70 දශකය තුලදීත් අපේ රට ආහාර අර්බූදයකට මුහුණ පෑවා.


ඒ කාලේ ආනයන සීමා කිරීමේ රජයේ ප්‍රතිපත්තිය තුල ජනතාවට වවාගෙන කෑමට පොළඹවනු ලැබුවා.

අල්ලට සීනි කඳුලක් ගෙන හෝ ගෝනි නූල් ඉවත් කරගත් රට ඉඳි මදුළක් සමග කහට බිව්ව යුගයක් එය.

නමුත් ජනතාව වගා කළා.

මඤ්ඤොක්කා දන්ඩේ සිට රතු ලූණු ගෙඩිය දක්වා වැව්වා.

වවන්න ප්‍රොපගැන්ඩා කරන අදවගේ යුගයක, ජිප්සීස්ලා එදා ඒ වගා සංග්‍රාමයට ගීතයකින් හයියක් දුන්නේ මෙලෙසයි.



අර්බුදය උග්‍ර වුණොත් වේල් දෙකකින් බඩවියත රැකගන්න වෙයි


යුක්රේන රුසියා යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි අතර, ලාංකිකයන් බොහෝ දෙනකුට දිනකට ආහාර වේල් දෙකකින් පිරිමසා ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (03) පැවසීය.

ආර්ථික අර්බුදයේ බලපෑම තවම පටන් ගත්තා පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා, යුක්රේන රුසියා යුද්ධයේ සම්පූර්ණ බලපෑම ශ්‍රී ලංකාව තවමත් අත්විඳ නැතැයිද මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ගෝලීය ආහාර හිඟයක් ඇති වන අතර ශ්‍රී ලංකාවට එහි බලපෑම 2024 දක්වා පවතිනු ඇතැයි කීය.

මෙම ගෝලීය ආහාර අර්බුදය ට අමතරව  ශ්‍රී ලංකාව මේ වසරේ යල සහ මහ දෙකන්නයේ ආහාර බෝග වගා කිරීමට අපොහොසත් වී ඇතැයි ද එම නිසා ඉතා ඉක්මනින්ම  ලංකාවේ මිනිසුන්ට දිනකට වේල් දෙකක් පමණක් අනුභව කරන්නට සිදුවනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

රකිමු ජයතු ලංකා සංවිධානයේ "ද්විත්ව අර්බුදය "නැමැති සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය. කොළඹ පදනම් ආයතනයේ දී මෙම සමුළුව පැවැත්විණි.



ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ..



මේ අතර එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ(FAO) මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නියෝජ්‍ය නියෝජිත මාලින් හර්විග් සමඟ ඊයේ (03) පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, ආහාර හිඟයක් ඇතිවීමේ තර්ජනය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බවයි.

එම වැඩසටහන ලබන මාසයේ එළිදැක්වීමට නියමිත අතර ඒ සඳහා UNDP සහාය ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර සිටියේය.

 කෘෂිකාර්මික ක්ෂේත්‍රය දැනට මුහුණ දී සිටින ප්‍රධානතම ප්‍රශ්නය පොහොර සහ ඉන්ධන හිඟය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කළේය.

ඉදිරියේදී විය හැකි ආහාර හිඟයක් මඟහරවා ගැනීම සඳහා තමන් විසින් ආරම්භ කරන ලද නාගරික කෘෂිකර්ම වැඩසටහන පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී විස්තර කළේය.

මේ අතර පොහොර හිඟය මගහරවා ගැනීමට ගොවි ප්‍රජාවට උපකාර වන නව්‍ය ගොවි ආධාර වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව UNDP මෙහිදී පැහැදිලි කර සිටියේය.

 නාගරික කෘෂිකාර්මික වැඩසටහන ආධාර කිරීමට පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වී ඇති බවත්, සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමකදී වැඩි මූල්‍ය ආධාර ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි ආහාර අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සැලැස්මක් කෙටුම්පත් කරමින් සිටින බව විම්ලේන්ද්‍ර ශරන් පැවසිය.

ගොවීන් මුහුණ දී සිටින පොහොර ඉන්ධන ඇතුළු මුලික අවස්ථාවවල  හිඟය පියවීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතහොත් දැනට පවතින අහාර හිඟය මාස 5-6ක් ඇතුළත පාලනය කල හැකි බව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය. 

RW 2022.06.04 copy1
 
{gallery}radicalcenter2022531{/gallery}

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්