leader s

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද රාත්‍රී  8:30 ට ජාතිය ඇමතීමට නියමිතය.  


රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද  (මාර්තු 16 වැනිදා) ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

මෙම ජාතිය ඇමැතීම සියලු විද්‍යුත් නාලිකා විසින් විකාශනය කිරීමටද කටයුතු යොදා ඇත.

ජනාධිපතිවරයා විසින් එසේ ජාතිය ඇමතීම පිළිබඳව SL Deshaya අන්තර්ජාල නාලිකාවේ දර්ශන හදුන්ගොඩ විසින් විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබේ.

 



ජනපති ජාතිය අමතන කතාව ලීක් වෙයි?


මේ අතර Sandeshaya by Saroj නාලිකාව මෙසේ වාර්තාකර තිබේ.

ලංකාව මහ දවාලෙත් අඳුරෙන් පිරිලා තියෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතන්න යනවලු.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන ජනතාව අතර කොයි තරම් ප්‍රසාදයට පත්වෙලාද කියනවා නම් ජනාධිපතිවරයා ජාතිය අමතන්න නියමිතයි කියන නිවේදනය පවා හාස්‍යයට ලක්වෙමින් තියෙනව.  

ධනුෂ්ක රාමනායක ඒ ගැන ෆේස්බුක් වීඩියෝවක් දාල මේ මොහොතේ ඉල්ලා අස්වෙන්න නම් එපා කියල ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තිබුන.  

ජනාධිපතිවරය ගැන, ආණ්ඩුව ගැන, ජනාධිපතිවරයා ජාතිය ඇමතීම ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ගොඩක් පෝස්ටු හුවමාරු වෙනවා.

ඒ අතරේ ජනාධිපතුමාගේ කතාව ලීක් වුනාදෝ කියල හිතෙන පෝස්ටුවකුත් ෆේස්බුක් එකේ තිබුන.

කතාව ගැන වැඩි විස්තර දැනගන්න වීඩියෝව බලන්න.

('සරෝජ් සමග සංදේශය' නාලිකාවෙන්)

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්