'ගෝඨා ගෝ ගම' විරෝධතා භුමියේ විරෝධතාකරුවන් විසින් ආරම්භකර තිබු තාවකාලික පුස්තකාලය පවත්වාගෙන ගිය කණ්ඩායමේ සාමාජිකයකු වූ අම්බලන්ගොඩ පදිංචි වීරසූරිය ආරච්ච්ගේ සසිඳු සහන් තාරක කොළඹ

අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, විරෝධතාකරුවන් සමග අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් කඩා පැනීමේ චෝදනාව මතයි. ඔහුව අද (09) අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

'ගෝඨාගෝගම' ජනතා පුස්තකාල කණ්ඩායම මේවනවිට එම පුස්තකාලය ගාලුමුවදොර භූමියෙන් ඉවත්කරගෙන ඇති අතර  'ගෝඨාගෝගම' ජනතා පුස්තකාලය 'අරගලයේ ජනතා පුස්තකාලය' ලෙස නම් කර ඇත.


JDS sasaidu 2022.07.09


අරගල භුමියේ ඇතිවූ අභ්‍යන්තර ගැටුමකදී එක් පාර්ශවයක් විසින් මෙම තරුණයාට අමානුෂික ලෙස පහරදී තිබු අතර ඔහුට රෝහල්ගත ප්‍රතිකාර ලැබීමටද එක් අවස්ථාවක දී සිදුවිය.


WhatsApp Image 2022 08 09 at 8.56.31 AM

''පොඩි වුණාට උඹ මාර ගටක් තියෙන කොල්ලෙක් ''



සසිඳු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බලවත් විරෝධයක් එල්ලවෙමින් තිබේ. එසේම ඔහු සම්බන්ධයෙන් අරගල භුමියේ සිටි පිරිස් විවිධාකාරයේ සටහන් සිය ෆේස්බුක් පිටුවප පළකර ඇත.

මෙහි පහත පලවන්නේ Panchamee Hewavissenti සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනකි.


'අක්කෙ මට කෝල් එකක් දෙන්න' ඊයේ මට සසිඳුගෙන් message එකක් ඇවිත් තිබුණා..මට දුකයි කොල්ලො උඹට call එකක් දෙන්න තරම්වත් වෙලාවක් තිබුණෙ නෑ මට..උඹට කෝල් එකක් ගන්න කියලා මේ ආවෙ...ඒ ආවම මේ නිවුස් එක දැක්කේ...මං ලංකාවෙ හිටියා නම් මම ඔතනට එනවා..ඒත් එන්න පුළුවන් දුරකයැ මම ඉන්නෙ...

උඹ මාර ගටක් තියෙන කොල්ලෙක් පොඩි වුණාට...උඹට ඒ දවස්වල මම ගෝටාගෝගම පුස්තකාලයාදිපති කියලා කිව්වෙ දිවා රෑ නොබලා උඹ ඒක වෙනුවෙන් කරපු කැපවීමට...මාරි බිස්කට් එකක් හම්බ වුණත් දුවගෙන ඇවිල්ලා 'අක්කෙ ආ' කියලා දුන්නා...ඒ ළෙංගතුකම ජීවිතේට අමතක කරන්න බෑ..

ඔය පොලීසියටම තව ටික දවසකින් මටත් එන්න කියයි..මොකද ඔය ලයිබ්‍රියෙ tent එක ගහන්න වැඩේ මම කරපු නිසා..ඒක මම බය නැතුව කියනවා...අපි නරක වැඩක් කළේ නෑ..කළ හොඳ මෙහෙම පස්සෙන් එනවා නම් ඒවට අපි සැලෙන්නෙ නෑ...

ගෝටාගෝගම library එක තිබුණ ටෙන්ට් එක තෙමෙනවා කියලා සසිඳු facebook එකේ post එකක් දාලා ඒකට උදව් ඉල්ලලා තිබුණා..පොත් ටික බේර ගන්න පොඩි එකාගෙ තිබුණ උනන්දුව හින්දම library එකට අලුත් ටෙන්ට් එකක් ගහන වැඩේට මම බැස්සේ..එතනින් පස්සෙ තමයි මේ පොඩි එකාව මම හොඳටම අඳුන ගත්තේ..අලුත් පරම්පරාවෙ මේ වගේ එවුනුත් ඉන්නවා කියලා දැනගත්තෙ මං සසිඳුගෙන්..

සසිඳුවා උඹ එළියට ආපු ගමන් උඹ මට ගන්න කියපු කෝල් එක ගන්නවා...

ගෝටාගෝගම ලයිබ්‍රියෙ ටෙන්ට් එක ගහන්න කියලා මම සසිඳුට සම්බන්ද කරලා දුන්න construction company එකේ මගේ හිතවතෙකුටත් හෙට පොලිසියට එන්න කියලා...ලංකාවෙ හිටියා නම් මමත් මේ වෙනකොට පොලිසියේ..

WhatsApp Image 2022 08 09 at 8.41.23 AM

පොලිසිය අරගලකරුවන් පසුපස මෙහෙයුමක ද?



