මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත්වීමට තීන්දු කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වන බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද පැවසේ.
අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට අදාල ලිපිය මේවනවිට කෙටුම්පත් කරමින් සිටින බවත් එම ලිපිය අද රාත්‍රී ජනාධිපතිවරයා වෙත යොමු කරනු ඇති බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
අගමැතිවරයා ඉල්ලා අස්වූ වහාම කැබිනට් මණ්ඩලය අහෝසිවී යනු ඇත.
අගමැතිවරයා මෙම තීන්දුව ගත් බව ආරංචි වීමත් සමග බැසිල් රාජපක්ෂ අද දහවල් ජනාධිපතිවරයාගේ මිරිහානේ පෞද්ගලික නිවසට ගොස්, අගමැතිවරයාට ඉල්ලා අස්වීමට ඉඩනොතබන ලෙසත් අනෙකුත් සියලුම රාජපක්ෂවරු ඇමතිධුර වලින් ඉවත්වීමට සුදානම් බවත් දැනුම් දී තිබෙන බව පැවසේ.
කෙසේවුවද ජනාධිපතිවරයා, අගමැති මහින්ද රාජපක්ෂගේ තීන්දුව බර ගැනීමට තීන්දු කර අති බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
''අන්තර්වාර ආණ්ඩුවකට ජනපති අගමැති එකඟ වුණා''
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැවසුයේ, සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීම සඳහා කළ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි.
රටේ වත්මන් තත්ත්වය අනුව මෙම අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා පවතින අමාත්‍ය මණ්ඩලයට කටයුතු කළ නොහැකි බව ද හිටපු ඇමතිවරයා කීවේය.
ඒ නිසා කැබිනට් මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර ආණ්ඩුවක් සඳහා සර්වපාක්ෂික හෝ බහුපාර්ශ්වික ගිවිසුමකට එළඹෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද වීරවංශ මහතා කීය
විමල් වීරවංශ මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
සබැඳි පුවත් :
The Leader TV අද වීඩියෝ
බැසිල් ගේ පුරුද්ද තියෙන්නේ වෙන වැඩකට - මනූෂ නානායක්කාර | Direct Politics
බැසිල් තමයි සර් කෑවේ! | සර්ගේ දැනගැනීම පිණිසයි!
බැසිල් තමයි සර් කෑවේ! | සර්ගේ දැනගැනීම පිණිසයි!