මේ බදු පැනවීම නිසා වාහනවල මිල ඉහළ නොයන බවට මුදල් නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවද දැන්වත් මේ විහිළු සහගත කතා රටට ඉදිරිපත් නොකර ජනතාවගේ පැත්තෙන් ආර්ථිකය විධිමත් ලෙස කළමනාකරණය කරන්නට කටයුතු කළ යුතු බවත් එය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ සහ රජයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ වගකීම බවත් විපක්ෂ නායකවරයා කියා සිටියි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ මේ බව කියා සිටියේ තිස්සමහාරාම වීරවිල පන්නෙගමුවේ දියබැදි විහාරයේ දී අංජලීපව්ව රජාමහා විහාරය, පන්නගමුව දියබැදි විහාරය, අකුරුගොඩ ශ්‍රී මංගලාරාම යන විහාරයන්හි විහාරාධිපති ලෙස කටයුතු කරන සිරි සුනන්ද වංශාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මාගම මහානාම ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
නලින් හේවගේ එදා කියපු කතාව !
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉහත ප්‍රකාශය කරනු ලැබුවේ, රජය විසින් අලුතින්ම පැනවූ වාහන බදු සංශෝධන සහ ඊට පෙර මැතිවරණ සමයේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් දැක්වූ අදහස් පදනම් කරගනිමිනි.
2024 අගභාගයේ මැතිවරණ සමයේදී වත්මන් ජාතික ජන බලවේග (NPP) රජයේ නියෝජිතයෙකු වූ නලින් හේවගේ (වත්මන් නියෝජ්‍ය අමාත්‍ය) ප්‍රකාශ කර තිබුණේ, බදු සහ වංචනික ක්‍රියාවලින් තොරව ජපානයෙන් විට්ස් (Vitz) මෝටර් රථයක් රුපියල් ලක්ෂ 12ක් වැනි මුදලකට ලංකාවට ආනයනය කළ හැකි බවයි.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පසුව දේශපාලන කරළියේ දැඩි කතාබහක් නිර්මාණය වූ අතර, නලින් හේවගේ පසුගියදා ප්‍රකාශ කළේ තමන් ලක්ෂ 12කට විට්ස් කාර් ලබාදෙන බවට පොරොන්දු නොවූ බවත්, එහි මුල් වටිනාකම සහ බදු පිළිබඳව පමණක් විග්‍රහ කළ බවත්ය.
සජිත් ප්‍රේමදාස සිය විවේචනයෙදී මෙම පැරණි ප්‍රකාශය නැවත සිහිපත් කළේය.
නව බදු පැනවීමට අදාළව දැනට වාර්තා වී ඇති ප්‍රධාන තොරතුරු මෙසේය.
සියයට 50ක අතිරේක රේගු බද්ද (50% Surcharge) පැනවීම:
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අත්සනින් යුතුව නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක් මඟින්, 2026 මැයි 15 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වාහන ආනයන රේගු බද්ද මත 50%ක අතිරේක බද්දක් (Surcharge) පනවා ඇත.
කාලසීමාව:
මෙම බද්ද මාස 03ක තාවකාලික කාලසීමාවක් සඳහා බලපැවැත්වේ.
නිදහස් කිරීම්:
මැයි 15 වැනිදා හෝ ඊට පෙර ණයවර ලිපි (LC) විවෘත කර ඇති වාහන සඳහා මෙම බද්ද අදාළ නොවේ.
රජයේ ස්ථාවරය:
මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රකාශ කර ඇත්තේ, මෙම බද්ද පැනවූයේ වාහන මිල 50%කින් ඉහළ දැමීමට නොව, ඩොලර් පිටතට ගලායාම පාලනය කිරීම සඳහා ඉදිරි මාස 3ක කාලය තුළ පුද්ගලික වාහන ආනයනය ප්‍රමාද කරන ලෙස ජනතාවට පණිවිඩයක් දීමට බවයි. දැනට පවතින 30%ක තීරු බද්ද මත 50%ක අතිරේක බද්දක් එකතු වීමෙන් සමස්ත වාහන මිල ඉහළ යන්නේ 15%කින් පමණක් බව ඔහු පවසයි.
විපක්ෂයේ සහ ආනයනකරුවන්ගේ ස්ථාවරය:
විපක්ෂ නායකවරයා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ගේ ප්‍රකාශය "විහිළු සහගත කතාවක්" ලෙස හඳුන්වද්දී, එවාහන ආනයනකරුවන්ගේ සංගම් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ වාහන මිල (රුපියල අවප්‍රමාණ වීමත් සමඟ) කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවයි (උදාහරණයක් ලෙස කුඩා මෝටර් රථ සහ වෑන් රථ මිල රුපියල් ලක්ෂ 10කින් පමණ ඉහළ යා හැකි බව ඔවුන් පවසයි).
