leader s

පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලෙස පත්වීමට කැමැත්තක් දක්වන නිලධාරීන් සඳහා අයැදුම්පත් කැඳවීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇති අතර ඒ බවට සඳහන් නියෝගය දිවයිනේ සියලු ම පොලිස්

ස්ථාන වෙත මේ වන විටත් යොමුකර තිබේ.

ඒ අනුව තනතුරු සඳහා අයැදුම් කිරීමට කැමැත්තක් දක්වන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට සහ පොලිස් පරීක්ෂකවරුන්ට ඒ සඳහා අයැදුම්පත් එවන ලෙස ද පොලිස්පතිවරයා දන්වා තිබේ.

ඒ අතර, පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ ද දන්වා තිබේ.

මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ පොලිස් ස්ථානාධිපති තනතුරක් ලබා ගැනීමට මීට පෙර සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට මෙතෙක් මූලස්ථාන පොලිස් පරීක්ෂක (HQI) හෝ පොලිස් ස්ථානාධිපති (O.I.C.) තනතුරක් නොලද නිලධාරීන්ට ද මේ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි ය.

එසේ ම සම්මුඛ පරීක්ෂණයකට පෙනී නොසිට මේ වන විට මූලස්ථාන පොලිස් පරීක්ෂක හෝ පොලිස් ස්ථානාධිපති තනතුරක් හොබවන නිලධාරීන් ද මේ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවයිනේ සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබේ.

මේ අතර, දැනට විදේශ නිවාඩු හෝ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල යෙදී සිටින නිලධාරීන් ඇතුළු වෙනත් රාජකාරි සඳහා කොට්ඨාසවලින් බැහැරව සිටින නිලධාරීන්ට ද මේ බව නොපමාව දැනුම් දෙන ලෙස ද පොලිස්පතිවරයා අදාළ කොට්ඨාස භාර ඉහළ නිලධාරීන්ට නියෝග කර තිබේ.


අයැදුම්පත්‍රය පොලිස් විද්‍යුත් තැපෑල (VPN) මගින්



නව පොලිස් ස්ථානාධිපති තනතුර සඳහා අවශ්‍ය කරන අයැදුම්පත්‍රය පොලිස් විද්‍යුත් තැපෑල (VPN) මගින් දිවයින පුරා පිහිටි සියලු ම පොලිස් ස්ථාන වෙත මේ වන විටත් යොමුකර තිබේ.

පුරප්පාඩු වන මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ පොලිස් ස්ථානාධිපති තනතුරුවලට පත්කිරීම සඳහා නිලධාරීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය අනුමැතිය ලබා දී ඇතැයි ද පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරුන් විධිමත් පරිදි අලුතින් පත් කිරීමට කටයුතු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඉකුත් දා පොලිස්පත් සී.ඩී. වික්‍රමරත්න ට උපදෙස් දී තිබිණි.

සෑම පොලිස් ස්ථානයක් සඳහා ම අලුතින් අයැදුම්පත් කැඳවන ලෙසත් එහිදී වඩාත් සුදුසු නිලධාරීන් ස්ථානාධිපති තනතුරු සඳහා පත් කිරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී පොලිස්පතිවරයා වෙත වැඩිදුරට ත් උපදෙස් ලබා දී තිබේ.

නිශ්චිත ක්‍රමවේදයක් යටතේ විනිවිදභාවයයෙන් යුතුව අලුත් ස්ථානාධිපතිවරුන් පත් කිරීමට තීරණය කර ඇති අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් දෙපාර්තමේන්තුව මුළුමනින් ම ප්‍රතිසංවිධානය කිරීමට ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඉදිරියේදී කටයුතු කරන බව ද වාර්තා වේ.

2021 වර්ෂයේදී පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කරනු ලැබුවේ අදාල පොලිස් බලප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ රෙකමදාරුව පමණක් සලකා බලමිනි. 2021 වසරේ ජනවාරි මස 01 වනදා සිට නොවැම්බර් 03 වනදා දක්වා වූ කාලයට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස තේරීපත්වූ 126 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයක් සඳහා හෝ සහභාගී නොවූ නිලධාරීන් බව මේවනවිට අනාවරණ වී ඇත.


(මුලාශ්‍රය -mawbima.lk)

සබැඳි පුවත්
පොලිස් ස්ථානාධිපතිවරුන් අලුතින් පත්කිරීමට යයි

Leader Whats app

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්