''ඉන්දියාව ලබා දුන්නු ඩොලර් මිලියන 500න් මිලියන 250ක් විතර දැනටත් ඉවරයි. තව අපිට තියනවා ජූලි මාසයේ ඩොලර් බිලියනයක් ආපසු ණය ගෙවන්න මැයි මාසෙන් පසුව ගෙවන්න මුදල් නෑ. '' යයි හිටපු අගමැති

රනිල් වික්‍රමසිංහ පවසයි.

''ඉන්දියාවෙන් එන එන මුදල් නැති වුණාම අපිට අමාරු වෙනවා. දැනට පවතින ඉන්දන හිගය නැති කරන්න නම් එකවර නැව් හතරක් ගන්න ඕන. ''

හිටපු අගමැතිවරයා එබව කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාව පිළිබඳව ඊයේ (08) පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයේදීය.



''ඉන්දීයාවෙන් ණයට දෙන තෙල් බාගයකටත් වඩා දැනටම අරන් ඉවරයි''




ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම සඳහා ඉන්දීය සංචිත බැංකුවේ අනුමැතිය හිමිවූ අතර ඒ අනුව එම ඩොලර් මිලියන 500 යේ වටිනාකමට ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඛනිජ තෙල් ලබාදීමට එකඟවිය.



මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ සභාපති සුමිත් විජේසිංහ පවසන්නේ, ඉන්දීය ණය ආධාර යටතේ ඉන්ධන මිලදීගැනීම සඳහා මෙරටට ලැබෙන ඇමෙරිකානු ඩොලර් කෝටි 50 න්, ඩොලර් කෝටි 29 ක් වටිනා ඉන්ධන මේ වන විටත් ලබාගෙන ඇති බවයි.

එම ණය ආධාර යටතේ වසරක කාලයක් තුළ ඉන්ධන ලබාගැනීමට හැකි බවත්, එම ආධාර යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කරගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් සභාපතිවරයා කීවේය.

ඉන්දීය ණය ආධාර ක්‍රමයට අමතරව වෙනත් සැපයුම්කරුවන් සමඟ ද ණය ගිවිසුම් අත්සන් කර තිබෙන බව කී සභාපතිවරයා මෙම ණය යෝජනා ක්‍රමය අවසන් වූ පසුව ද එම සැපයුම්කරුවන් හරහා ඉන්ධන ලබාගත හැකි බව කීවේය.

සුමිත් විජේසිංහ මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (8) පැවති මාධ්‍ය හමුවකදීය.

අප්‍රේල් මාසයේ දී මෙරට පරිභෝජනය සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 2,10,000ක් අවශ්‍ය වේ යැයි අනුමාන කර ඉන් මෙට්‍රික් ටොන් 2,65,000ක් සහ පෙට්‍රල්  මෙට්‍රික් ටොන් 1,10,000ක් අවශ්‍යයැයි සිතා 1,54,000ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

දැනට ගොඩබාමින් ඇති නෞකාවේ ඇති ඩීසල් ප්‍රමාණයට අමතරව, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය හා දීර්ඝකාලීන සැපයුම් ගිවිසුම් අනුව මෙම මස 11, 12 දිනවල ඩීසල්  මෙට්‍රික් ටොන් 30,000, 14, 15 දිනවල  මෙට්‍රික්  ටොන් 40,000 ක් 21, 22 දිනවල  මෙට්‍රික් ටොන් 37,300ක් සහ 22,23 දිනවල තව  මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට කටයුතු සලසා ඇති බවත්, සුපර් ඩීසල්  මෙට්‍රික් ටොන් 10,000ක් ද ඒ අතර වන බවත් හෙතෙම සඳහන් කලේය.

මේ හරහා ඇති ආරක්‍ෂිත ඩීසල් තොගය ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා පැවසීය.

 
 
 
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්