

විවේචන ඉදිරිපත් කරන පුද්ගලයන් සහ සුළුතර ප්‍රජාවන්ගේ සාමාජිකයින් ඉලක්කකර ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය පිළිබඳ පනත මෑත අතීතයේදී ශ්‍රී ලංකාව තුළ භාවිතකර ඇති ආකාරය සැලකිල්ලට ගැනීමේදී මේ තත්ත්වය අනතුරුදායක ස්වභාවයක් ජනිත කරයි.



රාජ්‍ය ආයතනයක් විසින් භයානක අන්දමේ ඉඟි ලබාදෙමින් සෘජුව අදහස් ඉදිරිපත් කරන සිවිල් සමාජ සාමාජිකයින් ඉලක්කකර ගැනීම වු කලී හුදෙක් විරුද්ධ මත සහ ප්‍රකාශනයේ නිදහස යටපත් කිරීමට කරනු ලබන බියගැන්වීමක් වශයෙන් අපි සලකන්නෙමු.



ප්‍රමුඛතාගත කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය හෙවත් ඨීඡූ වෙළඳ වරප්‍රසාද රඳවාගැනීම හෝ අහිමිකර ගැනීම සම්පූර්ණයෙන්ම පදනම්වී ඇත්තේ කම්කරු අයිතිවාසිකම්, මානව හිමිකම්, පාරිසරික ආරක්ෂාව සහ යහපාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙහි ක්‍රියාකලාපය පිළිබඳ යුරෝපා සංගමයේ ඇගයීම මතය.

මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටීම වූ කලී ශ්‍රී ලංකා ආර්ථිකයට තීරණාත්මක වන ප්‍රමුඛතාගත කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය හෙවත් ජීඑස්පී වෙළඳ වරප්‍රසාදය අනතුරේ දැමීමට හේතු වන්නේය යන තර්කය ඉතාම වංක අදහසකි.

රාජ්‍ය ආයතනයක් විසින් භයානක අන්දමේ ඉඟි ලබාදෙමින් සෘජුව අදහස් ඉදිරිපත් කරන සිවිල් සමාජ සාමාජිකයින් ඉලක්කකර ගැනීම වු කලී හුදෙක් විරුද්ධ මත සහ ප්‍රකාශනයේ නිදහස යටපත් කිරීමට කරනු ලබන බියගැන්වීමක් වශයෙන් අපි සලකන්නෙමු.

විදේශ අමාත්‍යාංශය විසින් කරන ලද මෙවැනි ප්‍රකාශයන් ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ස්වාධීන මැදිහත්කරුවෙකු ලෙස සිවිල් සමාජය සම්බන්ධවීම සීමාකිරීමට සහ බලපෑමට ලක්වූ ප්‍රජාවන්ගේ හා පුද්ගලයින්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටීම අඩපණ කිරීමට හේතුවන බවට අපි විශ්වාස කරන්නෙමු.

සත්කුනනාදන් මහත්මිය මෙන්ම සිවිල් සමාජයේ බොහෝ දෙනෙක් සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරීන් සඳහා පවතින සන්දර්භය පිළිබඳව මෙන්ම සිවිල් ක්‍රියාකාරීත්වය යටපත් කිරීමේ අරමුණ සහිත නව නීතියක තර්ජනය සම්බන්ධයෙන්ද ස්වකීය කනස්සල්ල පළ කරති.

වින්දිතයන්වී දිවි ගලවාගත් පුද්ගලයන්ට, මානව හිමිකම් ක්‍රියාකාරීන්ට, ජනමාධ්‍යවේදීන්ට සහ සිවිල් සමාජ සංවිධානවලට එරෙහිව රජයට සම්බන්ධ පාර්ශව විසින් දිගින්දිගටම සිදු කරනු ලබන හිරිහැරකිරීම් පිළිබඳව අපි දැඩි කනස්සල්ලෙන් යුතුව මෙහිදී සටහන් කරන්නෙමු.

සිවිල් සමාජයට සුදුසු සන්දර්භයක් නිර්මාණය කිරීම සඳහා හුදෙක් සිවිල් සමාජය හවුල්කරුවෙකු ලෙස සලකන බවට ප්‍රකාශ කිරීම සහ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය නව අමාත්‍යාංශයක් වෙත මාරුකිරීමට වඩා පුළුල් ක්‍රියාදාමයක් අවශ්‍ය වේ.