''දිනෙන් දින රුපියලේ අගය පිරිහෙමින් පවතිනවා''
වාර්තගත ලෙස රුපියල අවප්‍රමණය වෙමින් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශීඝ්‍රගාමී ලෙස පහත වැටෙමින් පවතින බවත් මේ රුපියල අවප්‍රමාණය වීම තුළ අනිවාර්යෙන්ම උද්ධමනය වැඩි වි, බඩු මිල වැඩි වී වියදම් හා පිරිවැය වැඩි වී සමස්ත ජන ජීවිතය කඩා වැටෙමින් තිබෙන බවත් මේ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනිමට නම් අපනයන ආදායම වර්ධනය කර ගැනීමටත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත් රටට ලැබෙන විදේශ ප්‍රේෂණ වර්ධනය කර ගන්නවා සේම සෘජු විදේශ ආයෝජන වර්ධනය කර ගත යුතු බවත් මේ දේවල් නොකර ආර්ථිකය හරියාකාරව සකස් කර ගත නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන්නේ රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සහ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග හතරක් අනිවාර්යයෙන්ම වර්ධනය කරගත යුතු බවයි.
ඔහුගේ ප්‍රකාශයේ අඩංගු ප්‍රධාන කරුණු සහ යෝජනා මෙසේය:
ආර්ථිකයට සිදුවන බලපෑම
බඩු මිල ඉහළ යාම:
රුපියල බාල්දු වීම නිසා උද්ධමනය පාලනයෙන් තොර වේ.
ජීවන වියදම වැඩිවීම:
පිරිවැය ඉහළ යාම නිසා සමස්ත ජන ජීවිතය බිඳ වැටේ.
ඉදිරිපත් කරන විසඳුම්
අපනයන ආදායම:
රටින් පිටරටට යවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය සහ ඉන් ලැබෙන ආදායම ඉහළ නැංවීම.
සංචාරක කර්මාන්තය:
මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගැනීම වේගවත් කිරීම.
විදේශ ප්‍රේෂණ:
විදේශගත ශ්‍රමිකයින් රට තුළට එවන විදේශ විනිමය ප්‍රමාණය වර්ධනය කිරීම.
සෘජු විදේශ ආයෝජන (FDI):
විදේශීය සමාගම් හා ආයෝජකයින්ට ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට අවශ්‍ය පසුබිම සකසා දීම.
මෙම ව්‍යුහාත්මක වෙනස්කම් සිදු නොකර රටේ ආර්ථිකය නිසි මාවතකට ගත නොහැකි බව විපක්ෂ නායකවරයාගේ ස්ථාවරයයි.

''වත්මන් රජයටත් ජනාධිපතිවරයාටත් ආර්ථික විද්‍යාව ගැන මූලික අවබෝධයක් නැහැ''
වත්මන් ජනාධිපතිවරයා, මුදල් ඇමතිවරයා සහ රජය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ආර්ථික විද්‍යාව ගැන මූලික අවබෝධයක් හෝ දැනුමක් නොමැති බවත් දවසින් දවස වැරදි ආර්ථික තීන්දු තීරණ ගැනිම නිසා අප රටේ ජනතාවට විශාල හානියක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා ඊයේ එම උත්සවයේදී අවධාරණය කළේය.
මීට වසරකට පෙර ඊශ්‍රායල් ඇමෙරිකානු හා ඉරාන යුද ගැටුම වර්ධනය වූ බවත් මේ කාලයේ දීම මේ නිර්මාණය වන ආර්ථික අභියෝග වෙනුවෙන් සූදානම් විය යුතු වුවත් එවැනි සූදානමක් නොවු බවත් එදා මේ වෙනුවෙන් සූදානම් වූවා නම් අද වන විට රුපියල ශීඝ්‍රගාමී ලෙස පහළ වැටෙන්නේ නැති බවත් දැන්වත් මේ රුපියල පහළ වැටීම තුළ වුවත් ජනතාව රැකබලා ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වගබලා ගත යුතු බවත් ජනතාවට ලබා දෙන සහන කප්පාදු නොකර තවදුරටත් ජනතාවට ශක්තියත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ජනතාවට දෙන සහනාධාර වැඩි කළ යුතුයි
ජනතාවට ලබා දෙන සහනාධාර වැඩි කළ යුතු බවත් මේ වන විට බඩුමිල වැඩි නිසා ජනතාවගේ පීඩනය අසහනය වර්ධනය වන බවත් මේ මොහොත වන විට ජනතාවට මුහුණ දිය නොහැකි ජිවත් වීමේ ගැටලුවකට මුහුණ දෙන බවත් දූදරුවන්ට හොඳ ආහාර පාන ලබා දී සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ලබා දීමට පවා නොහැකි වීමම බරපතල ගැටලුවක් හා අභියෝගයක් බවත් වත්මන් රජය මේ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනිමට සහ කළමනාකරණයට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.




