1200 x 80 DMirror

සර්ව පාක්ෂික සමුළුව උපයෝගි කර ගෙන බෙදුම්වාදී, දේශද්‍රෝහී දේශපාලනඥයන්ගේ එකමුතුවෙන් සැදුම්ලත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පිඹුරුපත් සකස් කරමින් සිටින බව දේශහිතෛෂී

ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ප්‍රකාශ කළේ ය.

එම ජාතික ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න බවත්, රිෂාද් බදියුදීන් බලශක්ති ඇමති වී මැදපෙරදිගින් ණයට ඉන්ධන ගෙනෙනු ඇති බවත් ඔහු කියා සිටියේ ය.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙම අදහස් පළ කළේ ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.

බැසිල් රාජපක්ෂගේ බෙදුම්වාදී සර්ව පාක්ෂික ආණ්ඩු උපක්‍රමය ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා බලයට රැගෙන ආ හැටනව ලක්ෂයට ද්‍රෝහිවීමක් යැයි ද හෙතෙම සඳහන් කළේ ය.  

ඉන්දියාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග සහ දෙමළ ඩයස්පෝරාව කරන බලපෑම් මත 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමේ කටයුතු ජාතික ආණ්ඩුව හරහා අනිවාර්යයෙන් සිදුවන බව ද ඔහු කී ය.

සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම සඳහා වූ යෝජනාව බැසිල් රාජපක්ෂගේ උපක්‍රමයක් බව පැවසු වසන්ත බණ්ඩාර, බැසිල් ප්‍රමුඛ ආණ්ඩුවට එල්ල වන දැඩි ජනතා අප්‍රසාදය සමනය කර ගැනීම එහි යටි අරමුණ බව අවධාරණය කළේ ය.

ආණ්ඩුව ගමන් කරමින් සිටින ගමන් මග නිවැරැදි කිරීම සඳහා පක්‍ෂ 11 සමගි සන්ධානය ඉදිරිපත් කළ ජනතාවාදී යෝජනා බාල්දු කරමින් බැසිල් රාජපක්ෂ ගසන ගැටවලට හසු නොවන ලෙස හෙතෙම මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන ගෙන් ඉල්ලා සිටියේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට බැසිල් රාජපක්ෂ මේ වනවිටත් පිඹුරුපත් සකසා අවසාන බව ද රුපියල අවප්‍රමාණය කිරීමට හදිසියේ කටයුතු කළේ එහි උපදෙස් අනුව බව ද ඔහු ප්‍රකාශ කළේ ය.


ජාතික ආණ්ඩුවක්! අගමැති රනිල් - සෞඛ්‍ය රාජිතට - තෙල් රිෂාඩ්ට!! | අද ගොසිප් එක

Leader Whats app

 

 

 

 

  

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය