leader s

කෘෂි රසායන සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණයෙන් 2% ක් වත් නිදහස් නොකර සාගතයක් වලක්වා ගත නොහැකි බව රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.


දකුණ හා මාධ්‍ය පලාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් එබව සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමිනි. එහි පිටපත්  අගමැතිවරයා සහ කෘෂිකර්ම ලේකම්, මහ බැංකු අධිපති වෙත යොමු කර ඇත.  

සාගතයක් වැලැක්වීමට වානිජ්‍ය කෘෂිකර්මයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය සැපයීම අත්‍යවශ්‍ය බව කීර්ති තෙන්නකෝන් සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

මෙයට මාස 7 කට පෙර, 2021 නොවැම්බර් මස කෘෂි රසායන ද්‍රව්‍ය ආයනය තහනම ඉවත් කරනු ලැබූ නමුත්, අද දක්වා වගාව රැක ගැනීමට අවශ්‍ය කෘෂි රසායන මෙරටට ලැබී නැත්තේ කෘෂිකර්ම බලධාරීන් මහ බැංකුවෙන් අදාල මුදල් ලබා ගැනීමට ක්‍රියා නොකිරීම නිසා බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

හදිසි අවශ්‍යතාව මත කෘෂි රසායන ගෙන්වීම සඳහා විදේශ මුදල් නිදහස් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති සහ අගමැතිවරයාගෙන් ඉල්ලමින් ඔහු මේ බව දක්වා ඇත.

එම ලිපිවල තවදුරටත් දැක්වෙන්නේ,  වී, බඩ ඉරිඟු, අර්තාපල්, එළවළු, පළතුරු, තේ ඇතුළු කිසිදු වගාවට දිලීර රෝග සහ කෘමි නාශක වලින් තොරව නිසි අස්වැන්නක් නොලැබෙන බවයි. වී, තේ සහ අනෙකුත් වගාවන්ගේ අස්වැන්න වල් නාශක නොමැති කම නිසා පහත වැටෙන බවත්, වී ඇස්වැන්න බොල් වී සහ පිදුරු බවට පත්ව ඇත්තේ වල් නාශක නොමැතිකම නිසා බව ඔහු පෙන්වාදෙයි.


මෙම වැසි සමයේ දිලීර නාශක නොමැතිව කිසිදු එළවළු හෝ පළතුරු වගාවක් ආරක්ෂා කර ගත නොහැකිය. දළු, මල්, ගෙඩි, මුල් සහ ගස් විනාශයට පත් වේ.
පොහොර නොමැතිකම හේතුවෙන් සිදුවන අස්වනු හානියට සමාන හෝ එයටත් වැඩි හානියක් කෘෂි රසායන නොමැතිවීම නිසා සිදුවේ.


1. කෘෂි රසායන ආනයනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු ආයතනයක් විදේශ මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් පසුගිය මාස 6 තුල ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විධිමත් ඉල්ලීමක් කර නැත.

2. මෙරට කිසිදු කාෂි රාසායන අලෙවි සමාගමකට අවශ්‍ය ඩොලර් සැපයීමට ඔවුන්ගේ බැංකුකරුවන් ද තහනමෙන් පසුව සමත්වී නැත.

3. වත්මන් ආණ්ඩුව විසින් පත් කළ කෘෂිකර්ම කමිටු සහ වෙනත් කිසිදු කමිටුවකින් කෘෂි රසායන මිලදී ගැනීමට ඩොලර් ලබාගැනීමේ යාන්ත්‍රණයක් ද මේ දක්වා ගොඩ නගා නැත. අවම වශයෙන් මේ පිළිබඳ සාකච්ඡා වී හෝ නැත.

4. නව මුදල් අමාත්‍යවරයා ද, ලේකම්වරයා ද කෘෂි රාසායන සඳහා ඩොලර් ඉල්ලීමක් මේ දක්වා සිදු කර නැත.


කෘෂි රසායන ආනයනය සඳහා වසරකට අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 80 ක් පමණක් බවත්, එය මසකට ඩොලර් මිලියන 7 කි.  පොහොර සඳහා අවශ්‍ය මිලියන 600 ක මුදල හා සැසදීමේ දී එය ඉතා කුඩාය.  නමුත්, විනාශය අති විශාල ය.

කෘෂි රසායන ආනයනයෙන් තොරව වානිජ්‍ය කෘෂි වගාව සිදු කළ නොහැකි ය.  වානිජ්‍ය වගාවක් නැතිව සාගතයක් වැලැක්විය නොහැකිය.  කෘෂි රසායන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණයෙන් කොටසක් හෝ වහා නිදහස් කිරීමට රජයේ අවධානය දැන්වත් යොමු විය යුතුව ඇත.'' කීර්ති තෙන්නකෝන් ගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

 

Leader Whats app

19

  9

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්