පොලිස් ස්ථානාධිපතිවරුන් (OIC) විධිමත් පරිදි අලුතින් පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව සැම පොලිස් ස්ථානයක් සඳහාම අලුතින් අයදුම්පත් කැඳවන ලෙසත්, එහිදී වඩාත් සුදුසු නිලධාරීන් පත්කිරීමට අවශ්‍ය ක්‍රියාපටිපාටිය ප්‍රසිද්ධියට පත්කරන ලෙසත් අමාත්‍යවරයා, පොලිස්පතිට වැඩිදුරටත් උපදෙස් දී ඇතැයි පැවසේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම්කර ඇති ටිරාන් අලස් අමාත්‍යවරයා, නිශ්චිත ක්‍රමවේදයක් යටතේ විනිවිද භාවයෙන් යුතුව අලුත් ස්ථානාධිපතිවරුන් පත්කිරීමට තීන්දු කර ඇත්තේ එම ප්‍රතිසංවිධාන වැඩසටහනේ පළමු පියවරක් ලෙසය.

2021 වර්ෂයේදී පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කරනු ලැබුවේ අදාල පොලිස් බලප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ රෙකමදාරුව පමණක් සලකා බලමිනි. 2021 වසරේ ජනවාරි මස 01 වනදා සිට නොවැම්බර් 03 වනදා දක්වා වූ කාලයට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස තේරීපත්වූ 126 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයක් සඳහා හෝ සහභාගී නොවූ නිලධාරීන් බව මේවනවිට අනාවරණ වී ඇත.

 

එම කාරණය අනාවරණය වී ඇත්තේ, පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කේ ජගත් අල්විස් වෙත යොමුකළ ලිපියකිනි.

2021 වසරේ ජනවාරි මස 01 වනදා සිට නොවැම්බර් 03 වනදා දක්වා වූ කාලය තුළ පත්කර ඇති පොලිස් ස්ථානාධිපති තනතුරු සංඛ්‍යාව 184 කි.

මීට අමතරව සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී පොලිස් ස්ථානාධිපති ධූරයක් සඳහා නිර්දේශ නොවූ නිලධාරීන් අතරින් 03 දෙනෙකු ද ස්ථානාධිපතිවරුන් ලෙස පත්ව ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

ධිපතිධූරයට පත්ව ඇති බවත් පොලිස්පතිවරයා, මහජකිසිඳු පොලිස් ස්ථානයක ස්ථානාධිපතිධූරයක් නොදැරූ නිලධාරීන් 13 දෙනෙකු, ඒ 1 හෝ ඒ 2 පොලිස් ස්ථානයක ස්ථානාධිපතිධූරයට පත්ව ඇති බවත්, එවැනි තවත් නිලධාරින් 21 දෙනෙකු එකවර ඒ 3 පොලිස් ස්ථානයක ස්ථානාන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.

 

බී හෝ සී ශ්‍රේණියේ පොලිස් ස්ථානයක ධූරයක් දැරූ නිලධාරීන් 19 දෙනෙකු නියමිත පටිපාටියෙන් තොරව එකවර ඒ 2 සහ ඒ 1 ශ්‍රේණියේ ස්ථානාධිපතිවරයෙකු ලෙස ද පත්ව ඇත.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කේ ජගත් අල්විස් වෙත 2021 වර්ෂයේ දෙසැම්බර් මස 06 වන දිනැතිව මෙම ලිපිය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලනය පවත්වාගෙන යාම සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමිනි. ඒ, රහසිගත ලිපියක් ලෙසයි.

නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා මෙන්ම පොලිස් ස්ථානය තුළ විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වැදගත්ම තනතුර වන්නේ පොලිස් ස්ථානාධිපති තනතුර බව එහි දැක්වේ.

 එමෙන්ම එම තනතුරට අනන්‍ය වූ වගකීම් රැසක් ඇති බව ද පොලිස්පතිවරයා අදාළ ලිපියේ දක්වා තිබේ.

එමෙන්ම පොලිස් බලකායක සාර්ථකත්වය සඳහා, ඵලදායී බව හා වගවීම යනුවෙන් කරුණු 02 ක් බලපාන බවත් පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් ය.

 පොලිස් ස්ථානාධිපති ධූරයෙන් අපේක්ෂිත කාර්ය්‍යභාරයත්, ධූරය දරන්නාගේ ධාරිතාවය අනුව ඉටු කරන කාර්ය්‍යභාරයත් අතර පරතරය අවම කිරීම සඳහා එම ධූරවලට සුදුසුකම් සහිත නිලධාරීන් පත් කිරීම අනිවාර්ය්‍ය බව එම ලිපිය මගින් පෙන්වාදී ඇත.


ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී පොලිස් සේවයක සාර්ථකත්වය සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සාධකය වනුයේ පොලිස් ස්ථානාධිපතිධූරයයි. එබැවින් යහපත් හා සාර්ථක පොලිස් සේවයක් සඳහා පරිනත ස්ථානාධිපතිවරුන් ඔවුන්ගේ දක්ෂතාවය හා හැකියාව අනුව නිසිපරිදි තෝරා ස්ථානගත කිරීම අවශ්‍ය වේ.

 

''ස්ථානාධිපතිවරයෙකු පරිනතභාවය ලබාගන්නේ විවිධ අංශ, විවිධ ශ්‍රේණිවල සේවය කර ලබා ගන්නා අත්දැකීම් මගින්. එවැනි අත්දැකීම් නොමැති නිලධාරින් ඉහළ ශ්‍රේණියක පොලිස් ස්ථානයක ස්ථානාධිපති තනතුරට ඍජුව පත් කළහොත් පරිනතභාවය නොමැතිවීම හේතුවෙන් පරිපාලනය දුර්වලවී නිලධාරීන් දූෂිත ක්‍රියාවලට යොමුවනවා ..'' යයි  පොලිස්පතිවරයා යොමු කළ ලිපියේ සඳහන් වේ.

මේ අතර 2021 වසර තුලදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධීන් 283 ක් සහ පොලිස් නිලධාරීන් විවිධ විෂමාචාරවලට සම්බන්ධ වීමේ සිද්ධි 359 ක්ද තමන්ට වාර්තා වී ඇති බව පොලිස්පතිවරයා යොමුකළ ලිපියේ දැක්වේ.

අදාළ කාලය තුලදි පොලිස් නිලධාරීන් 21 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව ඇති බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් 156 ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන බවට තවත් නිලධාරීන් 130 දෙනෙකු පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී ඇති බවත් පොලිස්පතිවරයා පවසයි.

එම නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධ අංශ අනාවරණ කර ගන්නා තුරු එම තොරතුරු අනාවරණ කර ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරුන් අසමත්ව ඇති බව ද පොලිස්පතිවරයා යොමු කළ ලිපියේ සඳහන් වේ.



පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකළ ලිපිය මෙන්න

CDC latter 2022.05.19


සබැඳි පුවත් :

සම්මුඛ පරීක්‍ෂණ නොගිය 126 කට පොලිස් OIC තනතුරු දීලා !

පොලිස්පතිගේ කතාවෙන් මැති ඇමතිවරුන්ගේ කටවල් වැසේ !
 

 


 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්