මේ පිළිබඳවත්, සත්කුනනාදන් මහත්මිය විසින් ඉස්මතු කරන ලද අනෙකුත් හරයාත්මක කරුණු පිළිබඳවත් රජය සමඟ අවංක, ප්‍රතිපත්තිමය පදනමක් මත සහ සාධනීය සංවාදයක නිරතවීමට අපි තවදුරටත් කැමැත්තෙන් සිටින්නෙමු.

කෙසේවෙතත්, විදේශ අමාත්‍යාංශය විසින් මේ ආකාරයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඉලක්කකර ගැනීම විශ්වසනීයත්වයක් හෝ පැහැදීමක් ඇති නොකරයි.

විදේශ අමාත්‍යාංශයේ මෙම ප්‍රකාශය අපි හෙලාදකින අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ සැබෑ සංහිඳියාව ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමේ ක්‍රියාවලීන්හි යෙදී සිටින අම්බිකා සත්කුනනාදන් මහත්මිය සහ අනෙකුත් සියලුම සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ සහයෝගීතාවෙන් සිටින්නෙමු.



Signatories; Individuals

1. A.R.A. Ramees
2. Ainslie Joseph – Convenor, People's Movement for Good Governance (PeMOGG)
3. Amalini De Sayrah
4. Ameena Hussein
5. Ameer Faaiz
6. Aneesa Firthous
7. Anithra Varia
8. Anthony Jesudasan
9. Anthony Vinoth
10. Anuratha Rajaretnam
11. Anushani Alagarajah
12. Anushaya Collure
13. Aruni Jayakody
14. B. Gowthaman
15. Bhavani Fonseka
16. Bisliya Bhutto
17. C. Ranitha Gnanarajah, AAL
18. Chamila Thushari
19. Chandra Devanarayana
20. Channaka Jayasinghe
21. Chintaka Rajapakse
22. Chulani Kodikara
23. Damaris Wickremesekera
24. Dammika Munasinghe – Secretary, Joint Development Officers Centre
25. Deekshya Illangasinghe
26. Deshamanya Godfrey Yogarajah
27. Dharsha Jegatheeswaran
28. Dinushika Dissanayake
29. Dorin Rajani
30. Dr. Dinesha Samararatne
31. Dr. K. Guruparan, Attorney-at-Law
32. Dr. Kalana Senaratne – University of Peradeniya
33. Dr. Kaushalya Ariyarathne
34. Dr. Mahendran Thiruvarangan – University of Jaffna
35. Dr. Nimalka Fernando, Attorney-at-Law
36. Dr. Paikiasothy Saravanamuttu
37. Dr. Radhika Coomaraswamy
38. Dr. Ruvan Weerasinghe
39. Dr. Sanjana Hattotuwa
40. Dr. Thusiyan Nandakumar
41. E.M.S.N. Ekanayaka
42. Erandika de Silva – University of Jaffna
43. Ermiza Tegal
44. Faizun Zackeriya
45. Farah Mihlar
46. Farzana Haniffa
47. Fathima Majitha
48. Francis Costa Priyankara
49. Francis Raajan
50. Gehan Gunatilleke
51. Harindrini Corea, Attorney-at-Law
52. Herman Kumara
53. Hilmy Ahamed
54. Hyshyama Hamin – Women's Rights Activist
55. Indunil Usgoda Arachchi
56. Iromi Perera
57. Ishara Danasekara
58. J. Yardsan Figurado
59. Jaabir Raazi Muhammadh
60. Jake Oorloff
61. Jayani Abeysekara
62. Jehan Jegatheesan
63. Joanne Senn
64. Juwariya Mohideen
65. K. Aingkaran, Attorney-at-Law
66. K. Nihal Ahamad
67. K.J. Brito Fernando
68. K.S. Ratnavale, Attorney-at-Law
69. K.Thananjan
70. Kalani Subasinghe
71. Kamala Vasuki – Batticaloa
72. Kumaran Nadesan
73. Kumudini Samuel
74. Lahiru Perera – Family Rehabilitation Centre
75. Lakkitha Samarakone
76. Lakshman Gunasekara – Journalist
77. Lal Wijenayake – Convenor, Lawyers For Democracy