Aragala 2022


දේශපාලන අර්බුදය හා දිනපතා සිදුවන ගිනිඅවි භීෂණය මැද පොලිසිය අරගලකරුවන් පසුපස ලුහුබඳිමින් සිටින බවට අරගලයේ ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

ඔවුහු මේ බව කියා සිටියේ අරගලයේ මුල්පෙළ ක්‍රියාකාරීන් ඇතුළු ක්‍රියාකාරීන් ගණනාවක් දිගින් දිගටම පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගත කිරීමේ සිද්ධිවලින් අනතුරුව ය.



අරගලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට


ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන මංගල මද්දුමගේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (අගෝස්තු 8) අත්අඩංගුවට ගනු ලැබුවේය.

පොලිසිය පැවසුවේ අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.

අධිකරණ නියෝග නොතකා පසුගිය මැයි මස 19 වැනිදා කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම හා පොලිසියට සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මෙහෙයුම් මණ්ඩල විධායක කමිටු සාමාජිකයෙකි.

ඒ අනුව වැඩිදුර විමර්ශන සඳහා ඔහු කොටුව පොලිස් ස්ථානය වෙත භාර දීමට නියමිතය.

සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ත්‍රිරෝද රථයකින් පැමිණ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටදී මොහුව පැහැරගත් බවට මුළින් වාර්තා විය.

මංගල මද්දුමගේ ගාලුමුවදොර ජන අරගලයේදීත් ප්‍රමුඛපෙළ ක්‍රියාකාරිකයෙකු ලෙසට කටයුතු කළේය.

 

PHOTO 2022 08 08 14 12 23

අරගලයට සහභාගිවූ පැතුම් කර්නර්, ධනිෂ් අලි, පුෂ්පික ද සිල්වා ඇතුලු ක්‍රියාකාරීන් රැසක් පසුගිය දිනවල අත්අඩංගුවට ගත් අතර ඇතැම් ක්‍රියාකාරීන් මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

පසුගියදා සිදුවූ කලහකාරි සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මෙල් ඊයේ ඇප මත මුදා හැර තිබේ.

ඒ ඔහු ඊයේ (08) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇප 06 ක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

ජනාධිපති මන්දිරයට ඇතුළු වූ 32 දෙදෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.

මේ අතර ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුලු වී එහි දේපළවලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ සී.සී.ටී.වී. දර්ශන මඟින් හඳුනාගත් මෙතෙක් අනන්‍යතාවය අනාවරණය කර ගැනීමට නොහැකි වූ සැකකරුවන් 32 දෙනෙකු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.

ජූලි 9 වන දින ජනාධිපති මන්දිරයට විරෝධතාකරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුලු වී එහි තිබූ දේපළවලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාශය අපරාධ විමර්ශන අංශය විමර්ශන ක්‍රියාත්මක කර ඇත.



'මම අරගලකරුවන් දඩයම්කරන්නෑ' - ජනපති


සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් විශේෂ කාර්යාංශයක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගොස්තු 03දා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

"මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරුවාලන්න උත්සාහ ගන්නවා.

නමුත් එය ඇත්තක් නෙවෙයි. සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයක අගතියක් සිදුවීමට මම ඉඩ දෙන්නේ නෑ. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් මම විශේෂ කාර්යාංශයක් පිහිටුවනවා." ජනාධිපතිවරයා අවධාරණය කළේය.

"සාමකාමී අරගලකරුවෙකුට අසාධාරණයක් සිදු වුණොත් ඒ කාර්යාංශයට දවසේ පැය 24 පුරා ඕනෑම වේලාවක දැනුම් දෙන්න පුළුවන්. එවැනි දැනුම් දීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට විශ්‍රාමික විනිසුරුතුමෙකුගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවනවා. නොදැනීමෙන් හෝ වෙනත් අයගේ බලපෑම් නිසා නීති විරෝධී ක්‍රියාවලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හෝ හවුල් වූ අය ඉන්නවා නම්, ඔවුන් වෙත සානුකම්පිතව ක්‍රියා කිරීමේ සැලැස්මක් සකස් කරනවා." ඔහු පැවසීය.

"නමුත්, චේතනාන්විතව නීතිය උල්ලංඝණය කරමින්, ප්‍රචණ්ඩ හා ත්‍රස්තවාදී ක්‍රියාවන්හී යෙදුණු අයත් ඉන්නවා. ඔවුන්ට එරෙහිව නීත්‍යානූකූල පියවර ගන්නවා. නීතියට පිටින් කටයුතු කරන්නට කිසිවෙකුට මම ඉඩ දෙන්නේ නැහැ. නීතිය ඔබටත්, මටත්, සියලු දෙනාටත් එකයි." ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළේය.

"මැයි 09 වැනිදා සාමකාමී අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයන් සහ අරගලයට මුවා වී ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙනුත් එක ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා."

මේ ක්‍රියාවලියේදී කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොවීමට තමා වග බලා ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්