එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැයි 12 වැනි දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධුරය භාරගත්තේ ය. වත්මන් මුදල් අමාත්‍යවරයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ ය.


මේ වන විට ඔහුගේම කැබිනට් මණ්ඩලයේ නවක අමාත්‍යවරයෙකු මෙන්ම මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද වන ධම්මික පෙරේරා ඔහුට මුදල් අමාත්‍යධුරයෙන් ඉවත් වන ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ආර්ථික අර්බුදය විසඳීමේ මඟ ගැන ප්‍රසිද්ධ විවාදයකට ද ධමිමික පෙරේරා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඊයේ ප්‍රසිද්ධියේ අභියෝග කරනු ලැබීය.


මින් හැඟවෙන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරය භාරගෙන මාස දෙකක් ගතවීමටත් පෙර ආණ්ඩුව තුළ නව අර්බුදයක් හටගෙන ඇතිබව ද? නැතහොත් මෙය තවත් දේශපාලන නාටකයක් ද? සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මේ කාරණා සැක මතුකරමින් සිටිති.



රනිල්ට වැඩපිළිවෙලක් නැහැ !



අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ මතුව ඇති ආර්ථික අර්බුදයට පිළියම් යෙදීමට අසමත්ව ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ඊයේ (ජූලි 06) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේ ය.


රටේ මතුව ඇති සියලු ආර්ථික ගැටළු ඩොලර් අර්බුදය හා බැඳී ඇති බවත්, එම ඩොලර් අර්බුදය විසඳීමට මුදල් අමාත්‍යවරයා සතුව සාර්ථක වැඩපිළිවෙලක් නැති බවත් ඔහු කියා සිටියේ ය.

රට තුළට ඩොලර් ගලනය සඳහා වැඩපිළිවෙලක් යොදනු වෙනුවට හිතමිතුරන්ගෙන් මුදල් ණයට ගැනීමේ ප්‍රතිපත්තියක් ඔහු අනුගමනය කරමින් සිටින බවට ධම්මික පෙරේරා ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ තරම් ඉහළ මට්ටමක කිසි දිනෙක නොතිබූ බව පැවසූ ඔහු, උද්ධමනය අඩු කරන බව පවසන මුදල් අමාත්‍යවරයාට උද්ධමනය අඩු කිරීමේ වැඩපිළිවෙළක් හෝ නොමැති බව ඔහු කියා සිටියේ ය.

පොලී අනුපාත ඉහළ ගොස් තිබීම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සහ අනෙකුත් කර්මාන්තවල පැවැත්මට අහිතකර ලෙස බලපා ඇති බව පෙන්වා දෙන ධම්මික පෙරේරා, මුදල් අමාත්‍යවරයාට පොලී අනුපාත අඩු කිරීමට හෝ කිසිදු සැලසුමක් නැති බව ද චෝදනා කළේ ය.

ඩොලර් ඉපැයීම්, ණය ගැනීම්, පවතින ණය මාර්ග පහසුකම් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගැනීමේ ණය පහසුකම් සම්බන්ධ සියලු කාරණා ප්‍රමාද කරන මුදල් අමාත්‍යවරයා, ජාත්‍යන්තර මාධ්‍ය හමුවට ගොස් මෙම කාලසීමාව තුළ සංචාරකයන්ට රටට නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදීමෙන් සංචාරක කර්මාන්තය ඔස්සේ ලැබීමට ඇති ආදායම් ද බිඳවට්ටවා ඇතැ යි යන්න ඔහුගේ තවත් චෝදනාවකි.

ශ්‍රී ලංකා මහ බැංකුව විදෙස්ගත ලාංකිකයන්ගේ ප්‍රේෂණවලින් අමතර ආදායමක් ලබා ගැනීමට සැලසුම් සකස්කර ඇතිමුත් මුදල් අමාත්‍යවරයා නිවේදනය කරන්නේ ඇමරිකානු ඩොලරය රු. 450 දක්වා ඉහළ යාමේ අවදානමක් ඇතැ යි යන්න බවත්, මෙවන් ප්‍රකාශ ඔස්සේ විදේශ ප්‍රේෂණ රට තුළට ගලාඒම පවා නතරවිය හැකි බවත් අමාත්‍ය පෙරේරා අවධාරණය කළේ ය.