78. Linus Jayatilake – President, United Federation of Labour
79. Lucille Abeykoon
80. Luwie Ganeshathasan
81. M. Kusum Silva – Citizens Committee, Gampaha District
82. M.A. Wahid
83. Mahaluxmy Kurushanthan
84. Maithreyi Rajasingam, Attorney-at-Law
85. Mario Arulthas
86. Mario Gomez
87. Marisa de Silva
88. Michael Joachim
89. Mike Gabriel
90. Mirak Raheem
91. N.M. Saroor
92. Nagulan Nesiah
93. Nethmini Medawala, Attorney-at-Law
94. Nilshan Fonseka
95. Nurun Anberiya Hanifa
96. P. Muthulingam
97. P.M. Mujeebur Rahman, LLB
98. P.N. Singham
99. Pasan Jayasinghe
100. Peter Rezel
101. Philip Dissanayake
102. Prabodha Rathnanaya, AAL
103. Prabu Deepan
104. Priyatharshiny Rajendran
105. Prof. Arjuna Parakrama – University of Peradeniya
106. Prof. Maithree Wickramasinghe
107. Prof. Shamala Kumar – University of Peradeniya
108. Prof. Sumathy Sivamohan – University of Peradeniya
109. Puni Selvaratnam
110. Raghu Balachandran
111. Ramalingam Sivapragasam
112. Ramani Muttettuwegama, Attorney-at-Law
113. Rehab Mahamoor
114. Rev. Fr. Nandana Manatunga
115. Rev. Fr. Terence Fernando
116. Rev. Sr. Noel Christine Fernando
117. Rohana Hettiarachchi
118. Rohini Hensman – Writer, Researcher and Activist
119. Ruki Fernando
120. S. Kamalakanthan – Social Activist
121. S. Ratnajeevan H. Hoole – Formerly of the Election Commission and UGC, and Michigan State University
122. S.C.C. Elankovan – Lawyer and Development Consultant
123. S.M. Anifa
124. S.T. Ganeshalingam
125. Sabra Zahid
126. Safana Gul Begum
127. Sajini Fernando, AAL
128. Sakuntala Kadirgamar
129. Sampath Samarakoon – Editor, vikalpa.org
130. Sandun Thudugala
131. Sanjula Pietersz, AAL
132. Sarah Arumugam, AAL
133. Sarala Emmanuel – Researcher
134. Selvaraja Rajasegar – Editor, maatram.org
135. Senaka Perera, AAL
136. Senel Wanniarachchi
137. Shafinaz Hassendeen
138. Shalomi Daniel
139. Sharmaine Gunaratne, AAL
140. Sheila Richards
141. Shivantha Rathnayake
142. Shreen Saroor
143. Shyamala Gomez
144. Sirany Thevakumar – Rights based activist
145. Srinath Perera – General Secretary, Free Trade Union Centre
146. Stella Victor
147. Sunanda Deshapriya – Journalist, Writer and Human Rights Activist
148. Sunil Shantha Ganewaththa
149. Suren D. Perera, AAL
150. Suresh Fernando, Attorney-at-Law
151. Swasthika Arulingam
152. Sylvester Jayakody – General Secretary, Ceylon Mercantile Industrial and General Workers Union (CMU)
153. Tanuja Thurairajah
154. Tehani Ariyaratne
155. Thiagi Piyadasa – Lawyer and Researcher
156. Thyagi Ruwanpathirana – Researcher
157. Tisaranee Gunasekara
158. Vanie Simon
159. Ven. Fr. Samuel J. Ponniah
160. Visakha Tillekeratne – Independent Activist
161. Yamini Ravindran – Attorney-at-Law and Campaigns Director, Minormatters




Organisations:

