theleaderlk 01

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලු මුවදොර දී පැවැත්වෙන ජන අරගලයටඅදට දින 22 කි.


කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත පිරිස් ඒ අසල පිහිටි හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ගේ පිළිරුවෙහි දෙනෙත් කළු පටියකින් ආවරණය කර තිබේ.

ඒ ඉදිරිපිට ඇහැරෙන්න යනුවෙන් සඳහන් පුවරුවක් ද ප්‍රදර්ශනය කර තිබිණි.



CBK12 1



 එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ගේ පිළිරුවෙහි දෙනෙත් කළු පටියකින් ආවරණය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ අදහස් සංසරණය වෙමින් තිබේ. පහත පලවන්නේ ඉන් කිහිපයකි.  


චාමර සුමනපල ගේ ෆේස්බුක් සටහන :

 

මේ සාමාන්‍යයෙන් මා නොකරන දෙයකි. එහෙයින්ම මේ සටහන ලිවීමට තීරණය කිරීම අවාසනාවකි.
 
 

පිළිම බිම දැමීම හෝ ඒවාට හානි කිරීම සංකේතාත්මක ය. ප්‍රචාරණවාදී ය. විරෝධය දැක්වීමේ ක්‍රමයකි.
 


ගාලු මුවදොර #GotaGoHome2022 විරෝධතාව ඇරඹුණේ 2022 අප්‍රේල් 9 වනදා ය. එදා බැග්ඩෑඩ් නගරයේ සදාම් හුසේන් ප්‍රතිමාව බිම දමා හරියටම වසර 19 ක් පිරෙන තැන ය.

සදාම් ප්‍රතිමාව බිම දැමීම සංකේතාත්මක විය. එමෙන්ම ප්‍රචාරණවාදී විය. එමෙන්ම විරෝධය දැක්වීමකි.

1956 හන්ගේරියානු විප්ලවය අවස්ථාවේ බුඩාපෙස්ට් නගරයේ ප්‍රකට ජෝසෆ් ස්ටාලින් ප්‍රතිමාව බිම දැමුණි. එහි WC යනුවෙන් ලියන ලදී. එයින් අර්ථ ගන්වන ලද්දේ "වැසිකිළිය" යන්න ය.

සෝවියට් දේශය බිඳ වැටෙද්දී ලෙනින් ප්‍රතිමා ගණනාවක් ඉවත් කරන ලදී. බිම දැමුවා නම් ඒ අතලොස්සකි. වැඩි හරියක් ඉවත් කරන ලදී. විශාල ලෙනින් පිළිමයක් බිම දමන ලද අවස්ථාවක් ලෙස මගේ කෙටි වැඩිහිටි ජීවිත කාලයේ මතකයට නැගෙන්නේ 2014 දී යුක්‍රේන ජාතිකවාදීන්ගේ පෙළඹවීම මත ලෙනින් පිළිමයක් බිම දැමූ අවස්ථාව ය. අදටත් පැරණි සෝවියට් දේශයේ ඇතැම් රටවල පැරණි ලෙනින් පිළිම කාගේවත් වැඩි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව තනිපංගලමේ බලා සිටියි.



බණ්ඩාරනායක ලංකාවේ අද තිබෙන ජරාජීර්ණ ළිංමැඩි සංස්කෘතිය සඳහා වගකිවයුතු අයෙකි. එම අර්ථයෙන් ඔහුගේ පිළිමයක දෑස් බැඳ විරෝධය දැක්වීමේ සංකේතාත්මක, ප්‍රචාරණවාදී, දේශපාලනික අර්ථයක් ඇත. ඒ ඔස්සේ එහි හරි වැරැද්ද විමසීමේ සංවාදයක් නිර්මාණය වීම ද දේශපාලනික ය. ලස්සන ය. ලංකාවට අවශ්‍ය වන්නේ මෙම සංවාදය ය.



නමුත්, මෙහි වෙනත් පාර්ශවයක් තිබේ. සදාම්ගේ පිළිමය බිම දැමූයේ සතුරා වූයේ සදාම් නිසා ය. ස්ටාලින්ගේ පිළිමය බිම දැමූයේ සතුරා වූයේ ස්ටාලින් විසින් බලෙන් පටවන ලද සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන් විසින් ගෙනගිය පීඩනය වූ නිසාය. යුක්‍රේන ජාතිකවාදීන් ලෙනින් බිම දැමූයේ ඔහු රුසියානුවකු නිසා ය. රුසියානුවා සතුරකු ලෙස දුටු නිසා ය. #GotaGoHome2022 විරෝධයේ හතුරා පසෙක සිටියදී බණ්ඩා අල්ලාගැනීම කවර අරුමයක් ද?

මෙවැනි සටහනක් ලිවීම අවාසනාවක් කීවේ මේ නිසා ය. මම සාමාන්‍යයෙන් අවධානය වෙනතක යවන දේ ගැන නොලියන්නකු වීත් මෙය ලියන්න සිතුණ නිසා ය.
අවධානය තබාගතයුතු තැන තබාගන්න. ඒ මෙතැන නොවේ. මෙතැන ගැන ඇති ආරවුල් අනාගතයේදී විසඳාගන්නට හැකි ය.


279124395 10158823927707741 336199809294847349 n279574836 10158823927612741 6588922887445049039 n
චාමර සුමනපල ගේ අදහස අනුමත කරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික යෙනුක දසනායක ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''බංඩාගේ පවුල බිත්තියට හේත්තු කර, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙන් ඔවුන්ට සදහටම අතු ගා දෑමු පවුලක් අරඹයා සිදු කෙරෙන අරගලයකදි, බංඩාගේ ඇස් බැඳිම මේ විප්ලවය උදෙසා වන ප්‍රාලම්භන කාරණාවක් නොවන බැව් ලියන්නේ කණගාටුවෙනි.

මෙය මීට වඩා පැහැදිලිව චාමර සුමනපල ලියා තිබුනි. චාමර කියන්නේ මම වඩාත් ප්‍රිය කරන ලේඛකයෙක් හා දේශපාලන විශ්ලේෂකයෙක්. ඔහුවත් කියවන්න. ඔබත් එකඟ වන්නේද? නොවන්නේද යන්නත් කියන්න. මම චාමර සමඟ එකඟ වෙමි.

මිත්‍රවරුණි,

මේ මොහොතේ යුද්ධය ඇත්තේ ගෙදර ගෑණි සමඟ නම් හොර ගෑණිට සත්තම් දැමිම මේ මොහොතේ තේරුමක් නැත. ඔබ මේ වෙලාවේ ගේම ඇදිය යුත්තේ ගෙදර ගෑණිට පමණි. මේ වෙලාවේ හොර ගෑණි පස්සේ යන එකෙන් වෙන්නේ අහක බලාගෙන ඉන්න ඔබට, ගෙදර ගැණි දොර පොල්ල ගන්නවා නොපෙනිමයි. මගේ යෝජනාව මම මෙසේ ලියමි.

ඇහැරෙන්න..! කොහෙවත් යන මඟුලක් නිසා මේ වෙලාවේ නිකම් ඔළුව පලා ගන්න එපා.
- අකුණී -
 




''පිළිමවල ඉන්නේ ප්‍රතාපවත් මිනිසුන් විතරද ?''



සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සුජිත් යාපා සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
 
පිළිමවල ඉන්නේ ප්‍රතාපවත් මිනිසුන් විතරද, නැහැ කොහෙත්ම නැහැ.

සමහරවිට වීරයන් අහිමි හිස් බොල් කෛයිරාටික මිනිසුන් වීරයන් වූ බිමකට එහෙම වෙන්න පුළුවන්.

එංගලන්තයේ බ්‍රිස්ටල් වල තිබුනා පිළිමයක් 1896 ඉදන්ම ඒ එවකට ඉතාම ධනවත් බලවත් එඩ්වට් කොන්ස්ටන් කියන වහල් වෙළෙන්දා ගේ.පසුගිය අවුරුද්දක මිනිස්සු එකතුව මේ පිළිමය ගලවලා අසල ගලාබසින ගඟකට විසික්කෙරුව.

මේක පොදු දේපළක් අනික පෞරාණිකත්වය නිසාම සංචාරයක ආකර්ෂණය තිබුන එකක්.ඒ නිසාම අදාල අංශ විසින් ඊට එරෙහිව නඩු පවරනු ලැබුව.

අවසානයේ ජූලිය තීරණය කලේ චූදිතයන් වැරැදි නැත ඒ නිසාම ඔවුන්ව නිදොස් කොට නිදහස් කලා.

"ජූරියේ තීරණය උනේ ඇත්තටම අප අද ජාතියක් විදියට ලැජ්ජ වෙන්න ඕන මේ පිළිමය කඩල දැමීම ගැන නොවේ. ශතවර්ෂයකට වැඩි කාලයක් මේ අධම වහල් පාලකයෙකු ගේ පිළිමයක් මෙතුවක් කාලෙකට එම ස්ථානයේ නිරුපද්‍රිතව තිබීම ගැන ඊට එරෙහිව අප ක්‍රියාත්මකනොවීමගැන"

ආදරණීය මගේ රටට විශ්ව දැනුම ලබාගැනීමට තිබුන අනගි අවස්ථාව අහිම කර  අපව ලිං මැඩියන් කල සහ අපේම සහෝදර දමිළ ජනතාව ගේ අයිතිය සහ අභිමානය අහිම කල තිස් වසරක තවමත් අවසන් නොවූ විනාශකාරී යුද්ධයක මූල බීජයක් රෝපණය වීමට සරුසාර පසක් සැකසූ මේ හිස් බොල් මිනිසාට......

279225899 5202082313185559 4671212246111547149 n

>

 


Leader Whats app

 

 

නවතම පුවත්