කතාබහකට ලක්ව ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියේදී
ලංසු තැබූ චීන සමාගම ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ, තම සමාගමේ කටයුතු පිළිබඳ විග්‍රහ කරමින් සහ මෙම කොන්ත්‍රාත්තුව තම සමාගමට ලබාදුනහොත් සිදුවන ලාභය ද සඳහන් කරමින්.
එම සමාගම පවසන්නේ ලෝකයේ පිළිගත් සමාගම් 500 අතරින් 92 වන ස්ථානය හිමි තම එම්.සී.සී.අයි සමාගම මේ වන විටත් ශ්‍රී ලංකාවේ සාර්ථක ව්‍යාපෘති දෙකක් නිම කර ඇති බවයි. කොළඹ අධිවේගී මාර්ගය හා පිටත වටරවුම් අධිවේගී මාර්ගය නියමිත කාලයටත් පෙර සම්පූර්ණ කර දුන්නේ තම සමාගම බවයි ඔවුන් පවසන්නේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ අදාළ කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේදී ශ්‍රී ලාංකික සමාගමක් ද මූල්‍ය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේවෙතත් මූල්‍ය යෝජනා විවෘත කිරීමේදී එම සමාගමේ පමණක් මූල්‍ය යෝජනා විවෘත කර ඇති බව තමන්ට දැන ගැනීමට ලැබී ඇති බවයි චීන සමාගම ජනාධිපතිවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
චීන සමාගම ජනාධිපතිවරයාට යැවූ ලිපියේ දැක්වෙන්නේ, මාර්ග කොටසේ ඉදිකිරීම් සඳහා වට්ටම් ද සමඟ ශ්‍රී ලංකා රජයට වසර 15 ක් තුළ තම සමාගමට ගෙවිය යුත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1,050 ක් හෙවත් රුපියල් බිලියන 210 ක් පමණක් බවයි.
එහෙත් ශ්‍රී ලංකා සමාගමට මෙම ඉදිකිරීම් ලබාදුනහොත් අමෙරිකානු ඩොලර් මිලියන 1,872 ක් හෙවත් රුපියල් බිලියන 374 යි දශම 4 ක මුදලක් ශ්‍රී ලංකා රජයට වසර 15 ක් තුළ ගෙවීමට සිදුවන බවයි චීන සමාගම පවසන්නේ.
ඒ අනුව මෙම මාර්ග කොටස ඉදිකිරීම තම සමාගමට ලබාදීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 822 ක් හෙවත් රුපියල් බිලියන 164 යි දශම 4 ක ලාභයක් ශ්‍රී ලංකා රජයට සිදුවන බව චීන සමාගම පෙන්වා දෙනවා.
මෙම සමාගම ජනාධිපතිවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ චීනය යනු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයේදී දිගු කාලීන සහ හවුල්කාර මිතුරෙකු වන බවයි. එබැවින් මූල්‍ය යෝජනා විවෘත කිරීමේදී තම සමාගමටද අවස්ථාවක් ලබාදෙන ලෙසයි එම ලිපිය මඟින් ඉල්ලා ඇත්තේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලය පිළිබඳ කතාබහක් මතු වූයේ ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා දෙකක් අවලංගු කිරීමත්, නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමත්, ඇතැම් තීන්දු හේතුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍යමය පාඩුවක් සිදුවන බවටත් වාර්තා පළ වීමත් සමඟයි.
චීන සමගම ජනාධිපතිට යොමුකර ඇති ලිපියේ සිංහල පරිවර්තනය :
2022 පෙබරවාරි 10
ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
මැතිතුමනි,
රඹුක්කන සිට ගලගෙදර ( 12+890-32+450 කි.මී) CEP SECTION 3 යෝජනාව සඳහා කෙරෙන ඉල්ලීමයි DBFOMT පදනමින්
චීනයේ මෙටාලර්ජිකල් කෝපරේෂන් (Metallurgical Corporation) පෞද්ගලික සමාගම වෙනුවෙන් අපි මෙම ලිපිය ඔබතුමා වෙත ලියමු.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය (CKE) සහ පිටත කොළඹ අධිවේගී මාර්ගය (OCH 111) ඉහළම ඉන්ජිනේරු ප්‍රමිතියෙන් හා සේවායෝජකයාගේ මහා මාර්ග අමාත්‍යාංශය / මාර්ග සංවර්ධන අධිකාරියේ සම්පූර්ණ සංතෘප්තියට හේතුවන පරිද්දෙන් නියමිත කාලයට පෙර අප විසින් නිමාකරන ලදී.
මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත -මීරිගම දක්වා කොටස (වරණීය ණය පදනමින් (Preferential Credit Basis) සිදුකිරීමට යෝජිත) නිමා කිරීමට සූදානම් වෙමින් සිටිමු.
අප මෙය ලියන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර වන රඹුක්කන - ගලගෙදර (12+890- 32+450 කි.මී.) මාර්ගය සඳහා වන ව්‍යාපෘතිය ඉල්ලීමට ඉදිරිපත් වී ඇති බව ඔබතුමා වෙත දැනුම් දීමටයි.
මෙම ව්‍යාපෘතිය සඳහා ලංසු තැබූ එකම විදේශීය ලංසුකරුවන්නේ චීනයේ චීන මෙටාලර්ජිකල් කෝපරේෂන් සමාගමේ ජාත්‍යන්තරයයි. (Metallurgical Corporation of China Ltd International (MCCI) අනෙක් ලංසුව තැබුවේ දේශීය මූල්‍යායතන සමූහයක් වන LIDCය.
මේ හේතුවෙන් 2021.10.08 දින ලංසු විවෘත කරන අවස්ථාවේදී සිටියේ ප්‍රතිචාර දැක්වූ ලංසුකරුවන් දෙදෙනකු පමණි. එම ලංසු පිළිගන්නා ලදී.
CANC සහ ව්‍යාපෘති කමිටුව ඉන් අනතුරුව තාක්ෂණික යෝජනා සහ නීතිමය ලියවිලි පරික්ෂා කරන ලදී.
චීනයේ Bank of China බැංකුව හරහා ඉදිරිපත් කළ ලංසු බැඳුම්කරය (Bid Bond) අවලංගු කළ නොහැකි සහ අවශ්‍ය වූ සැණින් ලබාදෙන Irrevocable and on demand එකක් වූ අතර ඒ සම්බන්ධයෙන් අපගෙන් ප්‍රශ්න කරන ලදී.
එම ලංසු බැඳුම්කරයේ “අවලංගු කළ නොහැකි හා අවශ්‍ය වූ සැණින් ගෙවන” ප්‍රකාශය යළි තහවුරු කරමින් චීන බැංකුව (Bank of China) නැවත ලිපියක් එවන ලදී.
(ඇමිණුම 1A සහ 1B) අපගෙන් අපගේ MCCI සමාගමේ විස්තර විමසන ලදී. MCCI සමාගම MCC සමූහයට අයත් සමාගමක් වන අතර එය ෆෝර්චූන් 500 යටතේ ගැනෙන සමාගම්වලින් 92 ස්ථානයේ සිටින සමාගමකි.
MCC සමාගම් සමූහය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම කරන බවත් MCC සමාගමද මෙම ව්‍යාපෘතිය භාරගන්නා කොටස්කරුවකු බව තහවුරු කරමින් ත්‍රිපාර්ශ්වික ගිවිසුමේ කොටස්කරුවකු ලෙස ඇතුළත් වන බවත් තහවුරු කරමින් MCC සමාගම ලිපියක් ඉදිරිපත් කළේය.
(ලිපිය අමුණා ඇත - ඇමිණුම 2A සහ 2B)
MCCI සමාගමේ අප වෙත මේ වන විට විශ්වාසවන්ත ලෙස අවබෝධ වී ඇත්තේ මූල්‍ය යෝජනා විවෘත කරන අවස්ථාවේදී දේශීය සමාගම් සමූහයේ LIDCහි මූල්‍යමය යෝජනා පමණක් විවෘත කර ඇති බවයි. එහෙයින් අපගේ අවසන් නිගමනය වන්නේ MCCI සමාගමේ මූල්‍ය යෝජනා විවෘත කොට නැති බවයි.
එසේම,
a. සිටියේ ලංසුකරුවන් දෙදෙනකු පමණි.
b. එක් අයකු විදේශීය වූ අතර අනෙකා දේශීය විය.
c. ප්‍රජාතන්ත්‍රීය ලෙස ප්‍රසම්පාදන ඇගයීමේදී එක්කෝ අර්පණයන් දෙකම විවෘත කළ යුතුය නැතහොත් එකම අර්පණයක් සේ සලකා ප්‍රතික්ෂේප කළ යුතුය. එක් අර්පණයක් පමණක් ගෙන මිල ගණන් සැසඳීමට හැකියාවක් නැත. කෙසේ නමුත් අප උගත් කමිටුවේ ස්ථාවරයට ගරු කරමු.
