leader s

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ සොහොයුරියව ද අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

වෙත කැඳවා තිබිණ.

ඒ ඊට අදාළ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය.

අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුලංජලී ප්‍රේමදාස මෙසේ පැවසුවාය.

“දැන් ඉන්න ජනාධිපතිතුමාගේ ගෙදර පුච්චපු එක ගැන විමර්ශනයට ප්‍රකාශයක් දෙන්න මම ආවා.”

“මම එතන පැත්තකින් හිටියා. ඉතින් ඒ අයගේ විමර්ශනවලට උදව් කරන්න කියලා මට එන්න කිව්වා. සුහදව එයාලා කතා කළා. ප්‍රකාශය දුන්නා. එතනින් ඉවරයි. කිසි ප්‍රශ්නයක් නෑ.”

“එක එක අරගල තියෙනවා. එක අරගලයක් නෑ. එක එක අයගේ පෞද්ගලික විදියට තමයි අරගල කළේ. අපි ඇත්ත කිව්වාහම කිසි ප්‍රශ්නයක් නෑ. නැවත කැඳවීමක් මම දැනුම්වත්ව නෑ.”

 

888



''අපිට ඕනේ වුණේ නැහැ රනිල්ව ජනාධිපති කරන්න. හැබැයි එහෙම වුණා.” - හිරුණිකා 



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද අද (20) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබු අතර ඇයගෙන් පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ප්‍රකාශය ලබාදීමෙන් පසු පිටතට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙසේ සඳහන් කළාය.

” මට එන්න කියලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගන්න. මගෙන් විශේෂයෙන්ම ඇහුවේ. ඔහු ඔහුගේ කටඋත්තරයේදී මගේ නමත් සඳහන් කරලා තියෙනවා.”

“නිවස ගිනිතියපු අයව තාම පැත්ත පළාතක ගෙන්වලා නෑ. මේ ගේන්නේ අපි වගේ ඊට කලින් ඉඳළම අරගලයේ හිටපු අයව. මම රනිල් මහත්තයාට කියන්නේ ඔය වැරදි තැනට තට්ටු කරන්නේ. ඒ ගිනිතැබීමට සම්බන්ධ පුද්ගලයින් තාමත් එළියේ ඉන්නේ. ඒ ගැන හොයලා බලන්න. අපි තමයි මේ අරගලය කරලා ඔබට ජනග්‍රහණ ලබාදුන්නේ. අපිට ඕනේ වුණේ නැහැ රනිල්ව ජනාධිපති කරන්න. හැබැයි එහෙම වුණා.”

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

  

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්