හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් 

'ලංකාදීපය'ට පවසා ඇත.


ශ්‍රී ලාංකික පුරවැසියකු හේතුවෙන් ඔහුට මෙරටට පැමිණීමට අයිතියක් සහ හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කරයි.

එසේම, ඔහු මෙරටට පැමිණෙනු ඇතැයිද කාරියවසම් විශ්වාසය පළ කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය කිරීමට කැමතිනම් පිළිගැනීමට සූදානම් බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා මේබව කියා සිටියේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 'වෝල් ස්ට්‍රීට් ජර්නල්' පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී කර තිබු ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

ගෝඨාභය රාජපක්ෂ මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණියහොත් නැවත දේශපාලන නොසන්සුන්තාවයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පෙන්වා දී ඇත.


'74 වසරක වැරදිවලට ප්‍රතිවිපාක විඳින්න වුණේ ගෝඨාභයට'– කැප්පිටියාගොඩ සිරිවිමල


Kapatiya
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස හිමිවරුන් කිහිපදෙනෙකු සංවිධාන කිහිපයක්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසිභාවය අහිමි කරගත්තේ මේ රටට සේවය කිරීමේ අවංක උවමනාවෙන් බව ගැටඹේ රාජතපෝවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල හිමියෝ පවසති.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරක්ෂිත කරලීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කරමින් උන් වහන්සේ මේ බව පවසා තිබේ.



74 වසරක් සියලු දේශපාලනඥයින් සිදුකළ වැරදිවල ප්‍රතිවිපාක විඳින්නට සිදුව ඇත්තේ සිංහල බෞද්ධයින්ගේ අතිමහත් ජනවරමක් ලබා ජනාධිපති ධූරයට පත් ගෝඨාභය රාජපක්ෂට බව ද එහිමියෝ පෙන්වා දෙති.


හිටපු ජනාධිපතිවරයාට 69 ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරලීමට කොවිඩ් වසංගත තත්ත්වය එරෙහි වූවත් මේ රටේ තිස් වසරක ශාප ලත් යුද්ධය අවසන් කිරීමට නායකත්වය ලබා දුන්නේ ද ඔහු බවත් සිරිවිමල හිමි ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිවරයා රටෙන් පිටව සිටිය යුතු නැති බවත් ඔහු අපට රටක් උරුම කරදුන් ගෞරවණීය පුරවැසියෙකු බවත් උන් වහන්සේ සිය ලිපිය මගින් වැඩි දුරටත් අවධාරණය කරති.

 

janadipathi 2 001janadipathi 002 1

(මුලාශ්‍රය -lankadeepa.lk)


සබැඳි පුවත් :
'ගෝඨා දැන්ම එන එක හොඳ මදි' - ජනාධිපති

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්