විවිධ වීඩියෝ පට සහ සමාජ මාධ්‍යයේ සංසරණය වන ප්‍රකාශයන් හරහා LIDCහි අර්ධ වාර්ෂික මිල (Semi Annuity Price) ඇ.ඩොලර් මිලියන 62.4ක් බව අපි දැනගතිමු.
පහත සටහන දෙස ඔබතුමාගේ අවධානය යොමු කරන්නෙමු.
ඉහත සඳහන් කළ MCC සමාගමේ අර්ධ වාර්ෂිකය සත්‍ය සහ නිවැරැදි බව අපි තහවුරු කරමු. තවමත් ලේකම්වරයා භාරයේ ඇති විවෘත නොකළ MCC මූල්‍ය යෝජනාව විවෘත කර බැලීමෙන් මෙහි නිවැරැදිතාව තහවුරු කරගත හැක. ලේකම්වරයා මහාමාර්ග අමාත්‍යවරයාද CANCහි සභාපතිවරයාද වෙයි.
ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුවන බලපෑම පහත පරිදිය
ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදම් ඉතිරිය
සමාජ, ආර්ථික අභිවෘද්ධිය පිණිස දැකුම්කලු හා සෞභාග්‍ය කරා ළඟා වීමට අධිවේගී මාර්ග සහ මහාමාර්ගත් වේගවත් සන්නිවේදනයක් සඳහා ඔබතුමා විශේෂ ලෙස අවධාරණය කොට තිබේ.
නමුත් මෙවැනි ව්‍යාපෘති අනාගතයේදී ඉහළ හා හිතාගැනීමට බැරි වියදමක් වුවහොත් යටිතල පහසුකම් සංවර්ධනයට කරන වැය බරෙන් සැලසෙන ප්‍රතිලාභ පිළිබඳව ජනතා ප්‍රශ්න නැඟීමට ඉඩ ඇත. එසේම එය කිසිදා සිදුනොවනු ඇත.
අතිගරු ජනාධිපතිතුමනි,
ෆෝර්චූන් 500ට අයත් සමාගම් අතුරින් එක සමාගමක් මෙන්ම දශක දෙකක් ශ්‍රී ලංකාව සමඟ වැඩ කළ සමාගමක් ලෙසත් ආණ්ඩුවේ තීරණයන්ට අභියෝග එල්ල කිරීමට හෝ ඒවා හෙළා දැකීමට හෝ අපගේ ගෞරවය හිමි වන ශ්‍රී ලාංකේය කොන්ත්‍රාත්කරුවන්ගේ මිල ගණන්වල ආරෝවන් ඇති කිරීමටවත් නොව අපේ මිල ගණන් අඩු බැවින් ඒ පිළිබඳ හැඟීමක් ඇතිව ව්‍යාපෘතිය අපට පිරිනැමිය යුතු බව කියන්නෙමු.
සමාජ මාධ්‍යයේ සංසරණය වන කැබිනට් පත්‍රිකා දෙකක් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. කැබිනට් පත්‍රිකා අංක : 04/2022,
2022.01.16 දිනැති ඇමිණුම - B
එක් කැබිනට් පත්‍රිකාවක සඳහන් වන්නේ විදේශීය එකඟතා ගිවිසුම සහ මූල්‍ය සම්පාදනය ප්‍රමාද වනු ඇත යනුවෙනි. ටෙන්ඩර් පටිපාටිය (අවසන් සහ අවලංගු) කළ යුත්තේ එල්ලෙන අධිවේගී ව්‍යාපෘතිය සහ CEP 4 ආදී දෙන ලද උදාහරණ හේතුවෙනි.
කැබිනට් පත්‍රිකා අංක: 06 /2022, 2022.01.27 දිනැති ඇමිණුම - C
මෙම කැබිනට් පත්‍රිකාවේදී ඉහත සඳහන් තීරණය නැවත හරවා ඇත්තේ CEP 3 සඳහා මුල් ටෙන්ඩර් ක්‍රියාමාර්ගය ගැනීම වෙනුවටය.