1. Adayaalam Centre for Policy Research (ACPR)
2. Affected Women's Forum (AWF)
3. Alliance for Minorities
4. Batticaloa District Civil Society Activists Union
5. Centre for Human Rights and Development (CHRD)
6. Centre for Policy Alternatives (CPA)
7. Civil and Political Rights Amayam, Batticaloa
8. Committee for Protecting Rights of Prisoners
9. Dabindu Collective Sri Lanka
10. Families of the Disappeared (FoD)
11. Forum for a Plural Democracy
12. Forum for Affected Families, Mannar
13. Human Elevation Organisation (HEO)
14. Human Rights Office (HRO), Kandy
15. Institute of Social Development (ISD)
16. International Centre for Ethnic Studies (ICES)
17. Law and Society Trust (LST)
18. Lawyer's Forum for the People
19. Mannar Social and Economical Development Organisation (MSEDO)
20. Mannar Women's Development Federation (MWDF)
21. Movement for Land and Agricultural Reform (MONLAR)
22. Movement for Plantation Peoples' Land Rights (MPPLR)
23. Muslim Women’s Development Trust (MWDT)
24. National Fisheries Solidarity Movement (NAFSO)
25. NGO National Action Front (NNAF)
26. People for Equality and Relief in Lanka (PEARL)
27. People's Action For Free and Fair Elections (PAFFREL)
28. People’s Alliance for Right to Land (PARL)
29. People’s Collective for Climate Justice, Batticaloa
30. Plantation Rural Education and Development Organisation (PREDO)
31. Praja Abhilasha Network
32. Revolutionary Existence for human Development (RED)
33. Right to Life Human Rights Centre (R2L)
34. Rural Development Foundation
35. Samadana/m
36. Savistri National Women's Movement
37. Social Institute for Development of Plantation Sector (SIDPS)
38. Sri Lanka Young Journalists' Association
39. Suriya Women's Development Centre
40. Tamil Civil Society Forum (TCSF)
41. Upcountry Civil Society Collective (UCSC)
42. Viluthu
43. Voices Movement
44. Women and Media Collective (WMC)
45. Women for Justice and Peace in Sri Lanka
46. Women's Action Network (WAN)
47. Women’s Organisation Working on Disability

dhyty5


විදේශ අමාත්‍යංශය විසින් පෙබ. 04 නිකුත්කර තිබු මාධ්‍ය නිවේදනය

FOREIGN MINISTRY REFUTES CLAIMS MADE BY AMBIKA SATKUNANATHAN TO THE EUROPEAN PARLIAMENT'S SUBCOMMITTEE ON HUMAN RIGHTS


විදේශ අමාත්‍යංශ නිවේදනයේ සිංහල පරිවර්තනය පහත පළවේ.



අම්බිකා සත්කුනනාදන් මහත්මිය මානව හිමිකම් පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තුවේ අනුකමිටුව හමුවේ සිදු කළ ප්‍රකාශය විදේශ අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි.

2022 ජනවාරි 27 වැනි දින යුරෝපා පාර්ලිමේන්තුවේ අනුකමිටුව හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අවස්ථාවේ දී, නීලන් තිරුචෙල්වම් සංවිධානයේ සභාපති අම්බිකා සත්කුනනාදන් මහත්මිය ලබා දුන් ප්‍රකාශයේ අඩංගු නොමඟ යවන සුළු ප්‍රකාශ රැසක් පිළිබඳව විදේශ අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සහ මානව හිමිකම් කවුන්සිලය සමඟ දිගුකාලීන සහයෝගිතාවයක නිරත වෙමින්, දේශීය ක්‍රියාවලීන් සහ ආයතන හරහා සිය වගවීම සහ ප්‍රතිසන්ධාන කටයුතු ඉටුකිරීම සම්බන්ධයෙන් පවත්නා කැපවීම ක්‍රියාවට නංවන මෙවැනි අවස්ථාවක දී, සත්කුනනාදන් මහත්මිය ඉදිරිපත් කළ මෙම ප්‍රකාශය හරහා ශ්‍රී ලංකා රජය විවිධ අංශ ඔස්සේ ලබා ඇති ප්‍රගතිය මුළුමනින්ම නොසලකා හැරීමකට ලක් වන අතර, එමගින් රජයේ අභිප්‍රාය සහ අවංකභාවය පිළිබඳව සැකයක් උද්ගත වේ.



සත්කුනනාදන් මහත්මිය ඉදිරිපත් කළ නිර්දේශ අතර, මානව හිමිකම් සම්බන්ධයෙන් රජයට බලපෑම් කිරීම සඳහා යුරෝපා සංගමය ජීඑස්පී+ සහනය භාවිතා කළ යුතු බවට ඉදිරිපත් කළ නිර්දේශය සම්බන්ධයෙන් මෙම අමාත්‍යංශය සිය කනගාටුව පළ කර සිටියි.
 


