leader s

උතුරු පළාතේ සම්පත් විදේශ රටවලට විකිනීමට එරෙහිව ධීවර ජනතාවගේ විරෝධය රාජපක්‍ෂ ආණ්ඩුවට එල්ල වී තිබේ.


''මේ ආණ්ඩුව ජනතාව ගැන කල්පනා කරන්නේ නැතිව උතුරු පළාතේ තියෙන සම්පත් විදේශ රටවලට විකුණනවා. ජනතාවට වෙන හානිය ගැන බලන්නේ නැතුව මන්නාරමේ සහ පූනගරි වල සුළං බල විදුලි උත්පාදනය කරන්න ඉන්දියාවේ අදානි සමගම එක්ක ගිවිසුම් ගහලා තියෙන්නේ,'' යැයි එම ව්‍යාපෘතියට විරෝධය දක්වමින් පුනගරී ධීවර සමුපකාර සමිතියේ සභාපති ෆ්‍රැන්සිස් ජෝශප් පවසයි.

සුළං බලයෙන් මෙගා වොට් 500 ක විදුලි උත්පාදන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා 'අදානි ග්‍රීන් එනර්ජි සමාගම' සමඟ මුදල් අමාත්‍යංශය මාර්තු 11 වැනිදා ගිවිසුමකට එළඹ තිබේ.



ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතියට අමතරව ඉන්දීය ජාතික විදුලිබල සමගම හා ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ ගිවිසුමකට එළඹ ඇත්තේ සාම්පුර් හි සුර්ය බල ශක්තියෙන් මෙගා වොට් 50 ක විදුලි බල උත්පාදනයක් සඳහා වන  මධ්‍යස්ථානයක් වෙනුවෙනි.



''මේ වගේ විදුලි උත්පාදන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න ඕනේ ටෙන්ඩර් කැඳවලා. ඒත් අදානි සමාගම කිසිදු ටෙන්ඩරයක් නැතිව තමයි මේ ව්‍යාපෘති ලබා ගෙන තියෙන්නේ. පූනගරි හා මන්නාරමේ මුහුද අයිනේ ඉඩම් අදානිගේ සුළං මෝල් වලට දෙන්න යනවා. ඉදිරියේදී ප්‍රදේශයේ ධීවර රස්සාවටත්, සත්ව පාලන ගොවිපොළවල් වලටත් බලපෑම් ඇතිවෙන්න පුළුවන්,'' යැයි ධීවර සමිති නායක ජෝශප් අනතුරු අඟවයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනතාව ගැන නොසිතා ආණ්ඩුව ක්‍රියාත්මක කරන මෙවැනි ව්‍යාපෘති මගින් ජනතාවගේ ජීවනෝපාය සම්පුර්ණයෙන්ම විනාශ වෙන බවයි.

Capture.JPGswea

පුනගරී ධීවර සමුපකාර සමිතියේ සභාපති ෆ්‍රැන්සිස් ජෝශප්

 

දැනටමත් මන්නාරම දුපතේ නඩුකුඩා සිට තෙන්නම්පිල්ලෙයි දක්වා ඕස්ට්‍රේලියා -ලංකා පුනර්ජීවන බලශක්ති අධිකාරිය මගින් ඉදි කර ඇති සුළං බල උත්පාදක යන්ත්‍ර 36 නිසා දුපත්වාසීන්ගේ ජනජීවිතයට, පරිසරයට හා ධීවර කටයුතුවලට හානි පැමිණෙන බවට චෝදනා එල්ල වී තිබේ.



එහි දෙවැනි අදියර ලෙස මන්නාරම සන්තපුරම් සිට සුළං බල විදුලි උත්පාදනය සඳහාවූ ආණ්ඩුවේ සුදානමට එරෙහිව මන්නාරම් පුරවැසි කමිටුව  දිගින් දිගටම විරෝධය දැක්විය.

හදිසියේ පෙබරවාරි 02 වැනිදා මන්නාරමට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අදාළ නිලධාරීන්ට දන්වා තිබුනේ සුළං බල ව්‍යාපෘතිය ගැන ජනතාව දැනුවත් කර එය ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසයි.

''ඊට දින කිහිපයකට පස්සේ ජනාධිපතිගේ නියෝජිතයෙක් විදිහට අපිත් එක්ක උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා ඇවිත් කතා කරා. අපේ ඉදිරිපත් කළ ගැටළු සමාගම් එක්ක කතා කරනවා කිව්වා,''යැයි මන්නාරම් පුරවැසි කමිටුවේ සභාපති ඒ.ඥාණප්‍රකාසම් පියතුමා සඳහන් කරයි.

ඉදිරිපත් කරන ගැටළු ගැන සාකච්ජා කිරීමට සුදානම් බවට පවසමින් ඕස්ට්‍රේලියානු-ලංකා පුනර්ජීවන බලශක්ති අධිකාරිය මගින් පුරවැසි කමිටුව වෙත ලිපියක් එවා තිබේ.  

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් පවසන්නේ මන්නාරම් දුපත ආශ්‍රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ සුළං බල ශක්ති උත්පාදනය සඳහා ආණ්ඩුව සමාගම් පහක් සමඟ ගිවිස ගෙන ඇති බවයි.


සබැඳි පුවත්
අපේ වැලි හාරන්න ආ ඔස්ට්‍රේලියානු සමාගමක් අකුලාගෙන යන ලකුණු

 
 

The Leader TV අද වීඩියෝ

 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්