''මමත් අරගලයේ සපෝට් එකට එළියට බහිනවා''



RANL GO 2022.07.07

"තවදුරටත් නිහඬව ඉන්න බෑ. මෙතනින් එහාට මමත් අරගලයේ සපෝට් එකට එළියට බහිනවා," - ධම්මික පෙරේරා



"තවදුරටත් නිහඬව ඉන්න බෑ. මෙතනින් එහාට මමත් අරගලයේ සපෝට් එකට එළියට බහිනවා," නව අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.

අගමැතිවරයා රටට ඩොලර් ගෙනඑන මාර්ග අහුරාගෙන සිටින බවට චෝදනා කළ ඔහු, එවැනි ක්‍රියා සිදුකිරීමට තමා මින් මතු ඉඩ නොතබන බවට පැවසීය.

"කිසිදු කොළ කැබැල්ලක් අතේ නොමැතිව අගමැතිවරයා හෝ ඔහුගේ ආර්ථික විශේෂඥයන් 10ක් සමග වුව ද සංවාදයකට" තමා සූදානම් බව ද ඔහු කියා සිටියි.

රට තුළ මතුව ඇති අර්බුදය පිළිබඳව මුදල් අමාත්‍යවරයා දෙසතියක් තුළ ලබාදුන් යාවත්කාලීනය, ධනවත් පුද්ගලයන්ට තම මුදල් ද සමග රටින් පිටව යන්නැ යි කරන ඉඟියක් බවත්, මෙමඟින් ඩොලර් අර්බුදය ඉහළම හිනිපෙත්තට යා හැකි බවත් ඔහු චෝදනා කරයි.

කුප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරරේරා, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමෙන් ඇතිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්කෙරුණු අතර ජනපතිවරයා ඔහුට ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් පිරිනැමිණි.

කෙසේවුවද තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීමටත් අමාත්‍ය ධුරයක් ලබාදීමටත් කටයුතු කලේ බැසිල් රාජපක්ෂ බව ධම්මික පෙරේරා පසුගියදා රුපවාහිනී සංවාදයකදී ප්‍රකාශකර සිටියේය.



ධම්මික පෙරේරා පරල වුනේ ඇයි ?



දේශපාලනයට නවකයකු වූ ව්‍යාපාරික ධම්මික පෙරේරා අමාත්‍යවරයා මෙසේ අගමැති රනිල් වික්‍රමසිංහට අභියෝග කිරීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විවිධාකාරයේ මත පලවෙමින් තිබේ. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ද ඊයේ දිනයේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුලදී කතාබහ කර තිබිණ.


''අගමැති එලවන එක දේශපාලනඥයින්ට කරගන්න කියලා තමන් බාරගත්ත වගකීම ඉටු කරනවා නම් තමයි වඩා හොඳ'' යයි පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් වහා ප්‍රතිචාර දක්වා තිබිණ.


මෙහිදී ඇතම් මැති ඇමතිවරුන්  පවසා ඇත්තේ, අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය කැබිනට් මණ්ඩලයට කැසිනෝ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රීකාවක් සම්බන්ධයෙන් කැසිනෝ ව්‍යාපාරිකයකුවන ධම්මික පෙරේරා කෝපයට පත්ව සිටින බවකි.



WhatsApp Image 2022 07 07 at 8.29.10 AM
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පොස්ටුවකි.



අණ පනත් පැවතියද දෙස් විදෙස් ප්‍රබල ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන යනු ලබන මෙරට පිහිටි කැසිනෝ ව්‍යාපාරවලින් දොළොස් වසරක කාලයක් තිස්සේ නිසි පරිදි විධිමත් බදු අයකර ගැනීමක් සිදුව නොමැති බව පෙරේදා (04 වැනිදා) පැවති කැබිනට් රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබේ. මෙම කැබිනට් රැස්වීමට ධම්මික පෙරේරා සහභාගී වී නොතිබිණ.

මෙරට තුළ ක්‍රියාත්මක කැසිනෝ ව්‍යාපාරවලින් විධිමත් අයුරින් බදු අයකර ගැනීමට අපහසු වී තිබෙන බවද අගමැති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබේ.

මේ අනුව 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන පනත යටතේ වන නියෝග නිකුත් කිරීමටත් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒම සඳහාත් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ  ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.