විශේෂයෙන්ම දැනට පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සියලුම ප්‍රජාවන්ට අයත් මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපාය කෙරෙහි මේ වන විටත් බලපෑම් එල්ල වී ඇති අවස්ථාවක, යුරෝපා සංගමයේ ජීඑස්පී+ පහසුකම ශ්‍රී ලංකාවට අහිමි වුවහොත්, එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණ දීමට සිදුවන පාඩු හේතුවෙන් දරිද්‍රතාවය ඉහළ ගොස් ආදායම්වල අසමානතාවය උග්‍ර වනු ඇත.

තවද, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදු කෙරෙන ප්‍රධාන කර්මාන්ත අතරට අයත් වන ධීවර කර්මාන්තයට හා කෘෂිකර්මාන්තයට මෙමගින් දැඩි බලපෑම් එල්ල වනු ඇත.



වාර්ගික ප්‍රජාවන්ට වෙනස් අයුරින් සැලකීම සම්බන්ධයෙන් එතුමියගේ ප්‍රකාශයේ අඩංගු පදනම් විරහිත චෝදනා මගින්, ජනතාව අතර වෛරය ඇති කිරීම සඳහා වරක් එල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල නිරූපණය කෙරෙන බවද මෙම අමාත්‍යංශය සඳහන් කරයි.



ජාත්‍යන්තර ප්‍රජාව අතර ශ්‍රී ලංකාව පිළිබඳ අභූත චෝදනා පැතිරවීම වැළැක්වීම මෙන්ම, රට තුළ සමාජ සංහිඳියාව ඇති කිරීම සඳහා, බහු වාර්ගික සහ බහු ආගමික රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙවැනි චෝදනා ප්‍රතික්ෂේප කළ යුතු ය.

‘විපාක නොලබන සංස්කෘතියක්’ පිළිබඳව සත්කුනනාදන් මහත්මිය සිදු කළ ප්‍රකාශය මෙම අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ මෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ දීර්ඝ කාලීන සහයෝගීතාවක නිරතව සිටින බවද මෙම අමාත්‍යංශය දන්වා සිටියි.

වගවීම සහ ප්‍රතිසන්ධාන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවත්නා වගකීම, ශ්‍රී ලංකාව විසින් දේශීය යාන්ත්‍රණ සහ ආයතන හරහා ඉටු කරනු ලැබේ. උද්ගතවී ඇති විවිධ ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකා රජය UNHRC හි විශ්වීය වාරික සමාලෝචන සහ විශේෂ ක්‍රියා පටිපාටි ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සක්‍රීයව සම්බන්ධ කරගනි යි. ක්‍රමානුකූලව වධහිංසා පැමිණවීම පිළිබඳ චෝදනා ද මීට ඇතුළත් වේ.

නීතියේ ආධිපත්‍යය, යුක්තිය පසිඳළීමේ ප්‍රවේශය සහ වගවීම පිළිබඳ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අතිරේක ප්‍රතිසංස්කරණ සිදු කරන බවද රජය පැහැදිලි කොට ඇත. යෝජනා සම්බන්ධයෙන් සාධනීය සාකච්ඡාවක් පැවැත්වීමටත්, අඩුලුහුඬුකම් සපුරාලීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් ශ්‍රී ලංකා රජය විවෘතව සිටියි.



ශ්‍රී ලංකා රජය ‘සිංහල බෞද්ධ ජාතිකවාදය’ සහ ‘මිලිටරිකරණය’ මෙහෙයවන බව, සත්කුනනාදන් මහත්මිය ප්‍රකාශ කොට ඇති බව මෙම අමාත්‍යංශය දන්වා සිටියි. සුළු ජාතීන්ට වෙනස් කොට සැලකීම පිළිබඳ නිශ්චිත සාක්ෂි නොමැති තතු පාදක කරගන්නා ඇය, වාර්ගික පැතිකඩ පිළිබඳ අපැහැදිලි ප්‍රකාශ ඉදිරිපත් කරයි.
 

