2022 මැයි මස 31 වන දින පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කරමින් ක්‍රීඩා හා යෞවන

කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා පනත සංශෝධනය කරමින් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.

IMG 9751aae734bb f11e 44e8 871e 21930f3aebe2

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය මාස 2කින් කල් දමන ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මිට ඉහතදී ඉල්ලා තිබිණ.  

 ලෝක පාපන්දු සම්මේලනය විසින් අනුමත කරන ලද නව ව්‍යවස්ථාව අනුව පාපන්දු නිලවරණය පැවැත්විය යුතු හෙයින් එම සාධාරණ කාලය දෙන ලෙස එම ඉල්ලීම මගින් ආයාචනය කර තිබිණ.

ක්‍රීඩා රෙගුලාසි අනුව මැයි මස 31 වැනි දිනට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්විය යුතු බව ක්‍රීඩා අමාත්‍යාංශය පාපන්දු සම්මේලනය ඇතුළු ක්‍රීඩා සංගම් 26කට දැනුම් දී තිබූ අතර, එයට ප්‍රතිචාර වශයෙන් කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලීම එසේ ඉල්ලීම් ඉදිරිපත් වී තිබිණ.

 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පසුගිය වසරේ ජූනි 30 වැනි දින පැවති අතර එහිදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ උපදෙස් වූයේ පාපන්දු නව ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් අනතුරුව මීළඟ නිලවරණය පැවැත්විය යුතු බවයි. එබැවින් මෙවර නිලවරණය නව පාපන්දු ව්‍යවස්ථාව අනුව පැවැත්වීම අනිවාර්ය වන අතර, එසේ නොවුණහොත් අන්තර්ජාතික තහනමකට ලක්වීම වැළැක්විය නොහැකි වේ.

 

ශ්‍රී ලංකා පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු යැයි වසර 2014 වසරේ සිට ලෝක පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති හෙයින් මෙවර අවසන් අවස්ථාව ලෙස සලකා කටයුතු කරනු ඇතැයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හා ආසියානු පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට අවධාරණය කොට ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඉදිරි නිලවරණය නව පාපන්දු ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමෙන් අනතුරුව පැවැත්වීමට හැකි වුවහොත් පත්වන නිලධාරීන්ගේ ධූර කාලය වසර 4ක් දක්වා ක්‍රියාත්මක වේ.

Roshan and FIFA 15Roshan and FIFA 15
අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ (FIFA) හා ආසියානු පාපන්දු සමුළුවේ දූත පිරිසක් පසුගිය දා ලංකාවට පැමිණි අතර ඔවුන් 06 වෙනිදා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සහ මෙරට පාපන්දු පරිපාලනයේ ප්‍රධානීන් සමග මෙරට පාපන්දු ක්‍රීඩාව නංවාලීමට අදාලව දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබිණ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හා නිලවරණය සම්බන්ධයෙන් ද එහිදී එකඟතාවයට පැමිණ තිබේ.

ඒ අනුව අලුත් පාලක මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා වූ නිලවරණය තවත් මාස 2ක් ඇතුලත කැඳවීමට ඇමතිවරයා පොරොන්දු වී ඇත.


සබැඳි පුවත් :
පාපන්දු ප්‍රශ්නය විසඳන්න FIFA ලොක්කෝ එති - නිලවරණය මාස දෙකකින්


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්