එය තවදුරටත් සඳහන් කර ඇත්තේ CEP 4 ව්‍යාපෘතිය AVIC – CHEC JVට EPC දෙන පදනමින් පහසුකම් සැලසීමට ඔවුන් පළකළ අභිරුචිය මත ලබාදෙන බවයි.
එහෙයින් විකල්පයක් වශයෙන් CEP 3 රඹුක්කන - ගලගෙදර ව්‍යාපෘතිය EPC පදනමෙන් ලබාගැනීමට MCCI සමාගමේ අප යෝග්‍ය බව දක්වමින් අපගේ කැමැත්ත පළ කරමු.
දෙවැනි කැබිනට් පත්‍රිකාවේ දක්වා ඇති පරිදි පෙර ව්‍යාපෘතිය ප්‍රධානය කර තිබූ Roughton UK Ltd සමාගම AVIC – CHEC JV සමාගම මඟින් ප්‍රතිස්ථාපන කර තිබුණේ බලරහිත යෝග්‍යතාව මත කැමැත්ත ප්‍රකාශ කිරීමකින් තොරවය. එමෙන්ම පහත කරුණු සලකමිනි.
01. මිල වෙනස ඇමෙරිකානු ඩොලර් 822 මිලියන/ ශ්‍රී ලංකා රුපියල් 164.4 බිලියන
02. වැඩවල ගුණාත්මක භාවය සහ CKE OCHහි පිහිටි MCC සමාගම මඟින් හසුරුවන බෙදාහැරීමේ න්‍යාය පත්‍ර අපගේ සේවායෝජක මාර්ග සංවර්ධන අධිකාරිය අපගේ ධාරිතාව දනියි.
03. භූ විද්‍යාත්මක අවදානම් සලකුණු සහිත විට මෝස්තර රටාවන් සහ ඉන්ජිනේරු ප්‍රවීණතාව පිළිබඳව MCCI සතු විශේෂඥතාව.
04. CEP I සඳහා MCC සමාගම සම්පූර්ණ සූදානමින් සිටින බැවින් ව්‍යාපෘතිය ප්‍රදානය කළ වහාම වැඩ ඇරැඹීමට සූදානමින් සිටීම.
ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිවල හවුල්කරුවකු වන චීනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරෙකි.
එබැවින්, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා අත ඇති මූල්‍ය ඉදිරිපත් කිරීම්හි සඳහන් වන මිල ගණන්ම භාවිත කරමින් 2022 අංක 06 දරන කැබිනට් පත්‍රිකාවෙන් CEP 4 ව්‍යාපෘතිය ප්‍රදානය කළ පූර්වාදර්ශය අනුව යමින් EPC එකක් සම්පූර්ණ කිරීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින අතර එසේ MCC යෝජනාවට පහසුකම් සැලසීම ඇමෙරිකානු ඩොලර් මිලියන 822/ ශ්‍රී ලංකා රුපියල් බිලියන 164.4ක විශාල මිල වෙනසක් ඇතිව අඩු මුදලකට ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළ පිළිගත් ෆෝර්චූන් 500 සමාගමත් නුසුදුසු කිරීමට වන්දියක් වනු ඇත.
ස්තුතියි
ඔබේ විශ්වාසී
..............................
ෂැන්ග් සියොලෙයි
Zhang Xiaolei
නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ
MCC ඉන්ටර්නැෂනල් ඉන්කෝපරේෂන්
ශ්‍රී ලංකා ශාඛාව
පිටපත්:
01. වාණිජ උපදේශක - ලී ගුන්ජුන් මහතා
චීන තානාපති කාර්යාලය - ශ්‍රී ලංකාව
02. අජිත් නිවාඩ් කබ්රාල් - මහ බැංකුව අධිපති - ශ්‍රී ලංකාව
03. ගාමිණී සෙනරත් - ජනාධිපති ලේකම්
04. එස්.ආර්. ආටිගල - ලේකම් - මුදල් අමාත්‍යාංශය
05. ආර්.ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි - මහාමාර්ග අමාත්‍යාංශය
06. රේණුකා එන්. වීරකෝන් - සාමාන්‍යාධිකාරි ආයෝජන මණ





















(මුලාශ්‍ර තොරතුරු - නෙත් FM )
සබැඳි පුවත: