1200 x 80 DMirror

දෙමළ දේශපාලන සිරකරුවන් බැලීමට උතුරේ සිට කොළඹට පැමිණි කාන්තාවන්ට ජාතිවාදී ලෙසින්

අතවර කළ බවට බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ.


ටෙලෝ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් වව්නියාවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන්ට 'ආහාසාත්මක, ජාතිවාදී හා ප්‍රචණ්ඩ' ආකාරයෙන් වෙනස්කම් කළ බවයි.

“කාන්තාවන් ඉතා දරුණු ලෙස පරීක්ෂාවට ලක් කරනවා. ඔවුන් අසභ්‍ය වචන භාවිත කරලා තියනවා. සිරගෙදර ඉන්න දේවදාසන් බැලීමට ගිය ඇයගේ දියණිය දැඩි ලෙස පරීක්ෂා කිරීමට විරෝධය පළ කරලා තියනවා. ඒත් නිලධාරීන් එතකොට සිංහලෙන් කියලා තියනවා මේක අපේ සිංහල රට, අපි ඕනේ දෙයක් කරනවා, කියලා.”



බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරීන්ගේ හැසිරීමට දැඩි විරෝධය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති සහ අගමැති දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු මාධ්‍ය හමුවේදී සදහන් කළේය.



වසර ගණනාවක් සිරකොට තබාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් බැලීම සදහා සැප්තැම්බර් 12 වැනිදාට යෙදී තිබු ජාතික සිරකරු දිනය නිමිති කරගෙන උතුරේ සිට ඔවුන්ගේ පවුල් වල ඥාතීන් කොළඹට පැමිණ තිබුනි.

එහිදී කාන්තාවන්ට සිදු වු හිංසනය සම්බන්ධයෙන් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයද දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

''එවැනි දේ සිදු නොවීමට නම් බන්ධනාගාර නිලධාරීන්ට නීතිය පමණක් නොව නිල ඇඳුමට හා අතේ ඇති ආයුධයට එහා ගිය විනය, මානව සබඳතා, මානව ගරුත්වය පිළිබඳව ද පුහුණුවක් ලැබිය යුතුය. වැරදිකරුවන් පුනරුත්ථාපනය සඳහා යැවිය යුතුය,'' යි එම ව්‍යාපාරයේ කැඳවුම්කරු මාරිමුත්තු මාරිමුත්තු සතිවේල් පියතුමා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

හිරගෙදර දී පොදුවේ සිරකාර මනුෂ්‍යයන්ටත්, විශේෂයෙන් මුස්ලිම්වරුන්ටත් කරන අඩන්තේට්ටම් පිළිබදව, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා වසර එක හමාරකට වැඩි කාලයක් සිරකර තැබු තරුණ කවියෙකු වන අහ්නාෆ් ජසීම් ට්ව්ටර් පනිවිඩයක් තබමින් පසුගියදා හෙළි කර තිබුනි.

"රිමාන්ඩ් භාරයට පත් කරන ලද පුද්ගලයකු අධිකරණය හමුවට පමුණුවා ආපසු හිරගෙදරට ගෙන එන විට විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ලැබේ. ඒ තැනැත්තා මුස්ලිම් නම් පරීක්ෂා කරනු ලබන්නේ ඇඳුම් ගලවා නිරුවත් කොට විදුලි බුබුලක් සහිත ඉඳිකටුවක් ගුද මාර්ගය තුලට යැවීමෙනි," යි අහ්නාෆ් ජසීම්ගේ පනිවිඩයේ සදහන්ව තිබේ.

 

 

  

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය