leader s

'හිරු' මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිසියට නියෝගයක් නිකුත් කර තිබේ.


මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා විසින් අධිකරණයට අයදුම්පතක් යොමුකරමින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

චමුදිත සමරවික්‍රම ගේ නිවසට පසුගිය 14 දා අලුයම එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයට බී වාර්තාවක් ගොනුකර ඇති අතර එම පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව පොලිසිය විසින් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ වන විට පොලීසිය විසින් ප්‍රහාරක කණ්ඩායමක් පලා ගිය මග දෙපස කැමරා දර්ශන සියයකට වැඩි පිරිසක් පරීක්ෂණයට ලක්කර තිබෙන ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට ද බාරදී ඇත.

කෙසේවුවද මේ දක්වා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු අකාරයේ හෝඩුවාවක් සොයා ගැනීමට පොලිසිය අසමත්ව තිබේ.




සබැඳි පුවත් :
 මාධ්‍යවේදී චමුදිත ජීවිත ආරක්ෂාව පතා අධිකරණය හමුවට ! 

Leader Whats app

 

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්