නොදැනුවත්කමද ? උද්දච්චකම ද ?


තම ධන බලය හරහා ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලනඥයින් මෙහෙයවමින් සිටින ධම්මික පෙරේරා, සිය සමාගම් සමුහයේ දැන්වීම් හරහා මෙරට බහුතරයක් මාධ්‍ය සිය අනසක යටතේ පවත්වාගෙන යනු ලබයි.



කෙසේවුවද ධම්මික පෙරේරා අමාත්‍යවරයා ඊයේ මෙලෙස හැසිරුනේ කැබිනට් සම්ප්‍රදායන් පිළිබඳව ඔහුගේ නොදැනුවත්කම නිසා වියහැකි යයි ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසති.

ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසන්නේ ධම්මික පෙරේරා අමාත්‍යවරයා මේ දක්වා කිසිඳු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවූ අයකුබවයි. එසේම ඔහු මෙතෙක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකට හෝ සහභාගී වී නොමැත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයේන් ඉවත් විය යුතු බවට ප්‍රකාශ කරමින් ඔහු සඳහන් කල එක කරුණුක් ඔහුගේ නොදැනුවත් බව පෙන්වන උදාහරණයකි.

එහිදී ධම්මික පෙරේරා අමාත්‍යවරයා කියාසිටියේ ඩොලර් ගෙන එන ව්‍යාපෘති අග්‍රාමාත්‍යවරයා විසින් මුදල් අමාත්‍යාංශය තුල සිරකරගෙන ඇතිබවයි. ඊට උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේ (Golden paradise visa program) ව්‍යාපෘතියයි.



Golden paradise visa program

Screenshot 2022 07 07 at 10.10.55 AM


කෙසේ වුවත් මෙම වැඩසටහන පිළිබඳ සොයා බැලිම දි වාර්තා වුනේ 2022 මාර්තු 25 වනදා "දිර්ඝ කාලින විසා නිකුත් කිරිමේ ක්‍රියාවලියට අදාළ ක්‍රමවේදය "යන මැයන් ආරක්‍ෂක ආමත්‍ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කල යොජනාවෙන් පැරඩයිස් විසා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා අනුමැතිය ඉල්ලා ඇති බවයි.

එම කැබිනට් පත්‍රිකාව ට 2022 අප්‍රෙල් 25 වන දින එවකට මුදල් අමාත්‍ය අලි සබ්‍රරි විසින්  නිරික්ෂණ ලබා දි ඇති බවත් වාර්තා වේ.

"මෙරටට පැමිණින සංචාරකයින්ට වර්ෂයක කාලය සදහා එකවර විසා නිකුත් කිරීම හා "විද්‍යුත් සංචරණ අනුමැතිය (ETA) ඔස්සේ පැමිණෙන සංචාරකයන් සදහා දින 180 දක්වා එකවර සංචාරක විසා ලාබා දිමේ වැඩසටහන සදහා 2022 ජුනි 29 දින අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් මණ්ඩල පත්‍රිකා දෙක 2022 ජුලි 04 දින මුදල් අමාත්‍යාංශයට ලැබි ඇත.

සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට න්‍යාය පත්‍රය ට ඇතුල් වු පසු නිරික්ෂණ සදහා අමාත්‍ය මණ්ඩල ලේකම් වෙත ඉදිරිපත් කලයුතු ය.

මේ වන විට මුදල් අමාත්‍යාංශය අදාල නිරික්ෂණ සකස් කරමින් සිටින අතර 2022 ජුලි 11 පැවත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්විමේ න්‍යාය පත්‍රයට එම සංදේශ දෙක ඇතුළත් වුවොත් මුදල් අමාත්‍යවරයාගේ නිරික්ෂණ අමාත්‍ය මණ්ඩල ලේකම් වෙත යොමු කරනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

කෙසේවුවද ඇතැම් සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ ධම්මික පෙරේරා මේවනවිට බැසිල් රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතියේ ප්‍රකාශකයකු ලෙස කටයුතු කරන බවයි. ධම්මික පෙරේරා අගමැති කරන බවට බැසිල් රාජපක්ෂ විසින් ලබාදී ඇතැයි කියන පොරොන්දුව ඊට හේතුවී ඇතැයි පැවසේ.


Shiral12


සබැඳි පුවත් :

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්