වරලත් ගණකාධිකාරිවරයකු වන G.V.P. ගනක අමරසිංහ [ FCA, FCMA, B.Sc.(Bus.Adm.)(Sp)] ස්වාධීන රූපවාහිනියේ සභාපති ධුරයට පත්කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග

පවසයි.

'කින්ඩම් ඔෆ් රයිගම් සමාගම' හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු වන (Senior Director, Raigam Group of Companies) ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස සැලකේ.

සියලුම රාජ්‍ය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැයි 27දා කළ දැනුම්දීමට අනුව, ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න සිය ධූරයෙන් එදිනම ඉල්ලා අස්විය.



රාජ්‍ය මාධ්‍ය ආයතන බදුමුදලින් නොයැපෙන තත්වයට පත් කළ හැකි කණ්ඩායමක් ඉදිරියේදී ඒවායේ ප්‍රධානීන් ලෙස පත්කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.


ලේක්හවුස් ආයතනය, ගුවන් විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ල මහජන බදු මුදලින් නඩත්තු කිරීමට සිදුව ඇතැයි කී ඇමතිවරයා ඒවා බදුමුදලින් නොයැපෙන තත්වයට වෙනස් කිරීමට තමාට අවශ්‍ය බව ද සඳහන් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ  (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව කී ඇමතිවරයා ඒවා වෙත දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇතිකරගැනීමට හැකි පරිදි පුද්ගලික මිතුරුකම්වලින් තොරව සුදුස්සන් පත්කරන බව ද ප්‍රකාශ කළේය.

එහිදී ඇතැම් ආයතනයන්ට අලුත් අය පත්වීමට මෙන්ම සිටි අයම පත්වීමට ද ඉඩ ඇතැයි කී ඇමතිවරයා මාස තුනක් ඇතුළත එම අංශයේ සාධනීය වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.



කෙසේවුවද සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ශ්‍රී ලංකා රුපවාහිනියේ සභාපති, සොනාල ගුණවර්ධන පසුගියදා ජනාධිපතිවරයා හමුවී, තමාව සභාපති ධුරයෙන් ඉවත් නොකරන්නැයි බන්ධුල ගුණවර්ධනට දැනුම්දෙන්නැයි ඉල්ලීමක් කර තිබු බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.


සබැඳි පුවත් :
රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට දැනුම්දීමක් ! : නිරෝෂන් ඉවත්වේ-සොනාල බැ කියයි !

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්