ශ්‍රී ලංකාව සියලුම ජාතීන් වෙසෙන රටක් බවත්, එතුළ කිසිදු ආගමික හෝ වාර්ගික භේදයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සියලුම පුරවැසියන්ට සමාන අයුරින් මූලික අයිතිවාසිකම් ලබා දී ඇති බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් මෙම අමාත්‍යංශය දන්වා සිටියි.

තවද, වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය යනාදී පොදු සේවාවන් ලබාගැනීම සඳහා ජනතාවට ඇති අවකාශය ශ්‍රී ලංකා රජය සහතික කොට ඇත.

එමෙන්ම, උතුරු හා නැගෙනහිර පළාත්වල විශාල ප්‍රදේශ එල්ටීටීඊ පාලනය යටතේ පැවති සමයේ සිදු වූ සන්නද්ධ ගැටුම් හමුවේ පවා, ප්‍රධාන වශයෙන් එම ප්‍රදේශවල දමිළ සහ මුස්ලිම් ජන කොට්ඨාශවලට අයත් සිවිල් ජනතාවට බලපෑමක් එල්ල නොවන පරිදි, මෙවැනි මහජන සේවා සැපයීම රජය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරිණි.

 

පුරාවිද්‍යාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඉඩම් කොල්ලකෑම සහ සුළුතර ප්‍රජාව අධික ලෙස ජීවත් වන ප්‍රදේශවල ජනව්‍යාප්තියට අදාළ කරුණු වෙනස් කිරීම සඳහා යොදාගන්නා මෙවලමක් බවට චෝදනා කරන සත්කුනනාදන් මහත්මිය, “එකම රටක් එකම නීතියක්” පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ජනවර්ග අතර වෛරය සහ ප්‍රචණ්ඩත්වය අවුළුවන බවත් පෙන්වා දෙයි.



යුද්ධය නිමා වීම හේතුවෙන් අවතැන් වූ පිරිස් උතුරු සහ නැගෙනහිර පළාත්වලට නැවත පැමිණීමත් සමඟම, ඔවුන් මෙම වනාන්තර ප්‍රදේශවලට අනවසරයෙන් ඇතුළු වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත. මෙම හේතුවෙන් පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශයට පත්ව ඇත. එබැවින් මෙම ස්ථාන ආරක්ෂා කිරීම සඳහා දැඩි පියවර ගැනීමේ හදිසි අවශ්‍යතාවත් පවතී. පුරාවිද්‍යාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඉඩම් කොල්ලකෑමේ මාර්ගයක් බවට පත්වී මෙම ප්‍රදේශවලට සිංහල ප්‍රජාව හඳුන්වා දෙන බව සඳහන්ව ඇති ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක්‌ නොමැත.

මෙම කාර්ය සාධක බලකාය තුළ සියලුම ජනවර්ගවලට අයත් ප්‍රජාව නියෝජනය වන බව සඳහන් කළ යුතු ය. “එකම රටක් එකම නීතියක්” පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් උපදේශන කටයුතු පමණක් ඉටු කිරීමට අපේක්ෂිත බව සඳහන් කළ යුතු ය. මෙම කාර්ය සාධක බලකායේ නිර්දේශ ප්‍රජාතාන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුකූලව පළමුව අධිකරණ අමාත්‍යංශයේ අධ්‍යයනය පිණිස වෙත යොමු කෙරෙන අතර, ඉන් පසුව අමාත්‍ය මණ්ඩලය සහ අවසානයේ දී පාර්ලිමේන්තුව වෙත යොමු කෙරෙනු ඇත.



හමුදාව උතුරු සහ නැගෙනහිර පළාත් ‘නතු කරගෙන සිටින’ බවට ඇය චෝදනා කරයි. 2009 වසරේ දී යුධ ගැටුම් නිමාවට පත් වීමත් සමඟම, හමුදාව යටතේ පැවති පෞද්ගලික ඉඩම්වලින් බහුතරයක් (92% කට අධික ප්‍රමාණයක්) නීත්‍යානුකූල ඉඩම් හිමි සිවිල් වැසියන්ට මේ වන විට ලබා දී ඇත. ඉතිරි පෞද්ගලික ඉඩම් මුදාහැරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ යාන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
 


