ආණ්ඩුවේ වංචා දූෂණ ඉදිරියේදී සාක්ෂි සහිතව ඔප්පු කිරීමට තමා සූදානම් බව අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල පවසයි.


ඔහු එබව අවධානරණය කර සිටියේ, 'නෙත් නිවුස් රතු කට්ට' විශේෂාංගයට එක්වෙමිනි.



අවලස්සන ඇමරිකානුවෙකු තීරණය කරන ශ්‍රී ලංකාවේ ඉරණම


මේ අතර ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11ක් විසින් ඊයේ (04) පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුවේදී 'පිවිතුරු හෙළ උරුමයේ' නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුයේ, අවලස්සන ඇමරිකානුවෙකු ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටින බවයි.  

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය….



විසඳුම විෂඳුමක් වගේ දැකලා...




''ආර්ථිකය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති අයකු විසින් රටේ ආර්ථිකය මෙහෙය වීම නිසා අපේ රට දිනෙන් දින ආගාධයට ඇද වැටෙන බව අපි දිගින් දිගටම මුලින්ම ඇමති මණ්ඩලය තුළත් ඇමති මණ්ඩලය තුළ කතා කරලා පලක් නැති තැන ඇමති මණ්ඩලයෙන් පිටතත් කරුණු දක්වන්න පටන් ගත්තා. ඒ වගේම අපි ඇමැති මණ්ඩලය තුළ දිගින් දිගටම සටන් කළේ මේ අර්බුදයට විසඳුමක් පේනතෙක් මානයක නැති වුණාම ජනතාව වික්ෂිප්ත වෙනවා වහාම විසඳුමක් හදමු කියන එක.

ආණ්ඩුව ඇතුළේ ඒ විසඳුම සකස් කිරීම සිද්ධ නොවුන නිසා අපි 'මුලු රටම හරි මගට' යනුවෙන් මේ තියෙන අර්බුදයෙන් ගොඩ යන්න විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ විසඳුම විෂඳුමක් වගේ දැකලා විසඳුම ක්‍රියාත්මක කරනවා වෙනුවට විමල් වීරවංශ ඇමතිතුමාවත් මාවත් අමාත්‍ය ධුරවලින් ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කරල තියනවා.




ඒක හරියට හඳේ ආවාට පෙන්නන්න ඇඟිල්ල දිගු කළහම හඳෙ හාවා දෙස බලනවා වෙනුවට දිගු කළ ඇඟිල්ල කපා දැමුවා වගේ වැඩක් . ඒ නිසා දැන් සදාකාලික අමාවක උදා වීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම හදාගෙන තියෙනවා.



ඇත්තෙන්ම ආණ්ඩුවේ ගමන පිළිබඳ අපි පසුගිය වසර එකහමාර තුළ විවේචනයන් ඉදිරිපත් කලත් අපිට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් විදිහට යම්යම් බාධාවන් බැඳීම් තිබුණා. හරියට අපි දිව ගැටගහල ගොත ගසමින් තමයි මෙච්චර කල් කතා කළේ.

 දැන් මේ රට මෙතැනට අරන් ගියේ කොහොමද ඒකට වගකිව යුත්තෝ කවුද කියන එක ගැන අපිට නිදහසේ කියන්න පුළුවන් වගේම නුදුරු දිනක අපි වරින් වර මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳ ඒකට වගකිව යුත්තේ ආණ්ඩුවේ කවුරුන්ද කියන එක අපි ඉදිරියේදී රට හමුවේ ලිඛිත ශාක්ෂි සහිතව තබන්න සූදානම්.

WhatsApp Image 2022 03 05 at 7.39.48 AM


ඒ වගේම අපිට හිතෙනවා 1958 දී ඇමෙරිකානු නවකතාවක් ප්‍රකාශයට පත් වුණා The Ugly American අවලස්සන ඇමරිකානුවා . සිංහලටත් ඒක පරිවර්තනය වෙලා තියෙනවා අවලස්සන ඇමරිකානුවා කියලා. ඉතින් මේ අවලස්සන ඇමරිකානුවා පොත යළි ශ්‍රී ලංකාවේ ලියැවෙමින් පවතිනවා .

ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවතත් ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්න අපිට සිද්ධවෙලා තියනවා . මම මේ අලුත් ආණ්ඩුව පත් වෙච්ච දවසේ සිට ඊයේ දක්වාම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයෙක් ඒ නිසා ඒ කාලේ වෙච්ච දේවල් ලිඛිතව මට සමාජය රට හමුවේ තියන්න ශුද්ධ වූ අයිතියක් තියෙනවා.

අපි සාක්ෂි සහිතව පෙන්නනවා මේ රට මෙතෙන්ට ගෙනාවේ කොහොමද කියලා.



''මේක පැහැදිලිවම කුමන්ත්‍රණයක්''



එතකොට මේ සිතා මතා මේ කුමන්ත්‍රණය කරන්නේ මේ රට 1997 ඉන්දුනීසියාව තිබුණු තැනට අරන් යන්නයි කියන සාධාරණ සැකය අපිට තියනවා.

1997 දී සුහර්තෝ ජනාධිපතිතුමා ඉඩ දුන්නේ නෑ නැගෙනහිර තිමෝරය ට නිදහස දෙන්න. අචේ ප්‍රාන්තයට ස්වයං පාලනය දෙන්න. ආර්ථික අර්බුදය ඇති වුණු වෙලාවේ රටේ ජනතාවට කන්න නැති උනා. ඉන්ධන නැතිවෙලා මුළු රට ම නතර වුණා. ඒත් ජනතාව අසහනයට පත් වෙලා ඉන්න වෙලාවේ ජාත්‍යන්තර ප්‍රජාව ඇවිල්ල කිව්වා අපි ඔබේ රටට ගොඩයන්න අරමුදල් ලබා දෙන්නම් හැබැයි නැගෙනහිර තිමෝරය ට නිදහස දෙන්න අචේ ප්‍රාන්තයට ස්වයං පාලනය දෙන්න. මට මේ අපරාධ කරන්න බැහැ කියලා සුහර්තෝ ජනාධිපතිතුමා ඉල්ලා අස්වුණා.

ඒක කරන්න මං සූදානම් කියලා මෙගාවතී සුකර්නෝපුත්‍ර කිව්වම රට වෙනුවෙන් කතා කරපු මිනිස්සුම රටට ආදරය කරලා නැගෙනහිර තිමෝරය අපේ රටේ කොටසක් කියලා කියපු මිනිස්සුම නැගෙනහිර තිමෝරය ට නිදහස දීලා හරි අපිට කන්න දීපල්ලා කියලා පෙළපාළි ගියා. මහා දැවැන්ත ජයග්‍රහණයකින් සුකර්නෝ පුත්‍ර බලයට ඇවිල්ලා ඒ රටට කරන්න පුළුවන් විනාශය සිද්ධ කළා.





මේ අවලස්සන ඇමරිකානුවා විසින් මේ රට අද ඒ පාර අරගෙන යන්නේ කියන එක අපිට බොහොම පැහැදිලියි. ඒ නිසා අපි ඇමති මණ්ඩලයේ සිටියත් නැතත් ආණ්ඩුව තුළ සිටියත් නැතත් අපි ජනතාව සමග එකතුවෙලා මේ ගමනින් අපේ රටට අත් වෙන්න යන මේ අඳුරු ඉරණමෙන් රට බේරගන්න කළ හැකි කළ යුතු හැමදේම කරන්න සූදානම් කියන පණිවිඩය රට හමුවේ තියෙනවා.

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්