මීළඟ විධායක ජනාධිපති වීම සඳහා ඩලස් දහම් අලහප්පෙරුමට සහාය දීමට තීරණය කිරීම දෙමළ ජාතික සන්ධානයේ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් අතර කෝපාවිෂ්ට බෙදීම් ඇතිවීමට හේතු වී තිබේ.


කිසිදු කොන්දේසි ඉදිරිපත් කිරීමකින් තොරව TNA මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමේන්තුවේදී ඡන්ද ප්‍රකාෂ කිරීම සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දුව හෙලා දැකීමට ලක්වී ඇත්තේ පිළිකුල් සහගත සහ ප්‍රතිපත්ති විරහිත එකක් ලෙසිනි.

රනිල් වික්‍රමසිංහ සහ ඩලස් අලහප්පෙරුම දෙදෙනාම වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කිරීම මගින් පොදුජන එක්සත් පෙරමුණද ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බෙදී වෙන්ව සිටින බව මේ වනවිට ප්‍රදර්ශනය කර ඇත.

දෙමළ ජාතික සන්ධාන (TNA) නායක ආර් සම්බන්ධන්ගේ කොළඹ නිවසේ දී පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂක ඩලස් අලහප්පෙරුම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහාචාර්ය ජී ඇල් පීරිස් සහ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සමග ජුලි 19 අඟහැරුවාදා පැවති ඉහල පෙලේ සාකච්ඡාවකින් අනතුරුව එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ සන්ධානයේ සියලුම පක්ෂ ඩලස් අලහප්පෙරුම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කළ බවයි.

ඊට හේතු ඔහු පැහැදිලි කළේ නැත. හේතු නොදක්වා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය දීමට TNA පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ගන්නා ලද තීන්දුව අත්තනෝමතික එකක් ලෙසින් ඉහළම පක්ෂ ක්‍රියාධාරීන්ගේ දැඩි විරෝධයට ලක්වී ඇත.

294475667 2002221486632666 8846193175931622884 n

 TNA මන්ත්‍රීවරුන් දස දෙනාම විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි ජාතිවාදීන් සමග හවුල්වුවන් ලෙස ඉතිහාසයට එක්වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක රඝු බාලචන්ද්‍රන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.


ශානක්‍යන් රාසපුත්‍රම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කණ්ඩායමේ තීන්දුව යුක්ති සහගත කර තිබුනේ 'හැමදාමත් කළ ලෙසින් ශ්‍රී ලංකාවේ ජනතාව සමග එකට සිට ගැනීමක්' ලෙසිනි.

කෙසේ වෙතත් එය සැමදාම දෙමළ ජනතාව රවටන සිංහල බහුතරය සනසන්නට ගන්නා ලද තවත් පියවරක් ලෙසින් මාධ්‍ය ප්‍රකාශක විසින් හෙලා දැක තිබුණි.

"මෙන්න ජී ඇල් පීරිස් ගැලවුම් කාරයා ඇවිත්. එයා රනිල් වික්‍රමසිංහ අගමැති කාලයේ සාම සාකච්ඡා වලට නායකත්වය දීලා LTTE එකට ලැබුණු දෙයක් නැහැ. මහින්ද රාජපක්ෂගේ පළමු පාලන කාලයේ TNA එක්ක පටන්ගත්තු සාකච්ඡා අතහැර දාලා මුකුත් ලැබුනේ නැහැ. දැන් ආයෙත් පොරොන්දු අරගෙන ආවාදැ," යි රඝු බාලචන්ද්‍රන් ට්විටර් මගින් ශානක්‍යන් රාසපුත්‍රම් ගෙන් විමසා තිබුණි.



තමන් මෙතෙක් ප්‍රතිපත්ති ගරුක බවට විශ්වාස කළ TNA නායකත්වය 'චෞරයන් සමග එක පෙලට සිටගනු දැකීම' පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙසින් හැඳින්වූ බාලචන්ද්‍රන් තම විරුද්ධවාදී දෙමළ පක්ෂයක් විසින් ගන්නා ලද තීන්දුව ප්‍රශංසාවට ලක් කර තිබුණි.


