තම පක්ෂය ඉදිරියේ දී ද විමල් විරවංශ ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමග එක්ව දේශපාලනය කරන බව ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (08) ජනාධිපති ගෝඨාභය හමුවේ අවධාරණය කර තිබේ.


ශ්‍රීලනිප සභාපතිවරයා එබව සඳහන් කර ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ (08) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී ය.

මාර්තු 02 දා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙනම රැස්වීමක් පවත්වා ආණ්ඩුවට යෝජනාවලියක් ඉදිරිපත් කරන බවට සති දෙක තුනක් පුරා මාධ්‍ය වාර්තා පළවුවද ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඊට පෙර එම හවුල්කාර පක්ෂවල නායකයින් කැඳවා ඒ සම්බන්ධයෙන් කිසිඳු සාකච්ජාවක් සිදු නොකොට, රැස්වීම තිබු දිනට පසුදිනම විමල් විරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් නෙරපීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් තම පක්ෂයේ බලවත් විරෝධය පලකරන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.



ජනාධිපතිවරයා සමග පැය දෙකකට ආසන්න කාලයක් සිදුකල සාකච්ජාවෙන් පසු ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන හා ලේකම් දයාසිරි ජයසේකර වහාම ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයට ගොස් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් හමුවී ඉදිරියටත් ඔවුන් සමග එක්ව කටයුතු කරන බවට සහතික වී තිබේ.




 සර්ව පාක්ෂික සමුළුවක් !!




රට තුළ  ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව  පාක්ෂික සමුළුවක් කැදවන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පැවති සාකච්ජාවේ දී එකඟතාව පළ කර ඇත. මෛත්‍රීපාල සිරිසේන මිට ඉහතදී පාර්ලිමේන්තුව අමතමින් ද එම ඉල්ලීම කර තිබිණ.

සර්ව පාක්ෂික සමුළුවට සමගාමීව විද්වතුන්ගේ සමුළුවක් සහ ආගමික නායකයන්ගේ සමුළුවක් කැඳවීමට ද ජනාධිපතිවරයා එකඟ වී තිබේ.

එම සර්ව පාක්ෂික සමුළුව මේ මස අග දී පමණ පැවැත්වීමටත් සමුළුව සඳහා සියලුම දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා  විසින්ම ආරාධනා කීරීමටත්  තීන්දු කර ඇත.

රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කාරනා 15 කින් යුත් යෝජනාවලිය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

රට යලි ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලමක් දැමීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ද පසුගියදා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කර සිටියේය.  



සබැඳි පුවත් :
'රටට ජාතික ප්‍රතිපත්තියක් හදන්න සියලු පක්ෂ එක්විය යුතුයි' - රනිල්  

බැසිල් බාප්පා කරපු වැඩේ කැතයි! නාමල් ගේම ඉල්ලන්න යයි!! | අද ගොසිප් එක 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්