‘සිවිල් අවකාශය’ සීමා කෙරෙමින් පවතින බවටත්, ශ්‍රී ලංකා රජය සිවිල් සමාජ සංවිධානවල ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා අවිධිමත් හා නීති විරෝධී ක්‍රියාවලීන් භාවිතා කරන බවටත් සත්කුනනාදන් මහත්මිය පළ කරන චෝදනා ඉතා කනගාටුදායක ය. ශ්‍රී ලංකා රජය රාජ්‍ය නොවන සංවිධාන සිය හවුල්කරුවන් වශයෙන් මිස විරුද්ධවාදීන් වශයෙන් නොසලකන බව මෙම අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලයේ (ONUR) සහ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන කවුන්සිලයේ කටයුතු සඳහා සිවිල් සමාජ සංවිධාන විසින් සපයන ලද ඵලදායී දායකත්වය රජයේ ඇගයීමට ලක් වේ.

රාජ්‍ය නොවන සංවිධානවල ලේකම් කාර්යාලය විදේශ අමාත්‍යංශය යටතට ගෙන ඒම ආදී වශයෙන් රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු පහසු කිරීම සඳහා යම් යම් ප්‍රතිපත්තිමය වෙනස්කම් ද රජය විසින් හඳුන්වා දෙන ලදී.

විශේෂයෙන්ම පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ජාතික ආරක්ෂාව වෙනුවෙන් සාමාන්‍ය ආරක්‍ෂක සේවා ජාල ක්‍රියාත්මක කිරීම හැර, රටේ කිසිදු නිශ්චිත පිරිසක් නිරීක්‍ෂණය කිරීම හෝ ඉලක්ක කිරීම අරමුණු කරගනිමින් ආරක්‍ෂක අංශ සහ බුද්ධි අංශ කටයුතු නොකරන බව යළිදු අවධාරණය කළ යුතු ය.



“යුද්ධය සහ මත්ද්‍රව්‍ය” යන්නට මුවා වී ශ්‍රී ලංකා රජය සිදු කරන අධිකරණයට පරිබාහිර ඝාතන සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව සත්කුනනාදන් මහත්මිය ඉදිරිපත් කළ ප්‍රකාශ මෙම අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි.



මේ වන විට රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරමින් සිටින බවත්, මේ වන විට එහි අවසන් අදියරේ කටයුතු සිදුවෙමින් පවතින අතර එම ක්‍රියාවලිය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කෙරෙමින් සිටින බවත් සඳහන් කළ යුතු ය.

“ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිටින රාජ්‍යයන්ගේ ප්‍රයත්න යටපත් කිරීම” සඳහා ශ්‍රී ලංකා රජය චීනය සමඟ ඇති මිත්‍රත්වය අයුතු ආකාරයෙන් භාවිතා කරන බවට ද, සත්කුනනාදන් මහත්මිය චෝදනා කරයි. එහෙත්, අපගේ ප්‍රධානතම විදේශ ප්‍රතිපත්තිය බවට පත්ව ඇත්තේ ඉන්දු-පැසිෆික් කලාපය තුළ ඉහළ යමින් පවතින උපායමාර්ගික තරඟකාරිත්වය සැලකිල්ලට ගනිමින්, නිදහසින් පසුව අප අනුගමනය කළ නොබැඳි විදේශ ප්‍රතිපත්තියට අනුකූලව මධ්‍යස්ථභාවයක් පවත්වා ගැනීම යි.

ජාතික යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් පවත්නා අඩුලුහුඬුකම් පූර්ණය කිරීම සඳහා චීනය හැරුණු විට ඉන්දියාව සහ ජපානය වැනි රටවල් කිහිපයක් සමඟ ද ශ්‍රී ලංකාව හවුල්කාරිත්වයකට එළඹ ඇති බව මෙම අමාත්‍යංශය දන්වා සිටියි.

දේශීය ක්‍රියාවලීන් සහ ආයතන හරහා වගවීම සහ ප්‍රතිසන්ධාන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවත්නා බැඳීම කෙරෙහි එවැනි හවුල්කාරිත්වයන් මගින් කිසිදු බලපෑමක් එල්ල නොවේ.


විදේශ අමාත්‍යංශය
කොළඹ

2022 පෙබරවාරි 04වැනි දින



(උපුටා ගැනීම -srilankabrief.org)

 

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්