TNPF වර්ජනය :



"ඉදිරි ජනාධිපති වරණයේදී කිසිදු අපේක්ෂකයකුට සහාය නොදෙන බවට මේ වනතුරු පැහැදිලිව ලිඛිතව දැනුම් දී ඇත්තේ දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) පමණයි," යනුවෙන් රඝු බාලචන්ද්‍රන් වැඩිදුරටත් ට්විටර් මගින් ප්‍රකාශ කර ඇත.

මීළඟ ජනාධිපති වීමට අපේක්ෂා කරන මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව ඒ කිසිවකුටත් සහාය නොදීමට TNPF තීන්දු කර තිබුණි.



"ජනාධිපති අපේක්ෂකයන් ලෙසින් පෙරට පැමිණ අප සමග සාකච්ඡා කළ හැම කෙනකුම දශක ගණනාවක් දිග්ගැසී ඇති දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීමට මැලිකමක් දක්වන බව පෙනී යයි. එමනිසා කිසිදු අපේක්ෂකයකුට සහාය නොදීමට TNPF මධ්‍යම කාරක සභාව තීරණය කළේය," යි එම පක්ෂයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.


කෙසේවෙතත්, මනෝ ගනේෂන් ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ හා රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ද ඩලස් අලහප්පෙරුම ජනාධිපති කිරීමට ඡන්දය පාවිච්චි කරන බව ප්‍රකාශ කර තිබූ අතර ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොන්ඩමන් ප්‍රකාශ කාර තිබුනේ තම සහාය ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහට බවයි.


Screenshot 2022 07 20 at 7.15.45 AM

දෙමළ සිවිල් සමාජ කොන්දේසි :



තරග වදින කවර ජනාධිපති අපේක්ෂකයකුට හෝ සහාය ලබා දීමට නම් ඔහුගෙන් පහත දැක්වෙන ඉල්ලීම් වලට ලිඛිතව එකඟතාව ලබා ගත යුතු බවට දෙමළ සිවිල් සමාජ සංවිධානයක් වන සමාජ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය දෙමළ මන්ත්‍රීවරුන්ට යෝජනා කර තිබුණි.


01. සියලුම දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුයි. මේ සමඟ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය.

02. අතුරුදහන් වූවන්ගේ නඩු සංක්‍රාන්ති යුක්ති ධර්මයට අනුව විසඳිය යුතුයි. මේ සඳහා කාලසටහනක් සකස් කළ යුතුය. යුද්ධයෙන් විපතට පත් ජනතාවට (විශේෂයෙන් විශේෂ අවශ්‍යතා ඇති අයට, වැන්දඹුවන්ට) ප්‍රමාණවත් වන්දියක් ලබාදිය යුතුයි.

03. උතුරු නැගෙනහිර හමුදාව වාඩිලා සිටින  සියලුම පෞද්ගලික ඉඩම් නිදහස් කළ යුතුය.

04. 2009 න් පසු දෙමළ ප්‍රදේශවල  නිර්මාණය කරන ලද සියලුම සිංහල ජනාවාස ඉවත් කළ යුතුය.

05. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව , මහවලි සංවර්ධන අධිකාරිය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, දෙමළ ඉඩම් ආක්‍රමණය කිරීම වහාම නතර කළ යුතුය.

06 දෙමළ ජනතාව වෙනුවෙන් ආර්ථික සභාවක් ඇතිකර දෙමළ ජනතාව ගොඩගැනීමට පියවර ගත යුතුය.


මේ කිසිදු යෝජනාවක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය හෝ දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ හෝ ඩලස් දහම් අලහප්පෙරුම සමග එකඟතාවකට පැමිණි වගක් දැනගන්නට නැත.



සබැඳි පුවත් :
දෙමළ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය කොයි ජනපති අපේක්ෂකයාට ද?

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්