leader s

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ණය දෙමින් ඉන්දියාව උතුරේ සම්පත්වලට අත ගැසීමට විරෝධය මතුවෙමින් තිබෙන අවස්ථාවක ඉන්දීය රජය පළාතේ ජනතාව අතර ආහාර බෙදීමේ මෙහෙයුමක්

දියත් කර තිබේ.

උතුරේ සන්නද්ධ කැරැල්ලක් දියත් වෙමින් පැවති අසූව දශකය අග භාගයේ යුද බලය පාමින් ගුවනින් කෑම දැමූ රටාවට වෙනස්ව යමින් මෙවර උතුරේ ඉන්දීය දූත මණ්ඩලය ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැර ඇත්තේ ආණ්ඩුවේ අමාත්‍යවරයකුද හවුල් කරගෙනය.

දැනට කිලිනොච්චියේ සහ මන්නාරමේ ධීවරයන් ද ඇතුළු පවුල් සිය ගණනකට කෑම සමග තවත් බඩු බාහිරාදිය බෙදා දීමට මාර්තු 15 දා කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් පළමු ලේකම් එල්ඩෝස් මැතිව් පුන්නූස් සහ යාපනයේ කොන්සල් ජෙනරාල් රාකේෂ් නට්රාජ් සමග ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා ද එක්වී තිබේ.

ඊට දින දෙකකට ඉහතදී කෑම බෙදා ඇත්තේ යාපනයේ දීය.


kama 2022.03.18 1
උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත නීතිවිරෝධී පන්න ක්‍රම යොදාගෙන තමිල්නාඩු ධීවරයන් විසින් කොල්ල කෑම වැලැක්වීමට පියවර නොගන්නා ඉන්දීය රජය සමග උතුරු පළාතේ ධීවරයන් පසුවන්නේ නොසතුටිනි.


දැඩි ආර්ථික පීඩාවෙන් පෙලෙන උතුරේ ජනතාවට ඉන්දීය දුත මණ්ඩලය කෑම බෙදමින් සිටින්නේ ඩොලර් කෝටි ගණනක ණය ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් ලබාදිය හැකි සම්පත් සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝඩි, විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජෙයිශන්කර් සහ මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් සමග  මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිල්ලියට ගොස් සාකච්ඡා කරමින් සිටියදීය.

සාකච්ඡා වල මූලික අවධානය ආයෝජන කෙරේ යොමුවූ බව ඉන්දියාව දැඩිව අවධාරණය කර තිබේ.

"අපේ ආර්ථික හවුල ශක්තිමත් වීමත්, ඉන්දියානු ආයෝජන වර්ධනය වීමත් දැකීම සතුටට කරුණකි," යි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලාංකික මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡාවෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුණි.

විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජෙයිශන්කර් පවසා තිබුනේද "ආර්ථික හවුල සම්බන්ධයෙන් පලදායී සාකච්ඡා පැවැත්වූ" බවයි.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය "කඩිනමින් නවීකරණය" සාකච්ඡාවලට විෂය වී ඇති බව ඉන්දීය ජනමාධ්‍ය ප්‍රකාශ කර තිබුනත් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර පළ වී නැත.

Milinda 2022.03 1
මේ වන විට මන්නාරම, පුනගරි සහ සහ සාම්පූර් හි බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ආයෝජක අදානි සමාගමට ඉඩ දී තිබේ. දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව ගැන ඊයේ (17)  සාකච්ඡා පැවැත්වුණු බව ඉන්දීය විදුලි හා පුනාර්ජනනීය බලශක්ති අමාත්‍ය රාජ් කේ සිං නිවේදනය කර තිබුණි.




ඉන්දීය ආණ්ඩුවේත් පෞද්ගලික අංශයේත් ආයෝජන සඳහා උතුරේ මහජන දේපල පවරා දීමට එරෙහිව දැනටමත් ධීවර සමිති ඇතුළු බහුජන සංවිධානවල විරෝධය පල වී තිබේ.

උතුරේ දූපත් සමූහයක චීන ආයෝජකයන් විසින් මීට ඉහතදී සුළං බලාගාර ඉදිකිරීමට දරන ලද උත්සාහයක්ද විරෝධතා හමුවේ අකුලා ගන්නට සිදුවිය.
සිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලොජි සමාගම සිය ව්‍යාපෘතිය ‘ආරක්ෂක හේතු’ මත අත්හිටුවා මාලදිවයිනට ගෙනයන ලද බව චීනය විසින් නිවේදනය කර තිබුණි.

ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන් හිඟ වෙමින් පවතින ආහාර, ඉන්ධන හා ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියනයක ණයක් ඉන්දියාව විසින් ඉක්මනින්ම ලබා දෙනු ඇති බවට දිල්ලියෙන් පලකෙරෙන ජනමාධ්‍ය විශ්වාසය පල කර ඇත.



සබැඳි පුවත් :
ඉන්දීය ආයෝජන විරෝධය උතුරෙන් මතුවේ  

 

The Leader TV අද වීඩියෝ

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්