මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කරනු ලැබීය.
එම අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණයේ පෙනී නොසිටි බැවින් නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 13 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.
2016 පෙබරවාරි 6 වනදා එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් කොළඹ තුන් මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීම තුළින් මාර්ග අවහිර කොට මහජන පීඩාවක් සිදුකළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය විසින් මේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ.
මංමාවත් පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.




