ශ්‍රි ලංකා යුද හමුදාවේ 23 වැනි යුද හමුදාපතිවරයා හා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි
වශයෙන් කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයෙන් නික්ම යාමේ උත්සවය අද පෙරවරුවේ බත්තරමුල්ල යුද හමුදා මුලස්ථානයේ දී සිදුවිය.
නික්ම යාම සදහා යුද හමුදා මුලස්ථානයට පැමිණි යුද හමුදාපතිවරයා එහි දී උණුසුම්ව පිළිගත් අතර, යුද හමුදාපතිවරයා වෙනුවෙන් සම්මාන පෙළපාලියක් ද පැවැත්වීය.
යුද හමුදාපති ධුරය වැඩකටයුතු සාර්ථකව වෙනුවෙන් සියලු නිළයන් දෙනා ලබා දුන් සහය ස්තූතිය පුදකරමින් හමුදාපතිවරයා එහිදී සියලු දෙනා අමතමින් කතාවත් පැවැත්වීය.
ශවේන්ද්‍ර සිල්වා ගෙන් හිස් වු යුද හමුදාපති ධුරයට පත් කර ඇති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ද මෙම උත්සහය සඳහා එක්ව සිටියේය.
යුද හමුදාවේ 23 වැනි හමුදාපති ධූරයෙන් නික්ම යන ශවේන්ද්‍ර සිල්වා, නව යුද හමුදාපතිවරයාට සුබ පැතුම් එක්කරමින් ඔහුට නව යුද හමුදාපතිධූරය බාරදීම සංඛේතවත් වන ගෞරවනීය යෂ්ඨිය බාර දෙනු ලැබිය.
අනතුරුව ශවේන්ද්‍ර සිල්වා සියලු දෙනාගේ ආචාර මැද යුද හමුදා මුලස්ථානයෙන් නික්ම ගියේය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට...
අද (31) දින යුද හමුදාපති ධුරයෙන් ඉවත්ව යන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපතිවරයා විසින් හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කර ඇත.
ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත භාරදෙනු ලැබු බව වාර්තාවේ.
http://theleader.lk/news/11872-2022-05-31-16-01-19#sigProId6d5c64f33a
සබැඳි පුවත්
'ජනතාව වෙනුවෙන් මම සූදානම්' -ජෙනරාල් ශවේන්ද්‍ර
ශවේන්ද්‍ර පසුපස හඹායාමේ මෙහෙයුමක් !
ශවේන්ද්‍ර සිල්වා යුද හමුදා මුල්පුටුවෙන් සමුගනී
මහින්දගෙන් බලපෑම් ! - යුධ හමුදාපති ඉල්ලා අස්වීමට යයි !!